Category Archives: නව සිතුවිල්ලක්

දරුවෙක් පිළිසිඳ ගන්න කලින් කළ යුතු පිළිවෙත්

ඕනිම දෙමාපිය යුවලකට තමන් කැමති ලෙස දරුවෙක් නිර්මාණය කර ගන්න පුළුවන්. දෙමාපියන් දරුවා පිළිසිඳ ගන්න කලින්ම දරුවා නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව හා ඒ සම්බන්ද විද්‍යාත්මක කරුනු සඳහා මේ සාකච්ඡා ඔබට උපකාරිවේ.

 

මෙහිදී මුලින්ම මේ පිළිබඳව මූලික සාක්ච්ඡාවක් මෙහි ඇතුලත් වෙනවා.

https://www.youtube.com/watch?v=GlL6h66IJEU

මේ විඩියෝ පැයක කාලයක් ගත වෙනවා. මෙය බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කළ සාක්ච්ඡාවක් ඇතුලත් වෙනවා. ගර්භණී සමයේ බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරන්න ඔබට කරන්න පුළුවන් හොඳම ක්‍රියා මාර්ග ඇතුලත්. මේ සාකච්ඡාව තුළින් ඔබට කිසිදු වියදමක් යන්නේ නැතිව දරුවා ගේ විශිෂ්ට බුද්ධියක් හදාගන්න පුළුවන්. මෙම කරුණු ක්‍රියාත්මක් කිරීමෙන් ඔබට මානසිකව නිරෝගි දරුවෙක් හදා ගන්න පුළුවන්

 

පළමු කොටස

https://www.youtube.com/watch?v=zjstuAiRcAU

දෙවන කොටස

https://www.youtube.com/watch?v=opt3QoRFtcA

අත් නොහරින සිහිනයක් – ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – තුන් වෙනි රහස

ලොව පුරාම මිනිසුන්ගේ සිහින අත් හැරීම ගැන කළ පර්යේෂණ වලදී පෙනුනු වැදගත්ම කරුණ නම් මිනිසුන් ඉතාම ඉක්මනින් තම සිහිනය අත් හරින බවයි. ඔබ සිහිනයේ ජීවත් වන විට, සිහිනය දිනා ගත් බවට හැඟෙන මානසිකත්වතෙන්, සතුටින් සිහිනයේ සැරිසරන විට, ආකර්ෂණයේ නීතිය ඔබ වෙත ළඟා කර දෙනවා.

සිතන්න ඔබ අඹ ඇටයක් පැළ කරනවා. වතුර පොහොර දානවා. ඔබ විශ්වාසයෙන් ඒ පැළය රැක බලා ගත්තොත් මාසයකට පසුව අඹ පැළය ඔබට දකින්න පුළුවන්. ඒත් ඔබ අඹ ඇටය හිටවපු දා ඉඳලාම පස් ටික අයින් කර කර අඹ ඇටේ පැළ වෙලාද කියල පස් හාරලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පැළය මැරිලා යනවා.

ගොවි මහතුන් මේ ගැන දන්නවා. ඒක නිසා ඉවසිල්ල පුරුදු කරගෙන ඉන්නවා. මිනිසුන් සිහිනය රැක බලා ගන්නේ ටික කාලයයි. දිනපතා ව්තුර පොහොර දාන්න අමතක කරනවා. ඊට පස්සේ සිහිනය හරි නොගියාම අත් හැරලා දානවා. බැන වදිනවා. ආකර්ෂණයේ නීතිය බොරුවක් කියනවා. තෝමස් අල්වාට දහස් වතාවකටත් වඩා විදුලි බල්බය නිපදවන්න උත්සහ කළා. ඛ්FC පළවෙනි කුකුළු මස් පිඟාන විකුණන්න ගෙවල් 1004 කට යන්න උනා. ඒත් මිනිසුන් 92%ක්ම හතර වතාවකට වඩා උත්සහ කරන්නේ නැ. සිහිනය රැක ගන්න. පරිස්සමින් හැම දාම සාත්තු කරන්න.ඔබ සිහිනය දිනා ගන්නම ඕනිමයි.

Sanath Gamage – alokaya.com

Sanath Gamage

Human Skills Development Specialist

https://www.facebook.com/pages/alokayacom

https://www.facebook.com/SanathGamageOfficial

පියවර හතයි!! මල් හතයි !!!

1. වගකීම බාරගන්න

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

4. ජය – ජය ගැන හිතන්න 

5. මුදිතාව වඩන්න 

6. එකමුතුව දිනන්න 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

1. වගකීම බාරගන්න

අනුන්ට දොස් කිවීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම තමන් බාර ගන්නේ නෑ කියන එක. ඔබේ ජීවිතය ජය කණුව වෙත ගෙන යන මුල්ම වැඩපිළිවෙල පටන් ගන්නේ ඔබ ඔබේ ජීවිතයේ වගකීම බාර ගැනීමෙන්. සමාවට කරුණු හොයන කිසිවෙක් තමන්ගේ වගකීම බාර නොගත්ත අයයි. ඔබේ ජීවිතයේ ජය සඳහා බාහිර සාධක වලින් ගැලවීමට කරුණු හොයන්න එපා. ඔබේ උපරිමය වෙත ඔබ ගමන් කරන්න.

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

පරිකල්පනය මිනිසුන්ට ලැබුනු අගනාම තෑග්ගයි. යමක් අරඹන්න පෙර එම වැඩපිළිවෙල මනසින් දකින්න. ඔබ ඉතාම හැඟීමකින් මෙය කළ යුතුයි. ඔබගේ මීළඟ උසස් වීම, විදේශ සංචාරය, ඔබේ වාර්තාවට ලැබෙන ප්‍රථිචාරය මනසින් සිතුවම් කරන්න. අවසාන අවස්තාව සිතුවම් කළාම සෑම් මිසයිලයක් මෙන් එම ඉලක්කය කරා ගමන් කරන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබේ යටිසිත ඉලක්කය හඳුනා ගන්නේ සිතුවම් කළ විට විතරයි. 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

ඔබට ලැබන කාලයත් ඉහළම මට්ටමක ඉන්න කෙනාටත් දෙන්නාටම ලැබෙන්නේ එකම කාලයක්. කාලය මදියි කියලා ලතවෙන එක නවතන්න. කළයුතු කටයුතු පෙළගස්වන්න. මුලින් කළ යුතු දේ මුලින් කරන්න. 

4. ජය – ජය ගැන හිතන්න

ඔබ කරන බොහෝ කතයුතු වලදී තවත් අය සම්බන්ද වෙනවා. හැමවිටම ජය-ජය මුලධර්මය අනුගමනය කරන්න. අනෙත් කෙනාට දිනුමක් නැත්නම් එම පුද්ගලයා වැඩිකළක් ඔබ සමග එකට ගමනක් යන එක නතර කරාවි.

5. මුදිතාව වඩන්න

මුදිතාව එහෙම නැත්නම් සහකම්පනය ජීවිතයට එකතු කර ගන්න. අනෙක් කෙනාගේ දුකේදී ඔහු තේරුම් ගන්න කලින් හොඳින් ඇහුම් කන් දෙන්න. ඔහුගේ දුකේදී පඬි වදන් නොව ඔහුට හඬන්න ඔබේ උරහිස දෙන්න. ඔබේ මතය කියන්න කලින් අන අය වටහා ගන්න. අන් අයට ඇහුම් කන් දෙන්නේ නැතිව තම මතය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ.

6. එකමුතුව දිනන්න

එකම රැහැකින් බැඳී කණ්ඩායම් ගත වෙන්න. ඔබේ පිරිස සමග එකට වැඩකිරීම තනියම වැඩ කරනවාට වඩා ඉහළ ඉලක්කයකට යන්න ශක්තිය ඇතිකරනවා. 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

ඔබේ ඇතුළත ශක්තිය අවුළුවා ගන්න. අළුත් දැනුම නිතිපතා ලබා ගන්න. ඔබ සැමදා කරන කටයුතු වඩා හොඳින් කළ හැකි ආකාරය නිතරම සිතන්න. ඔබේ මනස  ජය ලබාගන්න  නැවත ලියවන වැඩසටහනකට කාලය සොයාගන්න. අළුත් පොතක්, වෙබ් අඩවියක් බලන්න. සබ්ලිමිනල් හඬ් පටයක් අහන්න. ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්න. වාහනයේ දී අළුත් පොතක හඬ පටය  MP3 ගෙන අසන්න.

Seven Good Working Habits by Sanath Gamage

Sanath Gamage
Human Skills Development Specialist
 
sarasith.wordpress.com / alokaya.com

 

ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක් 3 – පාට බැලූන්

විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.

මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.

sanath gamage – new thoughts ,  සනත් ගමගේ සාරසිත්

ජීවිතය වෙනස් කරන සිතුවිලි 2: හිතින් ලතැවීම

හිතින් කළකිරෙමින් ලතවෙමින් වේදනාවෙන් ඉන්න බොහෝ දෙනා පුරුදු වෙලා. පෝරකේ වගේ ගීත ජනප්‍රියම ගී වෙලා. මේ වේදනාව හිතින් අල්ලගෙන ඉන්න එක කැරකෙන පුටුවක කැරකි කැරකි ඉන්නවා වගේ දෙයක්. යන තැනක් නෑ. හැබැයි කැරකිල්ලයි තෝන්තුවයි එනවා. හිතන්න මුමුණන්න හොඳ ගීයක්, බලන්න ලස්සන චිත්‍රපටයක්, හුරතල් කරන්න පොඩි දරුවෙක්. හිනාව ළං කර ගන්න. ජීවිතයම ආලෝකමත් කර ගන්න.

මගේ ඉදිරියෙන් යන්න එපා. මම ඔබව අනුගමනය නොකරාවි. මගේ පසුපසින් එන්න එපා. මම ඔබට පාර නොපෙන්වාවි. මා අසලින් එන්න. මගේ මිතුරකු වන්න. හැමදාම මේ පැත්තට එන්න. අපි සතුට ඉසුර සාමය ගැන කතා කරමු.

https://www.facebook.com/SanathGamageGuru#!/SanathGamageGuru

https://www.facebook.com/SanathGamageOfficial

 

Sanath Gamage – New Thoughts, Positive Talks,  සනත් ගමගේ ආලෝකය සුභ සිතුවිලි

අවුරුදු නැකතට අළුත් සිහිනයක් අල්ලමුද???

ඔයාගෙ හිත හොඳටම සතුටින් බලාපොරොත්තු වලින් පිරෙන මොහොතක් තමයි අවුරුදු නැකත. හොඳම වෙලාවක, නැ පිරිවර වටකරන්, කැවිලි පෙවිළි පිරිලා, අළුත් ඇඳුම් ඇඳන් තව මොනාවද ඔබට ඕනැ කරන්නේ අළුත් හීනය නැකතට පටන් ගන්න. අවුරුද්දකට එකම සැරයක් එන හොඳම නැකත. කිරිත් උතුරවලා.

අවුරුදු නැකතට හීන ලියන එක මම පටන් ගත්තේ මීට අවුරුදු තිස් හතරකට කලින්. ඒ ලියපු හුඟාක් හීන ආකර්ෂණයේ නීතිය මගේ ජීවිතයේ ලබා දීලා තියෙනවා. ගිය වසරේ ලියපු හීන හතෙන් පහක්ම ඉටු වෙලා. ඒ හිඳාම මම හිතුවා ඔයාත් එක්ක මේ රහස බෙදා ගන්න. 2013 සිංහල අළුත් අවුරුද්ද ලබන කොට ඔයාට කියන්න පුළුවන් වේවි ඔයා මේ දකින සිහිනය ඇත්තක් කර ගත්ත බව. ඔයාට  සතුටක් දැනේවි ඒ ගැන.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඒ කාලෙ තිබුන එකම විද්යුත් මාධ්‍ය වුන ගුවන් විදුලි වැඩසටහනකින්න්. මම කීප වතාවක්ම මේ ගැන ගුවන් විදුලියේ කියලා හොයන්න උත්සහ කළා ඒ කවුද කියලා. ඒත් හොයා ගන්න බැරි උනා. සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් මම කියවලා තිබුනු නිසා ඒ මූලධර්ම මට මතක තිබුනා. එදාත් මම ඇහුවේ පරණ අවුරුදු දවසේ රැ. අදත් රැ මම මේ ගැන ඔයාට කියනවා.

හොඳයි! අපි වැඩේට බහිමු. තනියම කරන්න. ඔබ අදහන ආගම ඉටු දෙවියන් සිහි කරලා පුන්‍ය කාලයට කලින් කොලේකුයි පෑනකුයි ගන්න. ලබන අවුරුද්ද ඇතුළත ඔයාට ඉටු කර ගන්න ඕනි හීන හතක් ගැන හිතන්න. ඔයාගේ අධ්‍යාපනය, මිළ මුදල් ගැන, රැකියාව ගැන, පවුලේ ගැන තියෙන හීන, ගමන් බිමන්, ඔයා හිතන ජයග්‍රහන ගැන හිතන්න. හැබැයි මේ ඉලක්ක සේරම ඔයාගෙ පාළනයේ තියෙන ඒවා වෙන්න ඕනි.

ඔයාගේ පාළනයෙ නැති දේවල් ඔයාගේ හීන කරගත්තාම ඔයා ආතතියට පත් වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ කැමැත්ත ඔයාට ගන්න එක ඔයාගෙ පාළනයෙන් පිට තියෙන දෙයක්. හැබැයි ඔයාගෙ ආදරය ප්‍රකාෂ කරන එක ඔයාගෙ පාළනයෙ තියෙන දෙයක්. හොඳට ඉගෙන ගන්න එකයි, විභාගෙ හොඳට ලියන එකයි ඔයාගෙ පාළනයෙ තියෙන්නෙ. ඒත් විභාග ප්‍රථිපළ ඔයාගෙ පාළනයෙ නෙමෙයි. ඔයාගේ ආදායම දෙගුන කර ගන්න එක ඔයාගෙ පාළනයෙ තියෙන්නේ.හැබැයි පඩි වැඩිකර ගන්න එක ඔයාගේ පාළනයෙ නෙමෙයි තියෙන්නේ.

දැන් මේ හීන හැබෑ වුන හැඟීමෙන් ඒ විදිහට ලියන්න. අපි උදාහරණ කීපයක් ගනිමු. 2013 සිංහළ අවුරුද්ද දවසෙ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා මම ගත්තු ඉඩමෙ අළුත් පොල් පැල හිටෙවුවා. බලන්න. හීනය ඉඩම ගන්න එක. ඒත් ඒක ලිවුවේ ඒ හීනෙ හැබැ කරගෙන තියෙන විදිහට. හරියට පොල් පැළ හිටුවන එක තමයි ලොකුම ඉලක්කය වගේ. මේ හීන සතුටින් ලියන්න. වාක්‍ය ටික හදා ගෙන තියා ගන්න ලස්සන කොලේකට ගන්න අවුරුදු නැකතට ලියා ගනිමු.

අවුරුදු නැකතට අළුත් පිබිදීමකින් හීන මවන්න ලබන අවුරුද්ද ඔයා හිතන හීනය ඉටු වෙලා තියෙන විදිහ. අපි ඉසුරෙන් පිරුනු ජීවිතයක ලිපි පෙළෙන් ඔයාගෙ හීනය ලියන විදිහ කියලා දෙන්නම්. ඔයාගේ හීන කාටවත් පෙන්වන්නේ නැතුව හංගන්න. ඒ කොලේ ආයෙත් බලන්නේ ලබන අවුරුද්දේ පරණ අවුරුද්ද දවසේ.

ඔයාගේ ඉසුරුමත් ජීවිතයක හීන ඉටු කර ගන්න පුළුවන් ලස්සනම වාසනාවන්තම සිංහළ දෙමළ අළුත් අවුරුද්දකට සුභ පතනවා.

මේ ගැන වැඩිදුරටත් කතා කරපු නාලිකාවෙන් විකාශය වූ 7වෙනි පැය වැඩසටහන මෙතනින් බලන්න පුළුවන්. 

ඉසුරු මත් ජීවිතයක රහස් 1 සහ ඉසුරු මත් ජීවිතයක රහස් 2 ලිපි කියවන්න.

ජීවිතය වෙනස් කරන සිතුවිලි

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”
@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.

@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.

@ කරන කියන සෑම දෙයක්ම දවසින් දවස , මොහොතින් මොහොත, සෑම අතකින්ම, සෑම දෙයකින්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!

@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ.

@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න.

@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි.

@ ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට, තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා.

@ බිත්ති වලටත් කන් තිබේ
@ සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
@ ඉහළ යන දේවල් පහළට ඒවි
@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
@ කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි
@ වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )
@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්

පුළුවන් නම් කියන්න – ඔබට අභියෝගයක්

මෙය කිසිම මුදල්මය අයෝජනයක් කරන්නේ නැතුව ප්‍රථිලාභ ගන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්නේ. අළුත් අවස්තා නිර්මාණය වෙනවා සෑම දිනකම. සමහර විට ඔබ නිර්ලෝභීව කෙනෙකුට අද දවසේ දුන්නොත්, ඔහුට අද දවසේ ලැබෙන එකම දෙය මෙය වෙන්නත් පුළුවන්.

ඔබට ලැබෙන්න තිබුනු රැවුමක් අතරමං කරන්නත් මෙයට පුළුවන්. ඔබ මෙය පැළඳගත්තොත්, ඔබ ඇඳන් සිටින පරණ රෙදි පිළි කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය වෙන්නේ නෑ. මෙය වක්‍ර උනත් මෙය ලැබෙන විට සෑම දෙයක්ම සෘජු වේ. කෙනෙකුට රවන්න කලින් මෙයින් එකකින් සංග්‍රහ කරොත් රැවුමෙන් වෙන සියළු හානි නැති වේවි. කුමන භාෂාවක් කතා කරත් සෑම ජාතියකටම පොදු දෙයක්. ඔබ දෙන තුරු  කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති නිසා හොරෙන් ගන්න වත් මිළට ගන්න වත් ණයට ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

සිතන්න…

1. >>> ඔබට සිතෙන අලුත් දෙයක් කරන්න අදිටන් කරන්න. අරඹන්න. මතක තියා ගන්න ගංවතුරක්දි ආධුනිකයන්ගේ අතින් නිමවෙන පාරුවකින් ජීවිත බේර ගන්න පුළුවන් වෙනවා. ඒත් ලෝක පූජිත වෘත්තිකයන් ගේ අතින් නිමවුන ලොකුම පුරාජේරුවක් වූ ටයිටැනික් නැව ගිලුනා.

2. >>> හැඟීම් නිරන්තරයෙන්ම වෙනස් වෙන බව ඔබ දන්නවා. ඒ හැඟීම් මත පදනම්ව ජීවිතයටම බලපාන තීරණ ගත්තොත්…… ඔබ ගන්නේම වැරදි තීරණයක්. සිතන්න…

3> >>> කණස්සල්ල, කරදරයට පෙර එන ඔබට ගෙවන ලාභාංශයයි. ඔබ කණස්සල්ල බාර ගත්තොත් කරදරය ප්‍රතික්ෂේප කරන්න බැරි වේවි.

තව සැරයක් උත්සහ කරන්න

අපි ජීවිතේ කොයි තරම් අළුත් දේවල් පටන් අරන් අතරමග නතර කරලා තියෙනවාද? පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නවත්තන්න අපිට ඕනි තරම් හේතුන් තිබුනා. අපි අපිටම සමාවට හේතු කීවා. හිත හදා ගත්තා. අප්‍රතිහත ධෛර්යය ගැන අපි කොතරම් නම් ඉගෙන ගන්න ඇත්ද? මතකද ගෙවල් 1003කින් ම ප්‍රතික්ෂේප වූ කුකුල් මස් පිගානේ කතාව. හර්ලන්ඩ් සෑන්ඩර්ස් (Colonel Harland Sanders) කොයි තරම් නම් දිරියක් පෙන්නුවාද තමන් විශ්වාස කරපු තමන් ගේ සිහිනය ගැන. ඔහු තමන්ගේ සිහිනය විශ්වාස කළා. තමන් ගේ කුකුළු මස් අළෙවිය ගැන විශ්වාසය නිසා ප්‍රතික්ෂේප වීම් ප්‍රතික්ෂේප කළා. නෝත්‍ර ඩ්‍රැම් විශ්ව විද්‍යාලයේ (Notre Dame University) අළෙවි විශේෂඥ හර්බට් ට්රූ (Herbert True) අඛණ්ඩ උත්සහය පිළිබඳ අපූරූ විශ්ලේෂණය ඉදිරිපත් කළා.

** 44% ක් අළෙවි කරුවන් තම උත්සහය පළමු උත්සහයෙන් පසු අත් හරි.
** 24% ක් අළෙවි කරුවන් තම උත්සහය දෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 14% ක් අළෙවි කරුවන් තම උත්සහය තෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 10% ක් අළෙවි කරුවන් තම උත්සහය සිවුවෙනි උත්සහයෙන් පසු අත් හරි.

මේ සියළු දත්ත පෙන්වන්නේ අපි කොයි තරම් ඉක්මනට උත්සහය අත හරිනවාද යන්නයි. මිනිසුන්ගෙන් 8%ක් විතරයි පස් වතාවක් වත් උත්සහ කරන්නේ. හැබැයි විශිෂ්ඨයන් බිහි වෙන්නේ නොකඩවාම කරන උත්සහය නිසා. මතකද තෝමස් අල්වා එඩිසන් ගේ උත්සහයේ තරම. ලෝ සුපතල කාටූන් ශිල්පී වෝල්ට් ඩිස්නි ගේ කාටූන් දැකපු පුවත් පත් කතු වරුන් මේවා චිත්‍ර දැයි විමසමින් අපහාස කළා. ඒත් ඔහු තමන් ගැන විශ්වාසය නැති කරගත්තේ නැහැ. වැඩක් අසාර්ථක වෙන විට එය අතහැර දමන්න හිතෙනවා තමයි. ඒක සාමාන්‍ය තත්වයක්. හැබැයි ඔබේ සාර්තකත්වය රඳා පවතින්නේ අත් හැර දමන්න හිතෙන හැම විටම තව ටිකක් උත්සහ කිරීමෙන්.

තිලෝ ගුරු බුදුරදුන් බුද්ධත්වය ලබන්න ආසන්න වෙනවිටයි මරඟනන් උන් වහන්සේගේ උත්සහය අඩපන කරන්න උත්සහ කරන්නේ. ජේසු තුමන් ගේ විශ්වාසය බිඳ දමන්න සාතන් කොතරම් උත්සහ කළත් කුරුසයේදීත් උන් වහන්සේගේ අවධානය බිඳ දමන්න අසමත් උනා.

ටයිටැනික් සහ ටර්මිනේටර් චිත්‍රපට කළ සම්මානනීය අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් තමන් ගැන මෙසේ කියයි. මිනිසුන් මා පූර්ණ නිදොස් පුද්ගලයෙකු ලෙස කීවත්, මම නිවරදි වන තුරුම එකම දෙය නැවත නැවතත් කරමි. යමක් සාර්තකවීම පසු පස ඇත්තේ අප්‍රතිහත ධෛර්යයයි.

තව සැරයක් උත්සහ කරන්න, ලොකු ගල් පර්වතයක් හොලවන්න පුංචි දිය දහරකට බෑ. ඒත් පුංචි දිය දරම දිගින් දිගටම ගලන විට ගල් පර්වතය කොයිතරම් විශාල වුනත් ඒ ගල් පර්වතය වෙනස් කරන්න පුළුවන් කම ලැබෙනවා.

මිනිසුන් අත්හැර දමන්න සිතන්නේ එය ජයග්‍රහනය කරා ළඟා වෙනවිටමයි. අත හරින්න හිතෙන හැම වෙලාවේම තව ටිකක් උත්සහ කරන්න බලන්න.

Sarasith by Sanath Gamage

ආදරය

ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒ ආදරය අසීමිතව දෙන්න. එය පෙරළා අපේක්ෂා නොකර. බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව.

මැණිකක් වන්න……

මිනිස්සු මැණික් හොයන්න හරියට දුක් විදිනවා. මහ වලක් හාරගෙන පස් කූඩ අයිස් වගේ ඉදිකටු ඇනෙණ වතුරක බැහැගෙන ගොඩාක් සීතලේ. ඒ හොයගන්න මැණික් කොච්චර වටිනවද? කොච්චර ගණන්ද? මිණිරන් පතලක් වුනත් එහෙමයි. දියමන්ති වල වටිනකම සමහර වෙලාවට ඒ මිනිස්සුන්ටත් හිතා ගන්න බැරි තරම්..
ඔයටත් බැරිද මේ අපි ජීවත් වෙන සමාජය තුල මැණිකක් වෙන්න. පුලුවන්.. ඔබ ඔබව මැණිකක් කරලා.. දියමන්තියක් වගේ බබළවන්න..

හිම ගුලිය

හිම ගුලියක් පෙරලෙන්න පටන් ගත්තම තව තව හිම ඒ සමග එකතු වෙනවා. පුංචි හිම ගුලියක් ලොකු හිම බොලයක් වෙනවා. අපේ සිත් සුබවාදි වෙනවිට අපිත් එක්ක ඉන්න හැමෝගෙම ජීවිත ඒ විදිහටම වෙනස් වෙනවා.

බුද්ධිය සහ ක්‍රියාව

හංසයාට පියාපත් දෙකක් තියෙනවා. ඉගිලෙන්න ඒ පියාපත් දෙකම ඕනි වෙනවා. අපිටත් අපේ සිහින සැබෑ  කරගන්න පියාපත් දෙකක් ලැබිලා තියනවා. එක පියාපතක් බුද්ධිය. අනෙක ක්‍රියාව. පියාපත් දෙකම එකවර ක්‍රියාත්මක උනේ නැත්නම් පියනන්න බෑ. එක පිහාටුවකින් කවදාවත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඉගෙන ගන්නා දෙය ලබා ගන්නා බුද්ධිය ක්‍රියාවට නගන්න.
ඔබේ පියාපත් දෙකම ක්‍රියාත්මකද?