Monthly Archives: සැප්තැම්බර් 2010

හිම ගුලිය

හිම ගුලියක් පෙරලෙන්න පටන් ගත්තම තව තව හිම ඒ සමග එකතු වෙනවා. පුංචි හිම ගුලියක් ලොකු හිම බොලයක් වෙනවා. අපේ සිත් සුබවාදි වෙනවිට අපිත් එක්ක ඉන්න හැමෝගෙම ජීවිත ඒ විදිහටම වෙනස් වෙනවා.

සතුට

දවසක් රෑ වෙලා ගමනක් යන ජයන්තට විදුලි පහන් කණුවක් යට යමක් සොයමින් සිටින මිනිසෙකු හමු වුනා. විමසිල්ලෙන් දන බිම ගහගෙන හොයන මේ මිනිසා අසලට ගිහින් ඇහුවා සොයන්නේ මොනවාද කියලා. “අද මම විතරයි ගෙදර ඉන්නෙ. ඒත් ගේ ඇතුලට යන්න විදිහක් නැ යතුර බිම වැටුන නිසා. මම මේ හොයන්නේ යතුර.” ඔහු කීවා.

ජයන්තත් තමන් යන ගමන මොහොතක් නතර කරලා ඔහුට උදවු කරා. හැබැයි යතුර හම්වුනේ නෑ. ජයන්ත ඇහුවා “ඔයාට හොදටම මතකද යතුර නැති උනේ මෙතන කියලා. ඒක තිබුනා නම් අපිට හම්බ වෙන්න ඕනි. මෙතන නම් නැති බව මට හොදටම විශ්වාසයි.” ඒ මිනිසා පිළිතුරු දුන්නා “නෑ! යතුර නැති උනේ මිදුලේ. ඒත් මිදුලේ එළියක් නැති නිසා මම මේ එළිය තියන තැන හොයන්නේ”.

අපි අපේ ප්‍රශ්න වලට හේතු විදිහට අනිත් අයට දොස් පවරන එකත් මේ වගේ දෙයක්. ඔබේ ප්‍රශ්නයේ වගකීම බාර ගන්න. අන් අයට දොස් පවරන්න එපා. ජීවිත ජයග්‍රහනයේ ආරම්භය එයයි.

නුඹ මා ලග නතර වෙන්න..

සමනල් තටු පියාපතක
රැදි සියුමැලි බව විදින්න..
තරු එළියේ රන් පැහැයෙන්
නුඹෙ හිත රන් වන් කරන්න..
කුමුදු මලක සුවද ගෙනත්
නුඹෙ යහනේ අතුරවන්න..
වළා කුලක සුවය ගෙනත්
නුඹ මා ලග නතර වෙන්න..

මා මව් වන්නට..

සසරෙන් සසරේ
මා නළවන්න්ට..
උකුලේ හොවා හිස
සුවෙන් නිදන්නට..
කදුළු ගලන විට
එය පිසලන්නට..
බුදු වෙන තෙක් ඔබ
මා මව් වන්නට..

sasaren sasare manakawannata ukule howa hisa suwen nidannata kandulu galanawita eya pisalannata budu wenatek oba ma mau wennata

සොදුරු දිනක්

සුවද සමන් මල්
මුකුලිත උදයක..
මීදුම් කදු මත
රීදී පැහැය ඇත..
ගලනා ගංදොළ
සීතල වගුරන..
සොදුරු දිනක් අද
පතනෙමි ඔබ වෙත..

දයාබරව කියමි මම………….

කසුන් චාමර
වයා දසතින්
හීනා වීයන්
ලොවම සනසා…

ඔබේ සෙනෙහස
ලොවට පතුරා
ජයම ගෙන හෙට
සතුටු වෙනු පුත..

බුද්ධිය සහ ක්‍රියාව

හංසයාට පියාපත් දෙකක් තියෙනවා. ඉගිලෙන්න ඒ පියාපත් දෙකම ඕනි වෙනවා. අපිටත් අපේ සිහින සැබෑ  කරගන්න පියාපත් දෙකක් ලැබිලා තියනවා. එක පියාපතක් බුද්ධිය. අනෙක ක්‍රියාව. පියාපත් දෙකම එකවර ක්‍රියාත්මක උනේ නැත්නම් පියනන්න බෑ. එක පිහාටුවකින් කවදාවත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඉගෙන ගන්නා දෙය ලබා ගන්නා බුද්ධිය ක්‍රියාවට නගන්න.
ඔබේ පියාපත් දෙකම ක්‍රියාත්මකද?