Category Archives: වියත් කියමන්

ජීවිතය වෙනස් කරන සිතුවිලි

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ බිත්ති වලටත් කන් තිබේ
@ සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
@ ඉහළ යන දේවල් පහළට ඒවි
@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
@ කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි
@ වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )
@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්
@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.

@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.

@ කරන කියන සෑම දෙයක්ම දවසින් දවස , මොහොතින් මොහොත, සෑම අතකින්ම, සෑම දෙයකින්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!

@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ.

@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න.

@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි.

Sanath Gamage  Sarasith

එක පියවරක්

අද ඔබේ ඉලක්කයට ඉගිල්ලෙන්න බලන්න. බැරිම නම් දුවන්න උත්සහ කරන්න. අමාරුද? දුවන්න අමාරුනම් ඇවිදින්න. ඇවිදින්නත් අමාරුනම් බඩ ගාගෙන හරි යන්න. අද ඉදිරියට තියන එකම එක පියවර පවා ඔබට වැදගත් වේවි.

Sanath Gamage

ක්‍රියාත්මක වෙන්න

වඩා වැදගත් වෙන්නේ අපි සිතන දෙය, අපි දන්නා දෙය හෝ අපි විශ්වාස කරන දෙය නොවෙයි. අවසානයේදී වඩාත් වැදගත් වෙන්නේ අපි කළ දෙයයි. දැන්මම ක්‍රියාත්මක වෙන්න.
– ජෝන් රස්කින් (ඉංග්‍රීසි ලේඛක) John Ruskin

අවවාදයත් හිම වගෙයි. ලැබෙන විට හිම මෙන් සැහැල්ලුයි. ඉන් පසුව ඔබත් සමග ජීවත් වෙයි. ටික කලක් යන විට ඔබේ යටි සිතට කිඳා බසී. – සැමුවෙල් ටේලර් Samuel Tayler
ඉංග්‍රීසි කවියෙකි

දක්ෂතාවය අපි කඩෙන් ගන්න ලුනු වලටත් වඩා ලාබෙට ගන්න පුළුවන්. තම අරමුන වෙනුවෙන් අසීමිතව කැපවෙන කෙනෙකුට ලෙහෙසියෙන් දක්ෂතාව පසු කරගෙන යන්න පුළුවන්.
– ස්ටීවන් කින් Stephen King
ජනප්‍රිය ඇමරිකානු ලේඛකයෙකි