ඔබේ තීරණ

අපි අපේ ජීවිත වල ඉදිරියට යද්දී දහසකුත් අභියෝග හමු වෙනවා. අභියෝග නොමැතිව ඉදිරියට යන ජිවිතයක කිසිම වටිනාකමක්, සුන්දරත්වයක් නැහැ. අපි මෙහෙම හිතමුකෝ..,

මහවැලිය ලංකාවේ දිගම ඟංගාව. ලංකාව පුරාම කෙත් වතු සරු සාර කරන්න වතුර බෙදන මහවැලිය කරන්නේ සුවිසල් කාර්ය්‍යක්. ලංකාව පුරාම විහිදිලා තියෙන මහවැලිය ගම් නියම් ගම් වල අසිරිය, දුක සැප විදගෙන මහ සයුරත් එක්ක එකතු වෙනවා. ඒත් කවුද විශේෂ කරලා මහවැලිය බලන්න යන්නේ. හිතන්න.. දුන්හිඳ, දියලුම දිය ඇලි ගැන. මහවැලිය කරන සේව‍ය වගේ බාගයක් වත් කරන්නෑ. හැබැයි මෙහි විශේෂත්වය මොකක්ද..? ඒ සුන්දරත්වය…

ගස් වල අතුපතර අස්සෙන්, විවිධ හැඩ ගත්ත ගල් කුලවල් අස්සෙන්, පෙද පාසී වල හැපෙමින්, සුදු පාට පෙන කැටි විසිකරමින් නිදහසේ ගලා හැලෙන, අවට ඉන්න අයට ඔච්චමට වතුර බිංදු ඉහින දුන්හිඳ, ලක්ෂපාන හරිම සුන්දරයි. බලාගෙන ඉන්න ආසයි..

මේ මහවැලියයි.., දුන්හිඳ, දියලුමයි අතර තියෙන්නේ මෙන්න මේ වෙනස. ජීවිතේ මේ වගේ. අපේ ජීවිතේ විශේෂතා ගොඩනගා ගන්න නම් ඔයා මහවැලියක් වෙලා හරි යන්නැහැ. දුන්හිඳක්, දියලුමක් වෙන එක අනිවාර්ය්‍යයි.

ඔයා අභියෝග වලට මුහුණ දෙනවනේ. ඒ වෙලාවට ඒ දේවල් වලට බය වෙලා හරි යනවද..? නැහැ. ගොඩාක් සාර්ථක වෙලා ඒ දේවල් වලට අභියෝගාත්මකව මුහුණ දෙන්න. ජීවත් වෙනවා කියන්නේ සුවිසල් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්නවා කියන එක හරිම පහසුයි.

යමක් කරන්න අපි ආරම්භ කරද්දී අපි ගන්නේ හොඳම තීරණයද..? අපි තීරණ ගන්නේ දෙපාරක් හිතලද..? අපි තීරණ ගන්නේ තනිවමද.? අපි තීරණ ගන්න බයද..?

අපි අපේ සිත තුළ තෙරපෙන සිතුවිලි වලට ඇහුම්කන් දීලා තමයි හැම දෙයක්ම කරන්නේ. අපි ඒ කරණ දේ තීරණය කරා වගේම ඒ හරි තීරණයද කියලා ආයමත් සැරයක් හිතුවොත්.., ඒ තමා හොඳම දේ වෙන්නේ.

අපිට සමහර අවස්ථා වලදී වැරදෙන්න පුළුවන්. හැබැයි තවත් වතාවක් අපි උත්සහ කල යුතුයි. මොකද පළවෙනි වතාව වැරදුනාට දෙවැනි වතාව අපිට වරදින්න විදියක් නැහැ. වැදගත්ම දේ ඔබ කළ යුතු දේ ඔබම තීරණය කරන එක. නැතුව ඔබේ තීරණ වෙන කෙනෙකුට ගන්න දෙන්න එපා. වෙන කෙනෙකුගේ තීරණ ඔබ ගන්නත් එපා. මොකද එහි හොඳ හෝ නරක ප්‍රතිඵල දෙකම ඔබ සතු නිසා.

අනිත් කාරණය ලැබෙන ප්‍රතිථලය මොකක් වෙයිද කියලා හිතලා බයට තීරණ නොගෙන ඉන්නවද..? ඔබ පළමුවෙන්ම ඔබව විශ්වාස කරන්න. ඒ ගොඩ නගාගන්න විශ්වාසය හරහා තීරණ ගන්න ඔබ තුළ තියෙන අසාමාන්‍ය බය අත හරින්න. ඔබ තීරණ ගැනීමට බය වුවහොත් ඔබගේ ජීවිතේ අතරමඟ අනිවාරෙන්ම නවතිනවා.

ඔබ ඔබට ලැබෙන දේ ඉහළින් ලබන්න නම් ඔබ ගන්න තීරණ.. නියම වෙලාවට හොඳට හිතලා, නොබියව අරගන්න. පරාජයක් බලාපොරොත්තු නොවී ජයග්‍රහණය පමණක්ම බලාපොරොත්තු වෙන්න…

2 responses to “ඔබේ තීරණ

  1. ගොඩක් හොඳ ලිපියක්, වදැගත් වෙනව හැම ලිපියක්ම පල කරල තියෙන. දිගටම ලියන්න සර්. මමත් වෛද්‍ය සිසුවෙක්, හැබැයි ලංකාවේ අපිට ගොඩක් වැදගත් මේ ලිපි.

  2. ඇත්තටම ඒක හොද අදහසක් …… ඉගැන්වීම් කටයුතු වලදි දරුවන්ගේ අවධනය ලබාගන්න හොද ක්රතමයක් වේවි. මේ පිළිබඳ පරික්ෂණ වාර්තා එහෙම තියනවද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )