ප්රවර්ග
- Amazing Memory (7)
- ඉදිරි වැඩසටහන්… (3)
- ඉසුරුමත් ජීවිතයක් (3)
- කවි සිතුවිලි (3)
- ගීයක් රස විඳිමු (4)
- ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක් (15)
- නව සිතුවිල්ලක් (14)
- රැකියා ලොව ජය ගන්න (1)
- විභාග රහස් (1)
- වියත් කියමන් (5)
- සිතට සවිය – Mental Health (7)
- NLP Lessons (1)
- Parenting මාපිය කටයුතු (1)
- Sure Success in Exams (2)
- Uncategorized (13)
- Vedio Stories (13)
සනත් ගමගේ
මානව හැකියා සංවර්ධන විශේෂඥ / පුහුණුකරු
Human Skills Development Specialist
Success School of Soft-skills
0773 658 658
0713 658 658Top Posts & Pages
- ගණිත හැකියා වඩවන රහස් හත
- පාඩම් කරන්න පහසුම මග - මතක සිතුවම් (Mind Mapping)
- ජීවිතය දිනවන සුබ සිතුවිලි
- මතක සිතුවමක් සකසමු
- ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස - වෛරය වෙනුවට මෛත්‍රිය
- ලෝක සෞඛය සංවිධානය කියන මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක්
- සිරිකත වඩින නිවස ඔබේ ජීවිතයට ලොකු වෙනසක්
- ජීවිතය වෙනස් කරන සිතුවිලි 2: හිතින් ලතැවීම
- කාත් කවුරුත් නැති උනාම හොඳක් වෙන්න පුළුවන් ද?
- ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – දෙවෙනි රහස: Format your Mind with NLP - NLP සමග සිතුවිලි නැවත ලිවීම
ලේඛනාගාරය
Sindi Lanka
පසු ගිය වැඩසටහන්
More Photos Success School
Join Us
Select a post
Blog Toplist
Monthly Archives: මැයි 2012
යටි සිතේ අපූරු චමත්කාරය
යටි සිතේ අපූරු චමත්කාරය…. ඔබ කළ යුත්තේ යමක් ඉල්ලීමයි. එය ලැබෙන ක්‍රමය ගැන වද වෙන්න ඕනි නැහැ. ඔබේ අසහාය යෝධයා…. ඔබේම කීකරු මෙහෙකරු… ඔබේම යටිසිත ඒ ක්‍රමය හොඳම ක්‍රමය සොයා ගනීවි. ඔබ කළ යුත්තේ උත්සහයෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමයි.
විශ්වාසා පරමා ඥාතී. විශ්වාසය ඔබේ හොඳම නෑයායි- බුදුන් වහන්සේ
අබ ඇටයක තරම් විශ්වාසය ඔබට ඇත් නම් එය ඔබට ලැබේවි. – බයිබලය මැතිව් 17:20
විශ්වාසයෙන් යහපත් දේ කරන්නාට ඉඳුරාම නව ජීවනයක් ලැබේවි. අල් කුරානය 16 වන පරිජේදය 97 වන පදය
ආදරණීය සුරතලා
දුකින්ද? විශ්වය ඔබට ලබා දෙන්නේ සතුටයි. දුක එළවන්න. සතුට ළං කරගන්න. ඔබට බෑ කියලා හිතනවා ද? මෙන්න පිළියමක්.ඔබේ සුරතලා ළං කරගෙන අසීමිතව ආදරය දෙන්න. ඌ ගෙන් නැවත ලැබන ආදරය ගැන ඔබ හිතන්නේ නෑ නේද? හුරතලාට ආදරය කරන විට සතුට ඇති වේවි ඔබට. ඔබේ ආදරණීය සහකරුට ත් ආදරය උපරිමව දෙන්න. දෙන ආදරයෙන් විතරක් සතුටු වෙන්න. නැවත ලැබෙන ආදරය ගැන බලාපොරොත්තු නැතුව. sanath gamage thoughts 
ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස – වෛරය වෙනුවට මෛත්‍රිය
ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛරකරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්‍රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්‍රාර්ථනා කරන්න. ඔබ වෛරකරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි.
වසර 60 කට කලින් ධනපතීන් භංග වෙවා කියමින් ලක්ෂ ගනන් පෙළපාලි ගිය පක්ෂ වල සාමාජිකත්වය අද බට්ටෙකුට පටවන තරමට අඩු වෙලා. ධනපතීන් වැඩි වෙලා. වැඩ කරන අපි වගේම සොයුරු ජනතාවට සෙත් පතමු. ඔවුන් ශක්තිමත් කරමු. ඔවුන්ට දිරි දෙමු. වෛරය වෙනුවට මෙත් සිත් පතුරුවමු.
ජීවිතය සරු කරන මේ ධර්මතාව හොඳින්ම දැන සිටි කෙනෙක් නම්, තෙරේසා මවු තුමියයි. ඇය සාමය වෙනුවෙන් පෙනී සිටි ලොව දැවැන්තම චරිතයක්. යුධ විරෝදි රැලියක සංවිධායකයන් ඇය හමුවී ඇයගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා තම අරගලය හා එකතු වන්නට.
ඇය ඉතාම කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා. පුදුමයට පත් සංවිධායකයන් ඇයගෙන් කරුණු විමසනවා. “සාමය වෙනුවෙන් තියෙන රැළියකට මම එනවා” ඇය කියනවා. අපේක්ෂාව එකම ප්‍රථිඵළය. වෙනස් ගමන් මගක්. ඔබ නිතරම සිතන කියන දේ ඔබට ලැබෙනවා. මේ රහස ජීවිතයට එකතු කර ගන්න.
sarasith.wordpress.com
Sanath Gamage – Secrets of Powerful Life
Posted in ඉදිරි වැඩසටහන්...
Tagged Amazing, ධන සිතුවිලි, යහපත් කතා, සාරසිත්, සිතුවිලි, සුභ සිතුවිලි, inspirational, Life, Love, Positive, Sanath Gamage, Sanath Gamaghe, Sarasith, Sri Lanka





