Monthly Archives: පෙබරවාරි 2011

එක පියවරක්

අද ඔබේ ඉලක්කයට ඉගිල්ලෙන්න බලන්න. බැරිම නම් දුවන්න උත්සහ කරන්න. අමාරුද? දුවන්න අමාරුනම් ඇවිදින්න. ඇවිදින්නත් අමාරුනම් බඩ ගාගෙන හරි යන්න. අද ඉදිරියට තියන එකම එක පියවර පවා ඔබට වැදගත් වේවි.

Sanath Gamage

වාසනාවන්තම රුපියලේ කාසිය

රමේෂ් තම පුංචි පුතාට ලෝප්‍රකට සංගීතඥයෙක්ගේ නම තැබුවේ, තම පුතුන් සංගීතයෙන් ඉදිරියට යනු ඇතැයි යන පුංචි සිතුවිල්ලත් සමගයි. හැබැයි වසර 2 1/2 ක් වෙනවිට ගෙදර තිබුන කොස්ස අරගෙන තමන් රැක බලා ගන්නා ආයාම්මාත් එක්ක ගෙදර පිටිපස්සට දුව ගෙන යන්නේ ක්‍රිකට් ගහන්න. අයියා තමන්ගේ මල්ලීගේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තෙන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් කරන්න කටයුතු කරා.
ක්‍රිකට් වලට ඒ තරම් දක්ෂ කම් පෙන්වුවේ නැතුවත් පුංචි බෝල ගෙඩියක් වගෙ පෙරලෙන දරුවා එවකට ලොව සිටිය දක්ෂතම පන්දු යවන්නාගේ පන්දු යවන්නන් පුහුණු කරන ඇකඩමියට යවන්නේ ඔහුගේ පාසලේ පුහුණු කරු රාමකාන්ත් අචේකාර් විසින්. හැබැයි ඇකඩමියේ දී ඔහුට එතරම් දක්ෂ කම් දක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඩෙනිස් ලිලී කොතරම් මහන්සි ගත්තත් මේ දරුවා වේග පන්දුවට දක්ෂයෙක් නොවෙන බව වටහා ගත්තා. හැබැයි ආපහු හරවා යවන දරුවාගේ සිත රිදවන්න බැරි නිසා ඔහු යෝජනා කළා පන්දුවට පහර දෙන්න යොමු වෙන එක වැඩි පුර හොඳයි කියලා.

ආපහු පාසලට එන දරුවා ගෙන ආ තුන්ඩුවෙන් ලොව දක්ෂම පුහුණු කරු කියන මේ පණිවිඩය රාමකන්ත් කියවන්නේ වෙන තෙරුමකින්. ඔහු හිතන්නේ ඩෙනිස් ලිලී කියනවානම් ඔහු පන්දුවට පහර දීමට හොඳයි කියලා,,, එහෙමනම් ඇත්තටම මේ දරුවා බැටින් වලට හොඳ වෙන්න් ඕනි. ඒත් ඔහුගෙන් එහෙම සුවිශේෂ දස්කම් මතු වෙන්නේත් නෑ.

දරුවා ළඟ නොතිබුන උනන්දුව වැඩි කරන්න රාමකාන්ත් අපූරු දෙයක් කළා. විකට්ටුව මත් තිබුන බ්‍රේල්ස් ඉවත් කරලා ඒ වෙනුවට රුපියලේ කාසියක් තිබ්බා. අභියෝගයක් දුන්නා. දවසම බැට් කළොත් ඒ රුපියල ඔහුට හිමි වෙන බවට. ඒත් ප්‍රථිපළය එකමයි. විකට් ගියා. රාමකාන්ත් පන්දු යවන්නාට ඒ රුපියල ලබා දුන්නා. පුංචි දරුවාගේ ඇසට කඳුළක් නැගුනා අහිමි වූ අවස්තාව ගැන.

ඊළඟ දවසේ පුහුණුවට ආවේ පන්දුවට පහර දෙන්න නෙමෙයි. රුපියල බේර ගන්න. පැය දොළහක් තුළ විකට්ටුව රැක ගෙන රුපියල ලබා ගන්න පුළුවන් වුනා. දින දහ තුන කදී රුපියල් දහතුනක් රැස් කරගත් ඔහුට ලෝක වාර්තාවකට හිමිකම ලබා ගන්න පුළුවන් වුනා. කවුද මේ කීර්තිමත් ක්‍රීඩකයා. බලන්න ඔහු මේ කියන කතාව.

මතක සිතුවමක් සකසමු

ඔබ මතක සිතුවම් පිළිබඳ ලිපිය කියවා මෙය කියවන්න.

ඕන දේවල්

කොළයක්
පාට පෑන්
ඔයාගේ මොළය

කරන විදිහ
1. දිගටම කියවන්න

පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)

ඔයාට හෝම් වර්ක්(Home Work) වලට ගත කරන කාලය අඩකින් අඩු කරලා ටිකක් වැඩිපුර හිනාවෙන් ගතකරන බව හිතා ගන්න. ඔයා කළ යුතු ව්‍යාපෘතියට හොඳ ආරම්භයක් ලබා ගෙන ඉතා හොඳින් නිම කළ හැකි සූත්‍රයක් හොයා ගත්ත බව මවා ගන්න. හිතන්න ඔයා රහස් බලගතු මන්ත්‍රයක් ලැබුනොත් ගැටළු පහසුවෙන් විසඳන්නත්, මතකය වැඩි කරගන්නත්. ඇත්තටම දැන් මේ සිහිනය සැබෑවක් කර ගන්න ඔයාට පුළුවන්. ඒ බලගතු රහස් මංත්‍රය තමයි මතක සිතුවම් කියලා කියන්නේ.

Mind Mapping වලට නියමිත හරි සිංහල වචනයනම් මානසික අනුරූපිත වෙන්න ඕනි. හැබැයි මම මේ සඳහා යොදා ගන්නේ මතක සිතුවම් කියන වචනය. මම ඔබෙන් ඉල්ලනවා හොඳ නමක් යෝජනා කරන්න කියලා.

මොකක්ද ඇත්තටම මේ මතක සිතුවම්?
*** මතක සිතුවම් ඔබට අවශ්‍ය තොරතුරු මතකයට ඇතුල් කරන්නත්, නැවත ලබා ගන්නත් පුළුවන් පහසු ක්‍රමයක්
*** මතක සිතුවම් පාඩම් කිරීමෙ සහ පුණරීක්ෂණය කිරීමේ ඉක්මන් ප්‍රථිපළ පෙන්වන නවීන ක්‍රමයක්
***මතක සිතුවම් අළුත් අදහස් සහ ව්‍යාපෘති වඩා හොඳින් කර ගන්න පුළුවන් ක්‍රමයක්

මතක සිතුවම් කියන්නේ ඔබ ලබා ගන්නා තොරතුරු, වචන, පාට, ඉරි සහ චිත්‍ර මගින් සංවිධානය කරන ඔබේ ධාරණ ශක්තිය වැඩි කරන පහසු උපක්‍රමයක්. මතක සිතුවම් නිසා ඔයාට….
*** පහසුවෙන් මතක තබා ගන්න ,
*** නව අදහස් ඇති කරන්න,
*** හොඳ ප්‍රථිපළ ලබා ගන්න,
*** ඔබේ අදහස් සහ ජීවිතයම ක්‍රමානුකූළ කරන්න පුළුවන් විනෝදාංශයක්.
කොහොම උනත් අන්තිම ප්‍රථිපළය ඔයාගේ විනෝදය වැඩි වීම තමයි.

මතකද අපි කථා කරපු වම් මොළයේ සහ දකුණු මොළයේ වෙනස් කම්. අපිට ඉගෙන ගන්න තියෙන දෙයක සටහන් තබා ගන්න උනාම වැඩි පුර භාවිතා වෙන මොළය මොකක්ද?
බලන්න සටහනක් තියා ගන්න අපිට කරන්න වෙන දේවල්
ඉරි තියන කොළ
ලයිස්තුගත තොරතුරු
වචන
තර්කානුකූල බව
පංති කාමරේත් පේලි වලටම නේද? මොනා හරි දෙයක් මතකයෙන් ගන්න ඕනි උනාම වචනයි අංකයි ඔබ මතකයට නඟා ගන්න උත්සහ කරනවා නේද? මේ හැම එකක්ම වම් මොළයේ දක්ෂතා. ඒ කියන්නේ ඔයා මතකය සඳහා මේ ගතානුගතික ක්‍රම නිසා පාවිච්චි කරන්නේ මොළයේ ශක්තියෙන් හරි අඩක් විතරයි.

හැබැයි මතක සිතුවමක් නිර්මාණය කරන්න පටන් ගත්තාම, ඔයාට ප්‍රධාන අදහස සිතේ තියා ගෙන අතුරු හැම අදහසක්ම එකතු කරගන්න වෙනවා. එහෙම උනාම ඔයාගෙ මොළයේ කොටස් දෙකම පාවිච්චි කරන්නම වෙනවා. එහෙම උනාම ඒ මතකය ඉරා දාන්න හරිම අමාරුයි. එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මොළය හිතන්නේ වර්ණ සහ චිත්‍ර වලින් වීම.

මතකද ඔයාගේ හිත ගත් කෙනෙක්. මොනාද මතක් වෙන්නේ. ඔවු. එයගේ මූණ නේද? හිතන්න මෙහෙම. ඔයාගෙ ගෙදර අත හැරලා ඔයාට පිටරටකට යන්න වෙනවා. ඔයාට ඕනි ගෙදර තියන විදිහ මතක තියා ගන්න. කොහොමද මතක තියා ගන්නේ? සටහනක විදිහටද ලයිස්තුවක් විදිහටද? නෑ නෙද? ඔයා මතක තියා ගන්නේ සිතුවම් වලින්. මේ උපක්‍රමය පාවිච්චි කරාම පඩම් මතක තියා ගන්නත් ඔයාට හොඳට පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් වේවි. ට්‍රයි කරමුද?

අඳින විදිහ ඉගෙන ගන්න කලින් මේ ගැන ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත මතක සිතුවම් කිහිපයක් පෙන්වන්නම්. මේවාගේ අයිතිය හා ගෞරවය ඒ වෙබ් අඩවි සංස්කාරක වරුන්ට හිමි වෙන්න ඕනි.

මෙන්න තවත් මතක සිතුවම් කිහිපයක්

අපි මතක සිතුවම් සකසන විදිහ අපි මීළඟ පාඩමෙන් ඉගෙන ගනිමු.

Sarasith by Sanath Gamage

Steps to Jobs – රැකියාවට පියනගමු

දිනය 2011 පෙබරවාරි 16 දින
පෙ.ව. 9:00 ට
බත්තරමුල්ල පැලවත්ත ශ්‍රවනාගාරයේ දී

අද

අද, ඔබේ ජීවිතයේ ඉදිරි කාලය පටන් ගන්නා පළමු දවසයි. ඒ නිසා අද හොඳම දවස කර ගන්න.

තව සැරයක් උත්සහ කරන්න

අපි ජීවිතේ කොයි තරම් අළුත් දේවල් පටන් අරන් අතරමග නතර කරලා තියෙනවාද? පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නවත්තන්න අපිට ඕනි තරම් හේතුන් තිබුනා. අපි අපිටම සමාවට හේතු කීවා. හිත හදා ගත්තා. අප්‍රතිහත ධෛර්යය ගැන අපි කොතරම් නම් ඉගෙන ගන්න ඇත්ද? මතකද ගෙවල් 1003කින් ම ප්‍රතික්ෂේප වූ කුකුල් මස් පිගානේ කතාව. හර්ලන්ඩ් සෑන්ඩර්ස් (Colonel Harland Sanders) කොයි තරම් නම් දිරියක් පෙන්නුවාද තමන් විශ්වාස කරපු තමන් ගේ සිහිනය ගැන. ඔහු තමන්ගේ සිහිනය විශ්වාස කළා. තමන් ගේ කුකුළු මස් අළෙවිය ගැන විශ්වාසය නිසා ප්‍රතික්ෂේප වීම් ප්‍රතික්ෂේප කළා. නෝත්‍ර ඩ්‍රැම් විශ්ව විද්‍යාලයේ (Notre Dame University) අළෙවි විශේෂඥ හර්බට් ට්රූ (Herbert True) අඛණ්ඩ උත්සහය පිළිබඳ අපූරූ විශ්ලේෂණය ඉදිරිපත් කළා.

** 44% ක් අළෙවි කරුවන් තම උත්සහය පළමු උත්සහයෙන් පසු අත් හරි.
** 24% ක් අළෙවි කරුවන් තම උත්සහය දෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 14% ක් අළෙවි කරුවන් තම උත්සහය තෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 10% ක් අළෙවි කරුවන් තම උත්සහය සිවුවෙනි උත්සහයෙන් පසු අත් හරි.

මේ සියළු දත්ත පෙන්වන්නේ අපි කොයි තරම් ඉක්මනට උත්සහය අත හරිනවාද යන්නයි. මිනිසුන්ගෙන් 8%ක් විතරයි පස් වතාවක් වත් උත්සහ කරන්නේ. හැබැයි විශිෂ්ඨයන් බිහි වෙන්නේ නොකඩවාම කරන උත්සහය නිසා. මතකද තෝමස් අල්වා එඩිසන් ගේ උත්සහයේ තරම. ලෝ සුපතල කාටූන් ශිල්පී වෝල්ට් ඩිස්නි ගේ කාටූන් දැකපු පුවත් පත් කතු වරුන් මේවා චිත්‍ර දැයි විමසමින් අපහාස කළා. ඒත් ඔහු තමන් ගැන විශ්වාසය නැති කරගත්තේ නැහැ. වැඩක් අසාර්ථක වෙන විට එය අතහැර දමන්න හිතෙනවා තමයි. ඒක සාමාන්‍ය තත්වයක්. හැබැයි ඔබේ සාර්තකත්වය රඳා පවතින්නේ අත් හැර දමන්න හිතෙන හැම විටම තව ටිකක් උත්සහ කිරීමෙන්.

තිලෝ ගුරු බුදුරදුන් බුද්ධත්වය ලබන්න ආසන්න වෙනවිටයි මරඟනන් උන් වහන්සේගේ උත්සහය අඩපන කරන්න උත්සහ කරන්නේ. ජේසු තුමන් ගේ විශ්වාසය බිඳ දමන්න සාතන් කොතරම් උත්සහ කළත් කුරුසයේදීත් උන් වහන්සේගේ අවධානය බිඳ දමන්න අසමත් උනා.

ටයිටැනික් සහ ටර්මිනේටර් චිත්‍රපට කළ සම්මානනීය අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් තමන් ගැන මෙසේ කියයි. මිනිසුන් මා පූර්ණ නිදොස් පුද්ගලයෙකු ලෙස කීවත්, මම නිවරදි වන තුරුම එකම දෙය නැවත නැවතත් කරමි. යමක් සාර්තකවීම පසු පස ඇත්තේ අප්‍රතිහත ධෛර්යයයි.

තව සැරයක් උත්සහ කරන්න, ලොකු ගල් පර්වතයක් හොලවන්න පුංචි දිය දහරකට බෑ. ඒත් පුංචි දිය දරම දිගින් දිගටම ගලන විට ගල් පර්වතය කොයිතරම් විශාල වුනත් ඒ ගල් පර්වතය වෙනස් කරන්න පුළුවන් කම ලැබෙනවා.

මිනිසුන් අත්හැර දමන්න සිතන්නේ එය ජයග්‍රහනය කරා ළඟා වෙනවිටමයි. අත හරින්න හිතෙන හැම වෙලාවේම තව ටිකක් උත්සහ කරන්න බලන්න.

Sarasith by Sanath Gamage

ආදරේ වැඩි කරගන්න ගෙදරින්

ඊයේ රෑ අම්පාරේ පවුල් විසි පහක අම්මලා ආවා සිරි නිවස වැඩසටහනට. අපි ඒ අයත් එක්ක ජීවිතේ ගැන කතා කළා. රෑ ඒ අම්මලා ආයෙත් ආවා තමුන්ගේ සැමියාත් දරුවනුත් එක්ක. සමහර තැන් වල තවත් නෑදෑයන් එකතුව ඇවිත් සිටියා. අපි කතා කළා ගෙදර ආදරේ ගැන. සමහර තාත්තලා කසාද බැඳලා අවුරුදු තිහකට පස්සේ ඊයේ තමයි පළවෙනි වරට තමන්ගේ බිරිඳට ආදරෙයි කීවේ. ඔවුන්ව අගය කරේ. දරුවන් තමන් ගේ දෙමාපියන් ගේ ඇස් දිහාම ආදරෙන් බලන් හිටියේ ඊයේ බීම නවත්තන්න දිවුරපු තත්තලාත් හිටියා.

ආදරයට අළුත් ඇරඹුමක් ඕනි ටික කාලයක් එකට යනකොට. අපි දැක්කා හුඟාක් දෙනෙක් කඳුළු හංඟගෙන ඉන්නවා. ඒත් මේ ගීය වාදනය වෙන කොට හැමෝම ඇඬුවා. මමත් ඇඬුවා. මටත් මගේ තත්තා මේ ගීය කියන විදිහ මතක් වුනා. මම මගේ පුතාලා දෙන්නාත් නළවපු විදිහ මතක් වුනා. ඔබටත් මේ ආරාදනාව අයෙත් තමන්ගේ පවුළට තව ටිකක් වැඩියෙන් ළං වෙන්න මෙ ගීය රස විඳින ගමන්

මේ චිත්‍රපටියේ දැකපු විදිහ