ඔයාට ඔයා ලඟ තියෙන දේවල් කොච්චර නම් වටිනවද කියලා මට කියන්න. ඔයාගේ මුහුණ වගේ ලස්සන මුහුණක් වෙන නෑ කියලා ඔයා හිතලා තියෙනවද? ජිවිතේට පුංචි පුංචි වටින දේවල් එකතු කර ගන්න උත්සහ කරන ඔයා, ඔයා ලඟම තියෙන ලොකු වටිනා කමකින් පිරුණු දේවල් අමතක කරනවද?
කඩේක තියෙන ලස්සනම සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක් ඉල්ලලා ඔයා හයියෙන් අඩද්දී.. ඔයාගේ පුංචි කකුල් දෙකේ දාගෙන ඉන්න ආරක්ෂාව, ලස්සන තියෙන සෙරෙප්පු දෙක ඔයාට වටින්නැහැ. ඒත් ඔයා හිතලා බැලුවද ඔයාට වගේ කකුල් දෙකක් නැති කෙනෙක් සෙරෙප්පු දෙකක් ඉල්ලලා අඩන එක ගැන.
ඔයා අහලා තියෙනවද ඇමෙරිකාවේ ඇරිසොනාවෙන් බිහි වුණ අත් දෙකම අහිමිව ගිය ජෙසිකා ගැන. එයාට නැතිව ගිය අත් දෙක වෙනුවෙන් එයා අඬ අඬම හිටියා නම්, ජෙසිකව අදටත් දන්නේ ජෙසිකගෙ අම්මා විතරමයි. ජෙසිකා ලග ඉතුරු වෙල තිබුණ කකුල් දෙකට එයා වටිනා කමක් දුන්නා. ඒ වටිනා කම ජෙසිකව ලෝකේ දෑත් අහිමි පළමු ගුවන් නියමු වරිය වනතෙක් ගෙනිච්චා. එච්චරක්ද..? නැහැ, එයා අපි හැමෝටම කිවුවා ”තමන්ට වටිනා කමක් දෙන්න..” කියලා. ඔයා ඒ වටිනා කම ඔයාට දුන්නා නම් මේ ලෝකේම ඔයාගේ කියලා ජෙසික ඔප්පු කලා
ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න.ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න. ඔයාට අහිමි වුණ දේවල්, අහිමි වෙන දේවල් වලට වඩා ඔයා ලඟ තියෙන දේවල් වෙනුවෙන් සතුටු වෙන්න. ඒ දේවල් වෙනුවෙන් ජීවත් වෙන්න.ඔයාට අහිමි දේවල් වල නැති.., ඔයා ලඟ තියෙන දේවල් වල හොඳ දකින්න.
ඔයාගේ ඇස් දෙකේ කුංකුම තවරන්න කුංකුම ඉල්ලලා හඩා වැටෙද්දී, දෑසම අහිමි කෙනෙකුට කුංකුම වල වටිනා කමක් තියේද සිතන්න. ඔයා ඔයා ලඟ තියෙන දේ අගේ කරන්න. වටිනා කමක් දෙන්න. නැති දේවල් වලට වඩා තියෙන දේවල් ගැන සතුටු වෙන්න. එහෙම කරලා ඔයා බලගෙන ඉන්න ඔයාට නෑ කියන්න බැරි වෙන්න හැම දෙයක්ම ලැබෙයි.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා..
කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා..
මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැදුනු විට බුමුතුරුණු..
දොරකට යදියන් ඉදුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුල් වැටී..
සඳ කිදුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවද පිරේ…
ඒ සද සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිදිති පොඩි දරුවෝ..
මිරිවැඩි සඟලක්…..