ඔබේ මොළේ වර්ධනය සමබර ද?


රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්‍යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.

ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.

කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.

පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.

වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්

පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
පරිගනක වල වැඩ කිරීම
ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
ගණිත ගැටළු විසඳන්න
සමාජමය ගැටළු වල හේතු සොයන්න
අයවැය සකස් කරන්න

දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්
සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න
මුහුදු වෙරලක සෙල්ලම් කරන්න
ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න
ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න
මාළු ටැංකිය දෙස බලා සිටින්න
සතකු සුරතල් කරන්න

ඔබේ බුද්ධිය සමබරව වඩවන වැඩ මුළු සඳහා සහභාගී වන්න

Sanath Gamage
Human Skills Development Specialist

4 responses to “ඔබේ මොළේ වර්ධනය සමබර ද?

  1. මෙවැනි වටිනා අදහස් ගුරුවරුන් හා දෙමව්පියන් වෙත නිරතුරුව ලබාදෙන්න පුලුවන්කම තියනව නම් ලස්සන අනාගතයක අපට තියේවි. ඒ සඳහා ඔබතුමා දරන උත්සාහය පිලිබදව මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මෙවැනි අදහස් තුලින් අප සැමගේම ජීවිත සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා.

    දායාබර ගුරුතුමනි, අප ඔබගෙන් මෙවැනි සේවාවන් , වටිනා අදහස් නිරතුරුවම බලාපොරොත්තු වෙනවා.
    නව තාක්ෂණයෙන් ඉදිරියට යන ලොවක තාක්ෂණය ඔස්සේ හැමදෙනෙකුටම ලබාගත හැකි අකාරයෙන් හැකියාවන් සංවර්ධනය සඳහා ඔබ දරන වෑයමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.!!!!

  2. මා ඔබේ වදන් කියවන්නේ බොහොම කැමැත්තෙන්. ඔබ වගේ දක්ෂ ගුරුවරයෙකුට, තවත් බොහෝ දුර යන්න පුළුවන්.

  3. පින්ග්කිරීම: පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping) « සුභ සිතුවිලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න