සඳ කිණිති

ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල තියෙනවා නම්.. ඔයාට ඒ දෙයට වඩා සම්පතක් නැහැ කියලා මම දන්නවා.

පුංචි උදාහරණයක් කියන්නද., රෑට අහසේ පායන හඳ විලක සීතලම සීතල වතුර මතින් එයාගෙම සේයාව හොයනවා වගේ තමයි ඔයත්. හඳ දන්නවා විලේ ඉන්නේ එයාම නෙවෙයි කියලා. එයාගෙම සේයාව කියලා.. හැබැයි හඳ ආසයි එයාගේ රුපේ විලේ තියෙන සේයාව තුලින් දකින්න.

විල් තෙරට වැටුනු සේයාව දිහා හඳ නොනිමි සෙනෙහසකින්, ආදරයකින් බලාගෙන ඉද්දී.., පුංචි සීතල සුළඟකින් විල කැළඹුනොත්.. හඳට දකින්න වෙන්නේ එයාගේ සේයාව නෙවේ. කෑලි කැඩිලා විසිරිලා ගිය වෙනස්ම සේයා රුවක්. ඒත් හඳ ඒ වෙනස ඉවසාගෙන, දරාගෙන හිටියොත් ආයමත් හඳේ නියම සේයාව විලේ ජලය මත්තෙ වැළඳ ගන්න පුලුවන්. මොකද විලක් හැම වෙලාවකම නොසැලී ඉන්නේ නැහැනේ.

ඒ වගේම තමා ඔයා ආදරේ කරද්දිත්. හැම වෙලාවෙම ඔයාට ඔයාගේ ආදර වන්තයාගෙන්, සැමියාගෙන් ඔයාගෙම, ඔයා බලාපොරොත්තු වෙන, ඔයා හොයන ගති ගුණ ලැබෙන්නේ නැහැ. ආදරේ කරද්දි අනිත් කෙනාගේ වැරදි, අඩු පාඩු, වෙනස් වීම් ඉවසන තරමට තමා හැම දේම නැවුම් වෙන්නේ.

එහෙම වෙන්නේ අපි දෙන්නම දන්න මේ ස්භාවධර්මය කවමදාකවත් එකමන් වගේ දෙන්නේක්ව මේ ලෝකෙට දායාද කරලා නැති නිසා. අපි එකිනෙකාට වෙනස්. හැසිරීම, කතාබහ, උවමනා, සිතුවිලි, ආශාවන්, ආදරය, ගතිගුණ.. මේ හැම දේම වෙනස්. ඔයා ආදරේ කරද්දී අනිත් කෙනා වෙනුවෙන් ඉවසීම, සමාවදීම අනිවාරෙන්ම තියෙන්න ඔනා. එයාගේ අඩුපාඩු හැම දේම ඉවසගෙන ඉන්න ඔනා. එයාට ඔන විදියට ඔයා වෙනස් වුනහම [වෙනස් වුනොත්] එයා ඔයාට ඔනා විදියට හැඩ ගැහෙනවා. ඒ වෙන තෙක් ඔයා ඉවසන්න. මොකද මේ ලෝකෙටම ඔයා වගේ ඉන්නේ ඔයා විතරක්ම නිසා.

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
සොයයි සේයාව මගේ….

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුනු දා..
බිදෙයි සඳ කැබිළි පිටින්..

සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඹබේ නෙතින්……

සඳ කිණිති නැමී…..

Sanath Gamage
සනත් ගමගේ

6 responses to “සඳ කිණිති

  1. ඇත්තටම දවස් කිහිපයක ඉඳලා ඔබ ලියු ලිපි සියල්ල කියවා කමෙන්ට් කරන්න හිතන් හිටපු නිසායි, අද වෙනකන් ලියු පොස්ට් කියවලා බලලා මේ කමෙන්ට් එක එකතු කරන්නේ…

    පළමුවෙන්ම ඔබට සුබ පතනවා, ඔබගේ සාරවත් අදහස් සිංහල යුනිකේත සමඟ අප සියලු දෙනා එක්ක බෙදා හදා ගැනීම ගැන…

    කවියක්, කතන්දයක්, සිංදුවක් ඇසුරෙන් යහපත් සිතුවිල්ලක් ඔබ ඉතා මනාවට ඉදිරිපත් කරලා තියෙනවා…

    අද දවස දක්වා ඔබගේ සාරසිතුවිලි වල මගේ සිත් ගත් ලිපියයි මේ…

    මේ සිංදුව ඇසුරෙන්, ආදරය, විශ්වාසය එක්ක අනොන්‍ය සිතැඟි හඳුනා ගන්නේ කෙසේ දැයි සිතට කා වදින ආකරයට,ඔබේ අදහස අපුරුවට ගලපලා…ඇත්තටම අපිට එකතු කරන්න අදහසක් නැති තරම්…

    ඔබ පැවසු පරිදි, ඔබගේ අදහස් වලින්, මේ සිංහල වියුණුව තුලින්, යහපත් යමක් ලොවට දයාද කිරිමට දරන උත්සහාය සර්ව සාර්ථක වේවා!!!

    ඔබට ජය…

    • ඔබට බොහෝම ස්තුතියි කණිෂ්ක. මා පළමුවෙන්ම බ්ලොග් අඩවිය ලියන්න පටන් ගත් මොහොතෙ ඔබ වැනි බ්ලොග් ලොව දැවැන්තයෙක් මගේ උත්සහයට දැක්වූ ප්‍රතිචාර මා දිරි මත් කළා. අපි මේ ගමන යන්නේ එකම සිතුවිල්ලකින්. අපි යමක් බෙදා හදා ගමු.

      සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
      සුනිල දිය දහර වෙමු එකම තැනකට ගලන

  2. ඔබේ අදහස් සිංහල යුනිකේතයෙන් බ්ලොග් එකක සටහන් කිරිමට, මගේ සිංහල බ්ලොග් එක හා මාගේ ප්‍රතිචාර රුකුලක් වීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි…
    ඒ වගේම බ්ලොග් දැවන්තයකුට වඩා, ඔබත්, මමත්, අපගේ නිර්ව්‍යාජ අදහස් සටහන් කරන සිංහල බ්ලොග්කරුවන් වෙමු…
    ඔබ වැනි නිහතමාණී පුද්ගලයෙක් දැන හඳුනා ගැනීම ද මා ලද භාග්‍යයකි…
    ඔබට ජය…

  3. අපූරු ලියැවිල්ලක්! ඔබ ගීත හරහා මිනිසුන් වෙත සාර අදහස් යොමු කරන අයුරු අගෙයි. නව්‍ය අදහසක් නව්‍ය ක්‍රම වේදයක්!

    සුබ ගමනක්!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )