සිතන්න අළුතින් – දිනන්න දිවියෙන් – ( චිත්ත වේග කලමනාකරණය පිළිබඳව අළුත්ම සොයා ගැනීම්)

චිත්ත වේග එහෙම නැත්නම් භාව කලමනාකරණය (Emotional Management) කරගන්න පුළුවන් හොඳ මානසික ශක්තියක් ඇති අයට.  තමන්ගේ ශරීර සුවතාව හොඳින් පවත්වා ගන්න පුළුවන් චිත්ත වේග කලමනාකරණය හොඳ නම්. එහෙම කරන්න අපහසු අයට එයින් මිදීම පිළිබඳව අළුත්ම සොයා ගැනීම් තියෙනවා. ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට,  තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා. ජීවිතයම මුළුමනින්ම ජීවත් වෙන්න අපල කාල එහෙම නැත්නම් අමාරුම කාල යොදා ගන්නවා.

කෙටියෙන්ම කීවොත් ඔබ හැඟීම් කළමනාකරණයට දක්වන දක්ෂතාව ඔබේ අනාගතය තීරණය කරන ප්‍රධානම කරුණ වෙනවා. භාවයන් එහෙම නැත්නම් හැඟීම් සමතුළිත කරගන්න ඔබට විශාල කාලයක් සහ ආයාසයක් යොදවන්න වුනත්, එයින් ලැබෙන ප්‍රතිපළ ඊට වඩා බෙහෙවින්ම වැඩි වෙනවා. උත්සහ කළොත් එය ඉතාම පහසු පියවර කිහිපයක්. මේ ලිපි පෙලෙන් බලපොරොත්තු වෙන්නේ ඔබට තනිවම කරන්න පුළුවන් දේ සරළ සිංහලෙන් කියලා දෙන්න.

දිනක් මහාචාර්ය ගල්මන්ගොඩ මහතා සාකච්චාවකදි මතක් කළා, ඔබට මානසික රෝගයක් තියෙනවාද කියලා අහන එක වැඩක් නැති දෙයක් කියලා. හේතුව අපි සියලු දෙනාටම එහෙම තත්වයක් තියෙන එක පොදුවේ දන්න පිළිගන්න දෙයක්. අපි අහන්න ඕනි වෙන්නේ ඔබට කොපමණ ප්‍රතිශතයක මානසික රෝගී තත්වයක් තියෙනවාද කියන එක විතරයි. ( Never asked are you mad. Its understood. What you have to asked what is the % of your madness)

හැබැයි මේ ලිපි පෙලෙන් සාකච්චා කරන ලෝ පුරා පිළිගත් උපක්‍රම භාවිතා කළොත් ඔබට වඩා හොඳ සෞඛ්‍යමය තීරණ ගන්න පුළුවන් වෙනවා.  ඒ මගින් ඔබේ හැඟීම් කළමනාකරණය හොඳ වෙනවා. ඔබට සතුට සහ සැහැල්ලුව ලැබෙනවා. ආත්ම අභිමානය වැඩි වෙනවා. ඔබට ලැබෙන හොඳම පුවත නම් ආතතිය ජය ගන්න පුළුවන්.  ඒ මගින් ඔබේ හැඟීම් කළමනාකරණය හොඳ වෙනවා. ඔබට සතුට සහ සැහැල්ලුව ලැබෙනවා. ආත්ම අභිමානය වැඩි වෙනවා. ඔබට ලැබෙන හොඳම පුවත නම් ආතතිය ජය ගන්න පුළුවන්. අභියෝග දිනන්න නැගිටින්න පුළුවන්. බිඳ වැටීම හමුවේ සිනහ නගන්න පුළුවන්. සුවයෙන් ජීවිතයම දිනන්න පුළුවන්. හොඳ හැඟීම් කළමනාකරණය මගින් අපි කතා කරන්නේ ඔබ සහ ඔබේ සිතුවිලි ගැනයි. සබඳතා වල වටිනා කම් ගැනයි. හැඟීම් වල ගැති බවෙන් මිදී හොඳ තීරණ ගැනීම වගේම අපහසු අවස්තාවලදී ඉවසීමෙන් සහ සංයමයකින් කටයුතු කිරීම ගැනයි.

අපි මේ යටතේ වැඩි දුරටත් කතා කළ යුතු කොටස් පිළිබඳව හොයා බලමු.

භාව කළමනාකරණය

භාව සංනිවේදනය

භාව බුද්ධිය

සිනාව – හොඳම බෙහෙත

චිකිත්සා සහ උපදේශනය

ස්වෙච්ජා සේවය සහ එහි වාසි

කෝපය ජයගැනීම

භාව කුසලතා අත් බෙහෙත්

ක්ෂණිකව ආතතිය ජය ගැනීම

4 responses to “සිතන්න අළුතින් – දිනන්න දිවියෙන් – ( චිත්ත වේග කලමනාකරණය පිළිබඳව අළුත්ම සොයා ගැනීම්)

  1. වටිනා ලිපියක් දිගටම ලියන්න

  2. සනත් ඔබ කරන මේ දේ හරිම වටිනා දෙයක්. මොකද බොහොමයක් දෙනාට මේ මග පෙන්වීම අවැසි බැව් අපට එදිනෙදා කටයුතු වලදී පෙනෙන දෙයක්. ඉදින් මේ කරන මග පෙන්වුම හැබෑම දිරි ගැන්වීමක් පිනක් !!

  3. හරිම අගෙයි ගුරුතුමනි.
    ඔබගේ උත්සාහයට අපේ උත්තමාචාර
    ඔබට ජයවේවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )