මතක ඇතුව අද රුවල් දමා ගන්න.

8 මැයි

ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි. පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ. නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි. රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන්. බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ. 

සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා. පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා. ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න. ඔබේ වෝල් පේපර් එකට, ෆෝන් එකට යොදා ගන්න. නිතරම ඔබටම ඔබ කියන්න. සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක්‍රමය යොදා ගන්න. මතක ඇතුව අද රුවල් දමා ගන්න.

යටි සිතේ අපූරු චමත්කාරය

7 මැයි

යටි සිතේ අපූරු චමත්කාරය…. ඔබ කළ යුත්තේ යමක් ඉල්ලීමයි. එය ලැබෙන ක්‍රමය ගැන වද වෙන්න ඕනි නැහැ. ඔබේ අසහාය යෝධයා…. ඔබේම කීකරු මෙහෙකරු… ඔබේම යටිසිත ඒ ක්‍රමය හොඳම ක්‍රමය සොයා ගනීවි. ඔබ කළ යුත්තේ උත්සහයෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමයි.

විශ්වාසා පරමා ඥාතී.  විශ්වාසය ඔබේ හොඳම නෑයායි- බුදුන් වහන්සේ
අබ ඇටයක තරම් විශ්වාසය ඔබට ඇත් නම් එය ඔබට ලැබේවි. – බයිබලය මැතිව් 17:20

විශ්වාසයෙන් යහපත් දේ කරන්නාට ඉඳුරාම නව ජීවනයක් ලැබේවි. අල් කුරානය 16 වන පරිජේදය 97 වන පදය

ආදරණීය සුරතලා

7 මැයි

දුකින්ද? විශ්වය ඔබට ලබා දෙන්නේ සතුටයි. දුක එළවන්න. සතුට ළං කරගන්න. ඔබට බෑ කියලා හිතනවා ද? මෙන්න පිළියමක්.ඔබේ සුරතලා ළං කරගෙන අසීමිතව ආදරය දෙන්න. ඌ ගෙන් නැවත ලැබන ආදරය ගැන ඔබ හිතන්නේ නෑ නේද? හුරතලාට ආදරය කරන විට සතුට ඇති වේවි ඔබට. ඔබේ ආදරණීය සහකරුට ත් ආදරය උපරිමව දෙන්න. දෙන ආදරයෙන් විතරක් සතුටු වෙන්න. නැවත ලැබෙන ආදරය ගැන බලාපොරොත්තු නැතුව. sanath gamage thoughts

කාත් කවුරුත් නැති උනාම හොඳක් වෙන්න පුළුවන් ද?

4 මැයි

සෙල්ලම් කරන්න දරුවන් කවුරුත් කැමතියි. තමන්ගෙ හිත ගත් ක්‍රීඩාවක් තියන කොට ඒක සෙල්ලම් කරන්න කොහොම හරි වෙලාවක් හදාගන්නවා. ලොකු උනාම ක්‍රිකට් ගහන්න, ලොව පූජිත ක්‍රිකට් තරුවක් වෙන්න පුංචි දරුවෙක් හීන මවනවා. ඒත් ඈත ගමක ක්‍රිකට් ජනප්‍රිය නැති කාලයක්. එංගලන්ත කණ්ඩායම ඇවිල්ලා සෙල්ලම් කරනවා බලන්න යන්න හීන මැව්වා. හීනෙ ඉටු කරගන්න බැරි උනා කියලා වැඩේ අත හරින්නේ නැතිව ක්‍රිකට් ක්‍රීඩා පිටියේ එලියට වෙලා අහගෙන හිටියා.

තරඟ නීති හරියටම දන්නෙත් නෑ. ඒත් සෙල්ලම් කරන්න උත්සහ කළා. ක්‍රිකට් ගහන්න බැට් එකක් හොයා ගන්න පුළුවන් උනා. ඒත් ගම පුරාම හෙවුවත් ලෙදර් බෝලයක් නෙමෙයි රබර් බෝලයක් වත් හොයා ගන්න බැරි උනා. අන්තිමේදි ලැබුනු ටික් බෝලෙට ස්තුති කරලා ඒක සෙල්ලමට ගන්න හිතුවා.  ක්‍රිකට් ගහන්න ආස හිතුනම හැමෝම යාළුවන්ට අඬ ගහනවා. මේ පුංචි දරුවත් එහෙම කළා. ඒත් කවුරුත් ආවේ නැහැ. සියළුම අභියෝග ආශිර්වාදයක් වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනි. අහන්න මේ ක්‍රිකට් ලොව සුපිරිම තරුව ගැන මේ කතාව.     

Sanath Gamage Story about Sir Donald Bradman. Visit Dinuma Chanel. Sinhala inspirational story. Lessons and Thames  Sports, spirit, Cricket, Determination, Success,  සනත් ගමගේ සනත් සාර්තකත්වය ආලෝකය ජය කතා උත්සහය වීර කතා චරිත කතා

ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස – වෛරය වෙනුවට මෛත්‍රිය

1 මැයි

ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛරකරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්‍රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්‍රාර්ථනා කරන්න. ඔබ වෛරකරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි.

වසර 60 කට කලින් ධනපතීන් භංග වෙවා කියමින් ලක්ෂ ගනන් පෙළපාලි ගිය පක්ෂ වල සාමාජිකත්වය අද බට්ටෙකුට පටවන තරමට අඩු වෙලා. ධනපතීන් වැඩි වෙලා. වැඩ කරන අපි වගේම සොයුරු ජනතාවට සෙත් පතමු. ඔවුන් ශක්තිමත් කරමු. ඔවුන්ට දිරි දෙමු. වෛරය වෙනුවට මෙත් සිත් පතුරුවමු.

ජීවිතය සරු කරන මේ ධර්මතාව හොඳින්ම දැන සිටි කෙනෙක් නම්, තෙරේසා මවු තුමියයි. ඇය සාමය වෙනුවෙන් පෙනී සිටි ලොව දැවැන්තම චරිතයක්. යුධ විරෝදි රැලියක සංවිධායකයන් ඇය හමුවී ඇයගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා තම අරගලය හා එකතු වන්නට.

ඇය ඉතාම කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා. පුදුමයට පත් සංවිධායකයන් ඇයගෙන් කරුණු විමසනවා. “සාමය වෙනුවෙන් තියෙන රැළියකට මම එනවා” ඇය කියනවා. අපේක්ෂාව එකම ප්‍රථිඵළය. වෙනස් ගමන් මගක්. ඔබ නිතරම සිතන කියන දේ ඔබට ලැබෙනවා. මේ රහස ජීවිතයට එකතු කර ගන්න.

sarasith.wordpress.com

Sanath Gamage – Secrets of Powerful Life

ටැග:, , , , , , , , , , , , ,

හිනාව

29 අප්‍රේ

අද හිනාව කිලෝවක් ගෙදර ගෙනියන්න. ඒ කිලෝව හොණ්ඩරයක් වේවි.

ටැග:, , , , ,

අත් නොහරින සිහිනයක් – ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – තුන් වෙනි රහස

22 අප්‍රේ

ලොව පුරාම මිනිසුන්ගේ සිහින අත් හැරීම ගැන කළ පර්යේෂණ වලදී පෙනුනු වැදගත්ම කරුණ නම් මිනිසුන් ඉතාම ඉක්මනින් තම සිහිනය අත් හරින බවයි. ඔබ සිහිනයේ ජීවත් වන විට, සිහිනය දිනා ගත් බවට හැඟෙන මානසිකත්වතෙන්, සතුටින් සිහිනයේ සැරිසරන විට, ආකර්ෂණයේ නීතිය ඔබ වෙත ළඟා කර දෙනවා.

සිතන්න ඔබ අඹ ඇටයක් පැළ කරනවා. වතුර පොහොර දානවා. ඔබ විශ්වාසයෙන් ඒ පැළය රැක බලා ගත්තොත් මාසයකට පසුව අඹ පැළය ඔබට දකින්න පුළුවන්. ඒත් ඔබ අඹ ඇටය හිටවපු දා ඉඳලාම පස් ටික අයින් කර කර අඹ ඇටේ පැළ වෙලාද කියල පස් හාරලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පැළය මැරිලා යනවා.

ගොවි මහතුන් මේ ගැන දන්නවා. ඒක නිසා ඉවසිල්ල පුරුදු කරගෙන ඉන්නවා. මිනිසුන් සිහිනය රැක බලා ගන්නේ ටික කාලයයි. දිනපතා ව්තුර පොහොර දාන්න අමතක කරනවා. ඊට පස්සේ සිහිනය හරි නොගියාම අත් හැරලා දානවා. බැන වදිනවා. ආකර්ෂණයේ නීතිය බොරුවක් කියනවා. තෝමස් අල්වාට දහස් වතාවකටත් වඩා විදුලි බල්බය නිපදවන්න උත්සහ කළා. ඛ්FC පළවෙනි කුකුළු මස් පිඟාන විකුණන්න ගෙවල් 1004 කට යන්න උනා. ඒත් මිනිසුන් 92%ක්ම හතර වතාවකට වඩා උත්සහ කරන්නේ නැ. සිහිනය රැක ගන්න. පරිස්සමින් හැම දාම සාත්තු කරන්න.ඔබ සිහිනය දිනා ගන්නම ඕනිමයි.

Sanath Gamage – alokaya.com

Sanath Gamage

Human Skills Development Specialist

https://www.facebook.com/pages/alokayacom

https://www.facebook.com/SanathGamageOfficial

පියවර හතයි!! මල් හතයි !!!

22 අප්‍රේ

1. වගකීම බාරගන්න

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

4. ජය – ජය ගැන හිතන්න 

5. මුදිතාව වඩන්න 

6. එකමුතුව දිනන්න 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

1. වගකීම බාරගන්න

අනුන්ට දොස් කිවීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම තමන් බාර ගන්නේ නෑ කියන එක. ඔබේ ජීවිතය ජය කණුව වෙත ගෙන යන මුල්ම වැඩපිළිවෙල පටන් ගන්නේ ඔබ ඔබේ ජීවිතයේ වගකීම බාර ගැනීමෙන්. සමාවට කරුණු හොයන කිසිවෙක් තමන්ගේ වගකීම බාර නොගත්ත අයයි. ඔබේ ජීවිතයේ ජය සඳහා බාහිර සාධක වලින් ගැලවීමට කරුණු හොයන්න එපා. ඔබේ උපරිමය වෙත ඔබ ගමන් කරන්න.

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

පරිකල්පනය මිනිසුන්ට ලැබුනු අගනාම තෑග්ගයි. යමක් අරඹන්න පෙර එම වැඩපිළිවෙල මනසින් දකින්න. ඔබ ඉතාම හැඟීමකින් මෙය කළ යුතුයි. ඔබගේ මීළඟ උසස් වීම, විදේශ සංචාරය, ඔබේ වාර්තාවට ලැබෙන ප්‍රථිචාරය මනසින් සිතුවම් කරන්න. අවසාන අවස්තාව සිතුවම් කළාම සෑම් මිසයිලයක් මෙන් එම ඉලක්කය කරා ගමන් කරන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබේ යටිසිත ඉලක්කය හඳුනා ගන්නේ සිතුවම් කළ විට විතරයි. 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

ඔබට ලැබන කාලයත් ඉහළම මට්ටමක ඉන්න කෙනාටත් දෙන්නාටම ලැබෙන්නේ එකම කාලයක්. කාලය මදියි කියලා ලතවෙන එක නවතන්න. කළයුතු කටයුතු පෙළගස්වන්න. මුලින් කළ යුතු දේ මුලින් කරන්න. 

4. ජය – ජය ගැන හිතන්න

ඔබ කරන බොහෝ කතයුතු වලදී තවත් අය සම්බන්ද වෙනවා. හැමවිටම ජය-ජය මුලධර්මය අනුගමනය කරන්න. අනෙත් කෙනාට දිනුමක් නැත්නම් එම පුද්ගලයා වැඩිකළක් ඔබ සමග එකට ගමනක් යන එක නතර කරාවි.

5. මුදිතාව වඩන්න

මුදිතාව එහෙම නැත්නම් සහකම්පනය ජීවිතයට එකතු කර ගන්න. අනෙක් කෙනාගේ දුකේදී ඔහු තේරුම් ගන්න කලින් හොඳින් ඇහුම් කන් දෙන්න. ඔහුගේ දුකේදී පඬි වදන් නොව ඔහුට හඬන්න ඔබේ උරහිස දෙන්න. ඔබේ මතය කියන්න කලින් අන අය වටහා ගන්න. අන් අයට ඇහුම් කන් දෙන්නේ නැතිව තම මතය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ.

6. එකමුතුව දිනන්න

එකම රැහැකින් බැඳී කණ්ඩායම් ගත වෙන්න. ඔබේ පිරිස සමග එකට වැඩකිරීම තනියම වැඩ කරනවාට වඩා ඉහළ ඉලක්කයකට යන්න ශක්තිය ඇතිකරනවා. 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

ඔබේ ඇතුළත ශක්තිය අවුළුවා ගන්න. අළුත් දැනුම නිතිපතා ලබා ගන්න. ඔබ සැමදා කරන කටයුතු වඩා හොඳින් කළ හැකි ආකාරය නිතරම සිතන්න. ඔබේ මනස  ජය ලබාගන්න  නැවත ලියවන වැඩසටහනකට කාලය සොයාගන්න. අළුත් පොතක්, වෙබ් අඩවියක් බලන්න. සබ්ලිමිනල් හඬ් පටයක් අහන්න. ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්න. වාහනයේ දී අළුත් පොතක හඬ පටය  MP3 ගෙන අසන්න.

Seven Good Working Habits by Sanath Gamage

Sanath Gamage
Human Skills Development Specialist
 
sarasith.wordpress.com / alokaya.com

 

ටැග:, , , , , , , , , , , , , , , ,

ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක් 3 – පාට බැලූන්

20 අප්‍රේ

විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.

මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.

sanath gamage – new thoughts ,  සනත් ගමගේ සාරසිත්

ටැග:, , , , , , , , , , , , , , , , , , , , ,

ජීවිතය වෙනස් කරන සිතුවිලි 2: හිතින් ලතැවීම

20 අප්‍රේ

හිතින් කළකිරෙමින් ලතවෙමින් වේදනාවෙන් ඉන්න බොහෝ දෙනා පුරුදු වෙලා. පෝරකේ වගේ ගීත ජනප්‍රියම ගී වෙලා. මේ වේදනාව හිතින් අල්ලගෙන ඉන්න එක කැරකෙන පුටුවක කැරකි කැරකි ඉන්නවා වගේ දෙයක්. යන තැනක් නෑ. හැබැයි කැරකිල්ලයි තෝන්තුවයි එනවා. හිතන්න මුමුණන්න හොඳ ගීයක්, බලන්න ලස්සන චිත්‍රපටයක්, හුරතල් කරන්න පොඩි දරුවෙක්. හිනාව ළං කර ගන්න. ජීවිතයම ආලෝකමත් කර ගන්න.

මගේ ඉදිරියෙන් යන්න එපා. මම ඔබව අනුගමනය නොකරාවි. මගේ පසුපසින් එන්න එපා. මම ඔබට පාර නොපෙන්වාවි. මා අසලින් එන්න. මගේ මිතුරකු වන්න. හැමදාම මේ පැත්තට එන්න. අපි සතුට ඉසුර සාමය ගැන කතා කරමු.

https://www.facebook.com/SanathGamageGuru#!/SanathGamageGuru

https://www.facebook.com/SanathGamageOfficial

 

Sanath Gamage – New Thoughts, Positive Talks,  සනත් ගමගේ ආලෝකය සුභ සිතුවිලි

ටැග:, , , , , , , , , , , , , , , , , , , , , ,

රටා බිඳිමුද? බඳිමුද?

14 අප්‍රේ

අපි මේ පාඩමත් සමගම අද NLP යොදාගෙන ඉසුරු මත් ජීවිතයකට යන ගමනේ ලොකු වෙනසක් ඇති කරගන්නවා. මේ මොහොතේ ඔබේ හැඟීම්, එහෙම නැත්නම් භාවයන් මොනවගේ ද? බලන්න හොඳ රිද්මෙක ගීයක් මුමුණනවාද? එහෙම නැත්නම් සුසුමක් නිකම්ම පිට වෙනවාද? කේන්තියක් එහෙම නැත්නම් කළකිරීමක් තියෙනවාද? ඉසුරුමත් ජීවිතයකට ඔයාට ලොකු සතුටක් ඇති කරගන්න වෙනවා. 

NLPවල මූලිකම හරයත් ඔයාගේ භාවයන්ගේ වෙනස් කමයි. හැඟීම් ඔයාගේ ජයග්‍රහණයට අවශ්‍ය විදිහට සකස් කිරීමයි. පසුගාමි, කළකිරුණු ස්වභාවයෙන් ඉන්න වෙලාවට වඩා සතුටින් පිරිලා ඉතිරිලා ඉන්න වෙලාවට ඔබ ගන්න තීරණ වඩා සාර්ථක හා හොඳ ප්‍රථිපළ ගෙනල්ලා දෙනවා. දිගටම හොඳ තීරණ ගන්න පටන් ගත්තාම ඔයාගේ මුළු ජීවිතයම ප්‍රීතිමත් සුභ එකක් වෙනවා.

 

ඔබේ ජීවිතේ ගැන පොඩි වෙලාවක් අරන් ආපස්සට ගිහින් බලන්න. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මේ ගී පද වගේ දේවල් ඔයාටත් වෙලා ඇති.

“ලොවම එපා වී ලොවම කළකිරී තැවී දැවී ඉන්නා වේලේ
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ”

සමහර වෙලාවට ඔයා කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක හොඳට නටන පුංචි ළමයෙක්, සිනා පිරුණු චිත්‍රපටියක්, රම්බරි වගේ තාලයක ගීයක් ඔබේ යටි හිත ඔයාටම නොදන්වා ඔයාව වෙනස් කරලා ඇති. ඔයා හොඳින් ඉන්න වෙලාවක ඔයාගේ ආදරය කරන කෙනෙකුගෙන් එන SMS එකකින් ඔයාගේ භාවයන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හිතුවොත් මේ ගැන සමහරවිට එක පාරටම හිතේවි මේ කියන්නේ අවධානය බිඳීමක්, බාධාවක් විතරයි මෙතන තියෙන්නේ කියලා. ඇත්තටම ඊට වඩා ගැඹුරට ගිය සිදුවීම් මාලාවක ඇරඹුමක් එතනින් සිතුවෙනවා.

NLP වලදී මේ රටා බිඳීම ගැන වඩා පුළුල් විග්‍රහයක් වෙනවා. යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණඩායමක දැනට පවතින මානසිකව සිදුවන සිතුවිලි, ක්‍රියා සහ භාවයන්ගේ ගලා යාම වෙනස් කරන දෙය රටා බිඳීම ලෙස පුළුල් වශයෙන් කියන්න පුළුවන්. ඔබ සමහර විට කේන්තියෙන් සිටීමට හේතුව ජීවිතයේ වෙන දවසක සිදුවුන ප්‍රේරකයක් එහෙම නැත්නම් චාලක ප්‍රතික්‍රියාවක් නිසා වෙන්න පුළුවන්. මේනිසා ඔයාට දැන් වැටහෙනවා ඔයාගේ මේ රටා බිඳවැටීම් පිටුපස වෙනත් රටා වන් තියෙන්න පුළුවන් කියලා. නැවත නැවත වන මානසික රටාවන් නිසා ඔබට අද අනවශ්‍ය භාවයන් එහෙම නැත්නම් හැඟීම් ස්වභාවයන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මේ නිසා ඔයාට සමහර වෙලාවට ඔයාගේ කේන්තියට, කළකිරීමට, උකටලී හැඟීමට හේතුව හොයා ගන්න බැරිවෙනවා

සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. මේ මනෝ භාව රටා වෙනස් කරන ප්‍රේරක මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම්, අපි සිත තුළ දැන් ඇතිවෙන ප්‍රශ්ණය ප්‍රේරකයක් යොදාගෙන අපේ සිතුවිලි පොඩි උත්තේජනයක් කරලා අපිට අවශ්‍ය කරන මනෝ භාව රටා නිපදවාගෙන හැමදාම සතුටින්, තෘප්තියකින් ඉන්න බැරිද කියන එකයි. ඇත්තටම මෙය කරන්න පුළුවන්.

 

අවුරුදු නැකතට අළුත් සිහිනයක් අල්ලමුද???

12 අප්‍රේ

ඔයාගෙ හිත හොඳටම සතුටින් බලාපොරොත්තු වලින් පිරෙන මොහොතක් තමයි අවුරුදු නැකත. හොඳම වෙලාවක, නැ පිරිවර වටකරන්, කැවිලි පෙවිළි පිරිලා, අළුත් ඇඳුම් ඇඳන් තව මොනාවද ඔබට ඕනැ කරන්නේ අළුත් හීනය නැකතට පටන් ගන්න. අවුරුද්දකට එකම සැරයක් එන හොඳම නැකත. කිරිත් උතුරවලා.

අවුරුදු නැකතට හීන ලියන එක මම පටන් ගත්තේ මීට අවුරුදු තිස් හතරකට කලින්. ඒ ලියපු හුඟාක් හීන ආකර්ෂණයේ නීතිය මගේ ජීවිතයේ ලබා දීලා තියෙනවා. ගිය වසරේ ලියපු හීන හතෙන් පහක්ම ඉටු වෙලා. ඒ හිඳාම මම හිතුවා ඔයාත් එක්ක මේ රහස බෙදා ගන්න. 2013 සිංහල අළුත් අවුරුද්ද ලබන කොට ඔයාට කියන්න පුළුවන් වේවි ඔයා මේ දකින සිහිනය ඇත්තක් කර ගත්ත බව. ඔයාට  සතුටක් දැනේවි ඒ ගැන.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඒ කාලෙ තිබුන එකම විද්යුත් මාධ්‍ය වුන ගුවන් විදුලි වැඩසටහනකින්න්. මම කීප වතාවක්ම මේ ගැන ගුවන් විදුලියේ කියලා හොයන්න උත්සහ කළා ඒ කවුද කියලා. ඒත් හොයා ගන්න බැරි උනා. සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් මම කියවලා තිබුනු නිසා ඒ මූලධර්ම මට මතක තිබුනා. එදාත් මම ඇහුවේ පරණ අවුරුදු දවසේ රැ. අදත් රැ මම මේ ගැන ඔයාට කියනවා.

හොඳයි! අපි වැඩේට බහිමු. තනියම කරන්න. ඔබ අදහන ආගම ඉටු දෙවියන් සිහි කරලා පුන්‍ය කාලයට කලින් කොලේකුයි පෑනකුයි ගන්න. ලබන අවුරුද්ද ඇතුළත ඔයාට ඉටු කර ගන්න ඕනි හීන හතක් ගැන හිතන්න. ඔයාගේ අධ්‍යාපනය, මිළ මුදල් ගැන, රැකියාව ගැන, පවුලේ ගැන තියෙන හීන, ගමන් බිමන්, ඔයා හිතන ජයග්‍රහන ගැන හිතන්න. හැබැයි මේ ඉලක්ක සේරම ඔයාගෙ පාළනයේ තියෙන ඒවා වෙන්න ඕනි.

ඔයාගේ පාළනයෙ නැති දේවල් ඔයාගේ හීන කරගත්තාම ඔයා ආතතියට පත් වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ කැමැත්ත ඔයාට ගන්න එක ඔයාගෙ පාළනයෙන් පිට තියෙන දෙයක්. හැබැයි ඔයාගෙ ආදරය ප්‍රකාෂ කරන එක ඔයාගෙ පාළනයෙ තියෙන දෙයක්. හොඳට ඉගෙන ගන්න එකයි, විභාගෙ හොඳට ලියන එකයි ඔයාගෙ පාළනයෙ තියෙන්නෙ. ඒත් විභාග ප්‍රථිපළ ඔයාගෙ පාළනයෙ නෙමෙයි. ඔයාගේ ආදායම දෙගුන කර ගන්න එක ඔයාගෙ පාළනයෙ තියෙන්නේ.හැබැයි පඩි වැඩිකර ගන්න එක ඔයාගේ පාළනයෙ නෙමෙයි තියෙන්නේ.

දැන් මේ හීන හැබෑ වුන හැඟීමෙන් ඒ විදිහට ලියන්න. අපි උදාහරණ කීපයක් ගනිමු. 2013 සිංහළ අවුරුද්ද දවසෙ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා මම ගත්තු ඉඩමෙ අළුත් පොල් පැල හිටෙවුවා. බලන්න. හීනය ඉඩම ගන්න එක. ඒත් ඒක ලිවුවේ ඒ හීනෙ හැබැ කරගෙන තියෙන විදිහට. හරියට පොල් පැළ හිටුවන එක තමයි ලොකුම ඉලක්කය වගේ. මේ හීන සතුටින් ලියන්න. වාක්‍ය ටික හදා ගෙන තියා ගන්න ලස්සන කොලේකට ගන්න අවුරුදු නැකතට ලියා ගනිමු.

අවුරුදු නැකතට අළුත් පිබිදීමකින් හීන මවන්න ලබන අවුරුද්ද ඔයා හිතන හීනය ඉටු වෙලා තියෙන විදිහ. අපි ඉසුරෙන් පිරුනු ජීවිතයක ලිපි පෙළෙන් ඔයාගෙ හීනය ලියන විදිහ කියලා දෙන්නම්. ඔයාගේ හීන කාටවත් පෙන්වන්නේ නැතුව හංගන්න. ඒ කොලේ ආයෙත් බලන්නේ ලබන අවුරුද්දේ පරණ අවුරුද්ද දවසේ.

ඔයාගේ ඉසුරුමත් ජීවිතයක හීන ඉටු කර ගන්න පුළුවන් ලස්සනම වාසනාවන්තම සිංහළ දෙමළ අළුත් අවුරුද්දකට සුභ පතනවා.

මේ ගැන වැඩිදුරටත් කතා කරපු නාලිකාවෙන් විකාශය වූ 7වෙනි පැය වැඩසටහන මෙතනින් බලන්න පුළුවන්. 

ඉසුරු මත් ජීවිතයක රහස් 1 සහ ඉසුරු මත් ජීවිතයක රහස් 2 ලිපි කියවන්න.

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – දෙවෙනි රහස: Format your Mind with NLP – NLP සමග සිතුවිලි නැවත ලිවීම

12 අප්‍රේ

 

NLP කියන්නේ  Neuro Linguistic Program කියන වචන වලින් හැදුනු කෙටි වචනයකුයි. ඔබේ මොළයේ ඇති ස්නායු නැවත සම්පාදනය කිරීම පිළිබඳව මේ මගින් ඉගෙන ගන්නවා. මිනිසුන් සිතන දේ, දැනෙන දේ සහ ක්‍රියා කරන දේ පිළිබඳව සොයා බලා, ජීවිතය සර්ථක කර ගත් මිනිසුන්ගේ සිතුවිලි ඔබේ කර ගත්තාම, ඒ සර්ථකත්වය ඔබටත් ලබා ගන්න පුළුවන්. ජීවිතය දිනූ මිනිසුන් පිළිබඳව කියවන්න දැනගන්න අපි ආසයි. ඒ වගේම ඒ මිනිසුන් අතරින් සමහරෙක් අපේ වීරයන් වෙනවා. ඒ ජීවිත කතා කියවන විට අපිත් ඒ වගේ වෙන්න ඕනි කියලා හිතනවා.  ඔබේ ගෞරවයට පත් වූ එවැනි වීර චරිතයක් අනුගමනය කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඒ අතරින් NLP මගින් කරන්න පුළුවන් සුවිශේෂම කටයුත්තක් තියෙනවා. ඔබේ ශාරීරික, මානසික වගේම භාවත්මක ශක්තීන්, කුසලතා සහ නිර්මාණශීලීත්වය උද්දීපනය කරන්න පුළුවන් බලවත් තාක්ෂණය සහ ක්‍රම NLP තුළ ගැබ්ව තියෙනවා.

NLP මුළින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය රිචඩ් බැන්ඩ්ලර් සහ ආචාර්ය ජෝන් බ්‍රින්ඩ්ලර් යන දෙදෙනා විසිනුයි. Neuro යන වචනයෙන් කියවෙන පරිදි  තුළින් ඔබේ මනසත්, මොළයත් පිළිබඳව හදාරනවා. Linguistics යන වචනයත් සමගම භාෂාව සහ වෙනත් ශබ්ද මගින් අපේ ජීවිතයේ පළදායීතාව වැඩිකරගන්න මනස වෙනස් කළ හැකි ආකාරය ගැන ඉගෙන ගන්නවා. වචනයෙන් අපේ ජීවිතයේ ඉලක්ක සහ අභිමතාර්තයන් ඉටු කරගන්න මනස ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරවන අයුරු ගැන ඉගෙන ගන්නවා. මේ ලිපිය මගින් අපි කතා කරන රහස අපි කොටස් දහයකින් ක්‍රම වේද දහයකින් ඉදිරිපත් කරනවා. අපි එක එක වෙන වෙනම රහසක් විදිහට එකතු කර ගනිමු.

NLP මගින් ඇන්කරින් (anchoring)  ක්‍රමය තුළින් විවිද අවස්තාවන් වලදී ඔබ දැනට පුරුදු වී සිටින හැඟීම් සහ භාවයන් වෙනස් කර වෙනස් ප්‍රතිඵළ ලබා ගත හැකි ආකාරය මගින් ඔබේ ජීවන ක්‍රමය වෙනස් කර ගන්න ඔබට පුළුවන්. NLP ඔබේ දැනට ඇති විශ්වාසයන් පිළිබඳව සොයා බලා ඒවා වෙනස් කරන්න උදවු වෙනවා. NLP අභාස ක්‍රම සමස්තයක් වශයෙන් ඔබ පිළිබඳව ඔබට ඇති හැඟීම වෙනස් කරන්න උදවු වෙනවා.

ටැග:, , , , , , , , , , , , , , , , ,

සුපිරි මතකය වැඩසටහන

7 අප්‍රේ

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – පළවෙනි රහස: සිත කුල්මත් කරවන හැඟීම

5 අප්‍රේ

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – පළවෙනි රහස: සිත කුල්මත් කරවන හැඟීම.

ජීවිතයට ආලෝකයක් – පුංචි පාඩම්

5 අප්‍රේ

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – පළවෙනි රහස: සිත කුල්මත් කරවන හැඟීම

5 අප්‍රේ

ආදරයක් ජීවිතයට ලැබුනු පළමු දවසේ ඔබේ සිතට දැනුනු කුල්මත් හැඟීම ඔබට මතකද? ඔබට වෙන කිසීම දෙයක් හිතට නොනැගෙන තරමටම ඒ සිතුවිල්ල ඔබේ සිත වෙලා ගෙන තිබුනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ කියලා ඔබට දැනෙන්න ඇති. අද දවසේ ඉසුරුමත් ජීවිතයක් පිළිබඳ හැඟීම ඔබේ සිතට දැනුනාම, ආදරය දැනුනු තරමටම ඔබේ සිත පිබිදෙනවාද? පිළිතුර ඔවු නම් ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්. හැබැයි ඔබට ඒ පිළිබඳ උත්තරය ඒ තරමටම ශක්තිමත් නැත්නම් අපි තත්වය අදම වෙනස් කරගනිමු. ඔබට ජීවිතය ඉසුරුමත් කරන්න තියෙන ඕනෑකම නිකම්ම පැතුමකින් ඔබ්බට ගිය ලොකු desire එකක් වෙන්න ඕනි. desire කියන්නේ මොකක්ද කියලා මධුර ශබ්ද කෝෂය කියන්නේ මෙහෙමයි. අටිය, අපේක්ෂාව, අභිප්‍රාය, අභිරුචිය, අභිලාෂය, මනදොළ. මේ මොන නමකින් හැඳින්වුවත්, නිකම්ම සිහිනයක්, පැතුමක් විතරකින් එහාට ගිය දැඩි ඕනෑ කමක් සහිත හැඟීමක් කියන එක හොඳටම පැහැදිලියි. සිහිනයක් විතරක් තියෙන අය සිහිනෙත් එක්ක ජීවිත් වෙලා සිහින බිඳ වැටෙන බව කියනවා. ඒත් ආකර්ෂණ නීතිය ජය ගන්න ඔබට ලොකු ඕනෑ කමක් තියෙන්න ඕනි.

මේ ඕනෑ කම කොයි තරම් වෙන්න ඕනද කියලා තේරුම් ගන්න පුළුවන් ලස්සන කතාවක් තියෙනවා. දවසක් තරුණයෙක් සොක්‍රටිස් මුන ගැහෙන්න ගියා ප්‍රශ්නයක් විසඳා ගන්න. ඔහුගේ ප්‍රශ්නය උනේ ජීවිතය සාර්තක කරගන්නේ කොහොමද කියලා අහන්න. සොක්‍රටිස් පිළිතුරක් වෙනුවට තරුණයාට පසු දින උදේ ගඟ ළඟට එන්න නියම කළා. තරුණයාත් කුතුහලයෙන් ගෙදර ගිහින් පසුදා උදේන්ම ගඟ ළඟට ආවා. ඒ වෙනවිටත් සොක්‍රටිස් ඇවිත්. තරුණයා මුල් ප්‍රශ්නයම නැවත ඇසුවා. සොක්‍රටිස් තරුණයාගෙන් ඇසුවා දියුනු වෙන්න කොච්චර ඕනැ කමක් තියනවාද කියලා. තරුණයා පිළිතුරු දුන්නා ලොකු ඔනෑ කමක් තියනවා කියලා. සොක්‍රටිස් නැවතත් අහනවා කොච්චර ලොකු ඕනැ කමක්ද කියලා. තරුණයාට ඒ ගැන හොඳ වැටහීමක් තිබුනේ නැ. සොක්‍රටිස් තරුණයාට ගඟ මැදට යන්න කියා තරුණයාගේ පස්සෙන් ගඟට බැස්සා.

තරුණයාගේ නහය ළඟට වතුර තියෙන තරම් ගඟ මැදට ගියාම, සොක්‍රටීස් එක වරම තරුණයා බෙල්ලෙන් අල්ලා වතුරේ එබුවා. ඔක්සිජන් නැතුව නිල් පාට වුන තරුණයා තම උපරිම ශක්තිය යොදවලා දේහධාරී සොක්‍රටිස් පෙරළගෙන වතුරෙන් ගොඩට ආවා. සොක්‍රටීස් හති දමමින් සිටි තරුණයා නිවුන පසු පැනයක් ඇසුවා. වතුරේ යට ඉන්න විට ඔහුගේ උවමනාව මොකක්ද කියලා. තරුණයා කීවේ ඔහුට හුස්ම ගන්න උවමනා උන බවයි. සොක්‍රටිස් ඇහුවා නැවතත් කොච්චර ඕනෑ කමක් තිබුනාද කියලා හුස්ම ගන්න. තරුණයා කීවේ එපමණ ඕනෑ කමක් කවදාකවත් ඇති වෙලා නෑ කියලා. සොක්‍රටිස් තරුණයාට කියා දුන්නා ජීවිතේ ඉසුරුමත් කරගන්න නම් වතුරේ ගිලිලා මැරෙන්න යන කෙනෙකුට හුස්ම ඕනි තරම් ඕනි කමක් සිතේ ඇති කර ගන්න ඕනි කියලා.

ඉසුරුමත් ජීවිතයකට ඔබට තිබෙන උවමනාව ඔබේ ඇතුලෙන්ම එන ලොකු ගින්නක් වෙන්න ඕනි. ඇතුලෙන්ම කියලා මම කීවේ ඔබේ හදවතින්ම එන්න ඕනි කියන දෙය සිතා ගෙන. මනසින් ඇති කරගන්න සිතුවිල්ලකට වඩා හදවතින්ම ඕනෑ කමක් ඇතිකරගන්න ඕනි. මනස එහෙම නැත්නම් ඔබේ උඩු හිත තර්කානුකූලව සිතන විට සැකය ඇති වෙනවා. සැකය ඔබ ළඟ තියෙන විට ඔබ උකටලී වෙනවා. ඉච්චාබංග වෙනවා. ඒත් ඔබේ හදවත එහෙමත් නැත්නම් ඔබේ යටිසිත ඔබේ හැඟීම් වලට බලපානවා. ඉසුරුමත් ජීවිතයක ඕනෑ කම ඔබේ යටි සිත බාර ගත්තාම ආකර්ෂණ නීතිය බලපානවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබේ මනස තර්කයත් ‍යටිසිත හැඟීම් පාළනයත් කරන නිසා තර්කයත් හැඟීම් අතර ගැටුමක් ඇතිවුනාම නිතරම හැඟීම් ජය ගන්නවා. මේ නිසා ඔබේ හැඟීම් කළමණාකරණය ඉසුරුමත් ජීවිතයක පදනම වෙනවා. ඒ වගේම තර්කයත් හැඟීම් අතරත් එකඟ බව ඉසුරු ඔබ කරා ආකර්ෂණය ඉක්මන් කරනවා.

සිහිනයකට එහා ගිය ලොකු උවමනාවක් ගැන මම නැවත නැවතත් ඔබට මෙහිදී නැවත නැවතත් කියන්නේ ඇයි? සිහිනය මනසේ උපකරණයක් විතරයි. ඔබ සිහිනයක් දැක්කාට මනස එය ළඟා කර ගන්න සුදානම් වෙලා නැ. ඔබ දකින සිහිනය ඔබේ හදවතට දැනිලා නෑ. ඒ නිසා හැම සිහිනයක්ම ඉටු වෙන්නේ නැහැ. සිහිනය සිතැඟියාවක් හා දැඩි අභිලාෂයක් බවට පෙරළුනාම, එය ඔබේ යටි සිතේ පාළනයට නතු උනාම හැඟීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. තවත් ලෙසකින් කියනවානම්, ඔබේ පැතුම, භාවයක් බවට පෙරළෙන විට, එම සිතුවිල්ල  භෞතික යතාර්ථයක් බවට පෙරළෙනවා.ඔබ බොහෝ විට දැක ඇති මිනිසුන් පැතුම් පැතුවත්  ඒ පැතුම සැබෑවක් කරගන්න කැපවී වැඩකරන්නේ නැතිව ඉන්න බව. ඇයි ඒ වගේ වෙන්නේ. මනසට පැතුමක් ආවත් ඒ පැතුම යටිසිතේ හැඟීමක් ඇති නොකරන තාක් ක්‍රියාත්මක වීමක් ඇතිවෙන්න පෙළඹීමක් ඇති කරන්නේ නැ. ඔබට දෙයක් දිනා ගන්න සිතුවත්, පැතුවත් ඔබේ හදවත එය පිළිගෙන නැත්නම් හෝ ඊට වෙනස් දෙයක් විශ්වාස කරනවානම් ඒ පැතුම ඉටු වෙන්නේ නැහැ. පැතුම් පතන එක විතරක් කරන පුරුද්ද නවත්තලා ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් හැඟීම් වෙනස් කරගන්න පටන් ගනිමු. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඔබේ භාවයන් වෙනස් වෙනවා. පැතුම ඉටු වෙන්න එය ඔබේ අත් දෙකට ලබා ගන්න යන්නේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් විතරයි. ඔබ එය ඉටු කර ගන්නවා මයි


ටැග:, , , , , , , , , , , , , , , , , , , ,

ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න

18 ජන

ඔබ හුඟාක් කැමතියි නේද ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න. ඒකට හුඟක් හොඳ ක්‍රමයක් තමයි මේක. මේ ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න SQRW  ක්‍රමය හුඟාක් වැදගත්. මේ අකුරු හතරින් කියවෙන දේ එකින් එක වටහා ගනිමු.

S කියලා කීවේ Survey එහෙම නැත්නම්, සෝදිසි කරනවා කියන එකටයි. අළුත් මාතෘකාවක් ලැබුනාම ඒ ගැන මුලින්ම වටින් ගොඩින් හොයලා බලන්න  ඕනි කියවන්න පටන් ගන්න කලින්. මාතෘකාව, ඒකට අදාල පින්තූර, ප්‍රස්ථාර, සිතුවම්, මොනවා හරි වගු අදාල නම් ඒවා මනවද කියලා බලන්න. මාතෘකාවට දී තියෙන හඳුන්වා දීමත්, සාරාංශය වගේම අවසාන ජේදයත් කිවන එක මේ පියවරේදි කරනවා. මේ කටයුත්ත ආසාවෙන් කර්න ඉගෙන ගන්න තියෙන ආසාව එක්ක සතුටු වෙන්න මේ දේවල් ඉගෙන ගන්න ලැබුන එක ගැන. මේ වගේ කරාම ඉගෙන ගන්න තියන දේ ගැන සමස්ත වශයෙන් අවබෝධයක්, වටහා ගන්න පුළුවන් වෙනවා. Q අකුරින් Question එහෙම නැත්නම්, ප්‍රශ්න කිරීම ගැනයි කියන්නේ. ඔයාට මුලින්ම ලැබුනු දළ අදහසින් දැනුනු දේ ගැන ප්‍රශ්න අසමින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න කියවන්න. මතක ඇතුව දේවල් තුනක් ප්‍රශ්න කරන්න එපා. ඒ හඳුන්වා දීම, අවසානය ඒ වගේම සාරාංශය. අනිත් හැමදේම ප්‍රශ්න කරන්න. ඇයි?, කවුද?, කොහේද?, කවදාද?, මොකක්ද? සහ කොහොමද කියන ප්‍රශ්න නිරන්තරයෙන්ම අහන්න.

W අකුරෙන් අදහස් කරන්නේ Write කියන එකයි.Write කියන්නේ ලියනවා කියන එකනේ.පාසලේදී ගුරුතුමීR කියලා කීවේ Read එහෙම නැත්නම් කියවීම කියන එකට. දැන් ඔයා කියවන්නේ තේරුම් ගන්න, අවබෝධ කර ගන්න. මීට කලින් පියවරේදි අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් දැන් හොඳින් කියවපුවාම. මේ ප්‍රශ්න වලට පිලිතුරු හියන්න උත්සහ කරන්න හදන විට ඔයාගෙ අවදානය තියාගන්න පුළුවන් බව ඔයාට තේරේවි.
අළුතෙන් පොතක් කියවන විටදී මුලින්ම පොත පිළිබඳව ආසාවක් හැඟීමක් ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට පොත පිළිබඳව ඇතිවෙන මුල්ම හැඟීම එය පිළිබඳව තියෙන විශ්වාසය සහ ඔබේ සිත තුළ ඇතිවෙන කුතුහලය නිසාවෙන් ඔබේ යටි සිත පොත කියවන්න අවශ්‍ය බව දැනගෙන ඒ සඳහා සිරුර සකස් කර දෙනවා. ඉන් පසුව බොහෝ දෙනෙක් පොත කියවන්න පටන් ගන්න හඳනවා. ඒත් ඔබ මුළින්ම කියවන්න ඕනි කරන්නේ පොතේ හැඳින්වීමයි. ඒ තුළින් ඔබට කතුවරයා අපේක්ෂා කරන දෙය පිළිබඳව වටහා ගන්නා නිසා, පොතේ අවධානයට ලක් කළ යුතු කරුණු වගේම පොත කියවන විට ඔබ අනුගමනය කළ යුතු විශේෂ කරුණු පිළිබඳව වටහා ගන්නත් පුළුවන් වෙනවා.කියල දෙන දේවලුත් සටහන් පොතේ ලියා ගන්නවනේ.හැබැයි මේ ලිවීම ඊට වැඩිය වෙනස්.
දැන් ලියන්න ඕන මෙච්චර වෙලා S ,R ,Q වලින් ඔයා ලබා ගත්ත දැනුමයි.සියලුම පොත් වහල ඔයා හිතට ගත්ත දේවල් කෙටියෙන් ලියන්න.මෙහෙම ලියද්දි Q වල ඔයා හදපු ප්‍රශ්න වලට පිළිතුරු වගේම ඔයා රැස් කර ගත්ත දැනුමේ සරා ංශයකුත්  කෙටි සටහනක් විදියට ලියන්න පුළුවන්.
මෙහෙම ලිවීමේ වාසි කිහිපයක් තියෙනවා.එකක් කලින් අධ්‍යනය කල දේවල් ඔයාට හොඳට මතක හිටිනවා.අනිත් එක අමතක වුණ දේවල්  නැවත මතක් කර ගන්නත් පුළුවන්.ඒ වගේම විභාගේ ලං වුනාම පාවිච්චියට ගන්න හොඳ කෙටි සටහනකුත් ඔයාට ලැබෙනවා.ඔයාගේ සටහනේ අඩු පාඩු තිබුණ නම් සටහන් පොත් එක්ක සංසන්දනය කරලා ඔයාගේ කෙටි සටහන සම්පුර්ණ කර ගන්න.

මේ වාක්‍ය වේගයෙන් කියවන්න බලන්න. “ඔබට මකතය වැඩි කගරන්න පුවළුන් වගේම කිවයන්න වැයරකන කාලය අඩු කරගනන්ත් පුළුවන්”. බලන්න ඒ වාක්‍ය දිහා ආයෙත් හිමින් අකුරෙන් අකුරට. “ඔබට මකතය වැඩි කගරන්න පුවළුන් වගේම කිවයන්න වැයරකන කාලය අඩු කරගනන්ත් පුළුවන්”. අකුරු ලියැවිලා තියෙනවා වැරදි උනත් ඔබට ඒ වැරැද්ද නිවරදි කර කියවන්න පුළුවන් ශක්තියක් ඔබ තුළම තියෙනවා. ඔබ වේගයෙන් කියවන්න පටන් ගත්තාම හැම වචනයක්ම කියවන්නේ නැතිව කතු වරයාගේ අදහස තේරුම් ගන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. එය වැඩිකරගන්න.  පොත කියවන විට ඔබගේ ඇස් දෙක එක් වර ග්‍රහනය කර ගන්නා වචන ප්‍රමාණය වැඩි කරගන්නත් ඔබට උත්සහ කරන්න පුළුවන්.

පොතක් කියවන විට පෑනක් පැන්සලක් සමග ඔබේ සටහන් පොතත් ලඟට ගන්න. කියවගෙන යන විට අවශ්‍ය සටහන් තබා ගන්න. ඒ සටහන් නැවත කියවන්න. සෑම විනඩි 25 කට වරක් විනාඩි පහකවත් විවෙකයක් ගන්න.

සල්ලි හෙටටත් ඕනි නිසා

3 නොවැ

කාලය ටික් ටික්

2 නොවැ

කාලය ටික් ටික්
(කුමරතුඟු මුනිදසුන් ගේ පැදි පෙළකින්)

ටික් ටික් ටික් ටික්
කළයුතු ටික ටික
නොමැළිව කළහොත්
සැප වෙයි සහතික

කල ටික ටික යයි
ටික් ටික් ටික් ටික්
ගිය කල නැවතත්
නොබලයි මේ දික්

එක එක මොහොතින්
ගත හොත් නිසි පල
ටික් ටික් ටික් ටික්
පැමිණෙයි සැප බල

කාලය මදකුත්
නොමකළ හැක දික්
නිකමට නොයවන්
ටික් ටික් ටික් ටික්

 

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers