ජෙසිකා කොක්ස් – අත් දැකීම් නැතිවම ප්‍රධාන දෙසුමට

ගෞරවනීය අභිමානවත් සභාවක්. විද්වතුන්, ප්‍රභූන් වගේම කීර්තිමත් ව්‍යාපරිකයන් පිරිලා ඉතිරිලා. එවන් අවස්තාවක ප්‍රධාන දෙසුම තේජවන්ත වගේම බැරෑරුම් කටයුත්තක්. ආරාධනාව ලබන කෙනා ට ලැබෙන අභියෝගය සභාවේ සෑම කෙනෙකුගේ ම, අවධානය රඳවා ගනිමින් එම දෙසුම කිරීම. ඒත් ආරාධනා ලබන්නේ වසර 25ක තරුණියකට. ඇය සභාව අමතන්නේ තමන්වම හඳුන්වා දෙමින්.

“මට නම් කිසිම දෙයක් ගැන අත්දැකීමක් නැහැ”


අත්දැකීම් නැති ලාබාල තරුණියකට ආරාධනා කිරීම ගැන කවුරුත් විරෝධයක් දක්වන්නේ නැ. ඒත් ඒ වෙනුවට එක් වරම මුළු සභාවම සිනා සාගරයක ගිලෙනවා. ඒ ඇය, ඇයට නැති දේ ගැන  පැමිණිලි කරන්නේ නැතිව, ඒ තත්වය පවා සතුටින් බාරගෙන ඒ ගැන ඇයත් සිනාසෙන නිසා.  ඇයි ජෙසිකාට කිසිම දේක අත් දැකීමක් නැත්තේ. උපතින්ම අත් දෙකම නැතිව ඉපදුන ජෙසිකා, අත් දැකීම් ලබන්නේ කොහොමද?

ඇය දිගටම සැහැල්ලුවෙන් අත් දැකීම් බහුල කෙනෙක් වගේ සභාව අමතනවා. මුළු සභාවම විමතියෙන් ඇය දෙස බලාගෙන ඉන්නවා.

“මේ වගේ සභාවක විදුලි ධාරාවන් මට මුළින්ම එල්ල උනේ මට අවුරුදු හයක් තරම් පුංචි කාලයේදි. හැබැයි ඒ අවස්තාව මග හරින්න මම පුළුවන් හැම දේම කළා. අන්තිමේ දි මම මොන්ටිසෝරියේ ටීචර් ගෙන් ඇහුවා පස්සෙ පේලියේ මට නටන්න බැරිද කියළා. එදා  අම්මාත් ගුරුතුමියත් මට කියලා දුන්නා පස්ස පේළියක් නෑ කියලා. මගේ දිහා බලලා අනුකම්පාවෙන් බලන අය ගැන මට අනුකම්පා කරන්න කියලා දුන්නා. එදා අම්මාත් ගුරුතුමියත් මාව වේදිකාවට යන්න මට හයිය දීපු නිසා අදටත් මම ලෝකේ පුරාවට මේ වගේ සභාවල වැඩසටහන් කරනවා. දෙසුම් පවත්වනවා. මගේ ජීවිතේ ජය ගත්ත කතාව තවත් දහස් ගනනකට ජීවිතේ ජයගන්න උදවු වෙන්න මම කියනවා.”

ආබාධිත කියන්නේ අත් කකුල් නැති අයට නොව, ඒ හැම දේම තිබුනත් බෑ කියල හිතාගෙන ඉන්න අයට කියලා ඇය තේරුම් ගන්න පටන් ගත්තා. ආබාධිත කම සිතුවිල්ලක් විතරක් කියලා අවබෝධ කර ගන්න පටන් ගත්තා.

පිලිපීනයේ ඉඳන් වයස විසිතුනේ දී හෙදි සේවයට ඇමෙරිකාවට ආපු ඉනෙස් ජෙසිකාගේ අම්මා.   විලියම් කොක්ස් තාත්තා. මේ දෙදෙනාම දරුවාට ආදරයත් අභිමානයත් ලබා දුන්නා. සෙල්ලම් බඩු ගෙනැවිත් කකුල් දෙක ළඟ තිබ්බා. ඉල්ලන දෙයක් කකුල් දෙක ළඟට දුන්නා. කෙමෙන් ඇය කොන්ඩෙ පීරන්න, කකුලේ ඇඟිලි අතරට පෑන, පැන්සල හිර කරගන්න, පිහියෙන් වැඩක් කරන්න, ඔංචිලි පදින්නත් හුරු උනා.

අම්මා දීපු අගය කිරීම් ජෙසිකාට හැම අභියෝගයක්ම ජය ගන්න උදවුවක් උනා. අවුරුදු තුනේ දීම අම්මා ඇයව ජිම්නාස්ටික් පන්තියට සම්බන්ද කළා. අවුරුදු හයක් වන විට පිහිනීමත්, රංගනයත් පුරුදු වුනා. අම්මා ඇයගේ විශ්වාසය තව තවත් වර්ධනය කරන්න ටයි කොන්ඩෝ ක්‍රීඩාවට යොමු කරනවා. ඇය හතේ පන්තියට එන විට කළු පටි සම්මානය හිමි කරගන්නවා. අද ඇයට තමන්ගේ සියළුම කටයුතු කකුල් දෙක පාවිච්චි කරලා කරගන්න පුළුවන්.

“ආසාවෙන් වැඩක් කරන්න පටන් ගත්තාම ඉවසිල්ල තියනවා නම් ලේසියෙන්ම ඕනිම දෙයක් පුළුවන් වෙනවා” ජෙසිකා අපිටත් කියලා දෙනවා. කෘතීම අත් හඳුන්වා දුන්නත් ස්වභාවිකව ලැබුනු කකුල් දෙක ඊට වඩා පහසු බව ඇය වටහා ගන්නවා. ඇය උපාදියත් සම්පූර්ණ කරලා අභිප්‍රේරණ දේශිකාවක් ලෙස තම වෘත්තිය පටන් ගන්නවා.

ජෙසිකා වාහනයක් පැදීමේ ඕනෑ කම ඇතිව ඒ සඳහා ඉගෙන  ගන්නවා. අත් නැති අය සඳහා විශේෂයෙන් සකස් කළ වාහනයකට වඩා සාමාන්‍ය වාහනයක් පැදවීම ඇයට පහසු වූ නිසා ඇය රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කරන්නේ සාමාන්‍ය වාහන සඳහා. ඇය රියදුරු බලපත් සඳහා වන පරීක්ෂණය ජය ගන්නේ ඉහළම ලකුනු සමගින්. ඒත් හරියටම සුමානයකින් ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවනවා. අතිරේක පරීක්ෂණ දෙකකට මුහුණ දෙන්න ඇයට සිදු වෙනවා.

මේ තත්වයට මුහුණ දුන් ඇයට තම විශ්වාසය වැඩි කර ගන්න අළුත් දෙයක් කරන්න ඕනි වෙනවා. ඇයට මතක් වෙනවා තමන් ගුවනින් ගමන් කරන්න බය බව. ඇයට එම අභියෝගය ජය ගන්න ඕනි වෙනවා. ඒ ඊටත් වඩා විශිෂ්ට ලෙසින්. ඇය ගුවන් නියමු වරියක් වීමේ සහිනයක් මවා ගන්නවා.

පැය හාරසියයක පුහුණුව හා කැප වීම 2008 ඔක්තෝබර් 10 වනදා ලොව පළමු අත් නැති ගුවන් නියමු වරිය ලොවට තිළිණ කරනවා. පිරිමි කෙනෙකුන් හෝ ඊට  කලින් එය කර නැහැ.පැය හාරසියයක පුහුණුව හා කැප වීම 2008 ඔක්තෝබර් 10 වනදා ලොව පළමු අත් නැති ගුවන් නියමු වරිය ලොවට තිළිණ කරනවා. පිරිමි කෙනෙකුන් හෝ ඊට  කලින් එය කර නැහැ.

“නිර්මාණශීලීත්වයත්, නිර්භීත භාවයත්, නොකඩවා කරන කැපවීමත් ඕනෑම සාමාන්‍ය අයෙකු විශිෂ්ටයෙකු කරනවා”. ඇය 2011 වසරේ ලංකාවේ පැවැත්වූ දේශන යේදී කියා සිටියා. 

9 responses to “ජෙසිකා කොක්ස් – අත් දැකීම් නැතිවම ප්‍රධාන දෙසුමට

  1. බලන්න…..හිතන්න…..දිනන්න……
    ඔබට තුති….

  2. ඔව්… ගොඩක් වටින පෝස්ට් එකක්. මේ කතාව බැලුවහම හිතෙනවා අපිට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. හැම දෙනාටම මේ ශක්තිය තිබෙනවා. ඔබට බොහොම ස්තූතියි සනත් මහත්මයා.

  3. ඇත්තටම ගොඩක් වටින විස්තර ටිකක්

  4. වටිනා අදහස් ටිකකක්… ආබාධිත කෙනෙකුට මෙච්චර දුර යන්න පුළුවන් කියලා මම අද තමා දන්නේ, මම සමාජයට එන්න බය වුනා. ඒ උණාට මට මගේ අම්මා හා තාත්තා දිපු හයිය නිසා අද මම හුගක් ඉදිරියට ඇවිත්, මම බය වුනා මම අනාගතයේදි තනි වේවි කියලා… මොකද මමත් ආබාධිත තැනැත්තෙක්.. නමුත් මම හිතන්නේ නැහැ මින් පස්සේ මම තනියම කියලා… මට පුළුවන් විදිහට මගෙන් මහාජනතාව වෙනුවෙන් සේවය කරනවා..ඔබගේ මේ අදහස් වලට මම ගරු කරනවා…. මම කාංචනා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )