කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකය

ඔබ ලබා ගන්නා තොරතුරු තත්පර කීපයක සිට විනාඩි කිහිපයක් ඔබේ මතකයේ තිබී එය අමතක වීමට පුළුවන්. දුරකථන අංක කිහිපයක් එකින් එක කියවා එය භාවිතා කර ඇමතුම් ලබා ගන්නා මොහොතක් ගැන මෙනෙහි කරන්න. එම කාර්ය්‍ය කිරීමට එම අංක මතකයේ තිබුනත් විනාඩි කිහිපයකට පසුව එම අංක ඔබේ මතකයෙන් ගිලිහි යයි. පහසුවෙන් බිඳෙන සුළු කෙටි කාලීන මතකයට හැම දුරකතන අංකයක්ම මතක තබා ගැනීමට සිදු වුනොත් ඉතාම කෙටි කාලයකින් එම මතක ගබඩාව පිරී යාවි. එම නිසා කෙටි කාලීන මතකයේ ස්වභාවයම එම තොරතුරු අමතක කර දැමීමයි.

ඔබට සාමාන්‍යයෙන් එක් වර පහසුවෙන් තබා ගත හැක්කේ දත්ත හතරක් පමණයි. ඒ ප්‍රමාණය දොළහක් වුනොත් ටිකක් අපහසු වෙනවා. ඔබට දත්ත 150ක් මතක තබා ගන්න නම් අපි වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. මේ චේදයේ මුල් වාක්‍ය දෙකේ අකුරු 150 කට වඩා වැඩියි. හැබැයි ඒ වාක්‍ය දෙක මතක තබා ගැනීම පහසුයි. ඔබේ කෙටිකාලීන මතකයට මේ හැකියාව ලැබුනේ ඒ අකුරු වලට අරුතක් එක් වූ නිසා. ඔබට මතකයට ගත යුතු දේ වලට අරුතක් දෙන්න. එවිට මතක තබා ගැනීම පහසු වේවි.

ඔබ දුරකතන අංකයක් පාවිච්චි කරන විදිහටම ඔබේ පාඩම් මතක තබා ගන්න උත්සහ කරනවා නම් ඒ පාඩම් වලටත් අත්වන ඉරණම ඔබ වටහා ගන්න ඇති. 0773658658 අංකය අංකිත දහයම මතක තබා ගැනීමට එය වඩා හොඳින් සංවිධානය කර ගත යුතුයි. 0773 658 658 ලෙස අංකිත වෙන් කර ගත් විට එය වඩාත් පහසු වේවි. අංක රිද්මයට කියන්න පුළුවන් උනාම මතක තබා ගැනීමේ හැකියාව තවත් වැඩි වෙනවා. කෙටි කාලීන මතකය වැඩි කරගන්න පුළුවන් හොඳ ක්‍රීඩාවක් ඔබට අන්තර් ජාලයේදී කරන්න පුළුවන්. බ්‍රේන් වර්ක්ෂොප් වෙබ් අඩවිය ඔබට මේ සඳහා යොදා ගන්න පුළුවන්.

අපි ඉදිරියේ ඇති අභියෝගය අවශ්‍ය තොරතුරු දිගු කාලීන මතකයට ගැනීමයි. අපි මේ ගැනත් කථා කරමු.

Sanath Gamage
සනත් ගමගේ

3 responses to “කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකය

  1. මෙන්න මේවට තමයි blogs කියල දෙයක් තියන්නේ… දිගටම ලිපි බලාපොරොත්තු වෙනවා..

  2. ඇත්තෙන්ම දුරකථන අංක xxx-xxx-xxxx ක්‍රමයට මතක තබා ගැනීම වඩා පහසුයි.
    කෙසේ වුවත්, හොඳ ලිපියක්…
    දිගටම ලියන්න ධෛර්යය…. !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )