Monthly Archives: අප්‍රේල් 2011

ගමන වෙනස් කරවන දරුවාගේ අභිමානය

ඔබේ දරුවාගේ ස්වයං ප්‍රථිරූපයට හානි වෙන්න තියන්න එපා. අකුරට දස්කම් දක්වන්නේ නැතිකම සමහර විට ඩික්ස්ලෙක්සියා රෝගය වෙන්නත් පුළුවන්. ඒක අඳුරගන්න. බලන්න මේ කතාව. දරුවා අඳුන ගැනීම දෙමාපියන්ගේ ලොකුම වගකීම.

සිතන්න…

1. >>> ඔබට සිතෙන අලුත් දෙයක් කරන්න අදිටන් කරන්න. අරඹන්න. මතක තියා ගන්න ගංවතුරක්දි ආධුනිකයන්ගේ අතින් නිමවෙන පාරුවකින් ජීවිත බේර ගන්න පුළුවන් වෙනවා. ඒත් ලෝක පූජිත වෘත්තිකයන් ගේ අතින් නිමවුන ලොකුම පුරාජේරුවක් වූ ටයිටැනික් නැව ගිලුනා.

2. >>> හැඟීම් නිරන්තරයෙන්ම වෙනස් වෙන බව ඔබ දන්නවා. ඒ හැඟීම් මත පදනම්ව ජීවිතයටම බලපාන තීරණ ගත්තොත්…… ඔබ ගන්නේම වැරදි තීරණයක්. සිතන්න…

3> >>> කණස්සල්ල, කරදරයට පෙර එන ඔබට ගෙවන ලාභාංශයයි. ඔබ කණස්සල්ල බාර ගත්තොත් කරදරය ප්‍රතික්ෂේප කරන්න බැරි වේවි.

සිතන්න අළුතින් – දිනන්න දිවියෙන් – ( චිත්ත වේග කලමනාකරණය පිළිබඳව අළුත්ම සොයා ගැනීම්)

චිත්ත වේග එහෙම නැත්නම් භාව කලමනාකරණය (Emotional Management) කරගන්න පුළුවන් හොඳ මානසික ශක්තියක් ඇති අයට.  තමන්ගේ ශරීර සුවතාව හොඳින් පවත්වා ගන්න පුළුවන් චිත්ත වේග කලමනාකරණය හොඳ නම්. එහෙම කරන්න අපහසු අයට එයින් මිදීම පිළිබඳව අළුත්ම සොයා ගැනීම් තියෙනවා. ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට,  තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා. ජීවිතයම මුළුමනින්ම ජීවත් වෙන්න අපල කාල එහෙම නැත්නම් අමාරුම කාල යොදා ගන්නවා.

කෙටියෙන්ම කීවොත් ඔබ හැඟීම් කළමනාකරණයට දක්වන දක්ෂතාව ඔබේ අනාගතය තීරණය කරන ප්‍රධානම කරුණ වෙනවා. භාවයන් එහෙම නැත්නම් හැඟීම් සමතුළිත කරගන්න ඔබට විශාල කාලයක් සහ ආයාසයක් යොදවන්න වුනත්, එයින් ලැබෙන ප්‍රතිපළ ඊට වඩා බෙහෙවින්ම වැඩි වෙනවා. උත්සහ කළොත් එය ඉතාම පහසු පියවර කිහිපයක්. මේ ලිපි පෙලෙන් බලපොරොත්තු වෙන්නේ ඔබට තනිවම කරන්න පුළුවන් දේ සරළ සිංහලෙන් කියලා දෙන්න.

දිනක් මහාචාර්ය ගල්මන්ගොඩ මහතා සාකච්චාවකදි මතක් කළා, ඔබට මානසික රෝගයක් තියෙනවාද කියලා අහන එක වැඩක් නැති දෙයක් කියලා. හේතුව අපි සියලු දෙනාටම එහෙම තත්වයක් තියෙන එක පොදුවේ දන්න පිළිගන්න දෙයක්. අපි අහන්න ඕනි වෙන්නේ ඔබට කොපමණ ප්‍රතිශතයක මානසික රෝගී තත්වයක් තියෙනවාද කියන එක විතරයි. ( Never asked are you mad. Its understood. What you have to asked what is the % of your madness)

හැබැයි මේ ලිපි පෙලෙන් සාකච්චා කරන ලෝ පුරා පිළිගත් උපක්‍රම භාවිතා කළොත් ඔබට වඩා හොඳ සෞඛ්‍යමය තීරණ ගන්න පුළුවන් වෙනවා.  ඒ මගින් ඔබේ හැඟීම් කළමනාකරණය හොඳ වෙනවා. ඔබට සතුට සහ සැහැල්ලුව ලැබෙනවා. ආත්ම අභිමානය වැඩි වෙනවා. ඔබට ලැබෙන හොඳම පුවත නම් ආතතිය ජය ගන්න පුළුවන්.  ඒ මගින් ඔබේ හැඟීම් කළමනාකරණය හොඳ වෙනවා. ඔබට සතුට සහ සැහැල්ලුව ලැබෙනවා. ආත්ම අභිමානය වැඩි වෙනවා. ඔබට ලැබෙන හොඳම පුවත නම් ආතතිය ජය ගන්න පුළුවන්. අභියෝග දිනන්න නැගිටින්න පුළුවන්. බිඳ වැටීම හමුවේ සිනහ නගන්න පුළුවන්. සුවයෙන් ජීවිතයම දිනන්න පුළුවන්. හොඳ හැඟීම් කළමනාකරණය මගින් අපි කතා කරන්නේ ඔබ සහ ඔබේ සිතුවිලි ගැනයි. සබඳතා වල වටිනා කම් ගැනයි. හැඟීම් වල ගැති බවෙන් මිදී හොඳ තීරණ ගැනීම වගේම අපහසු අවස්තාවලදී ඉවසීමෙන් සහ සංයමයකින් කටයුතු කිරීම ගැනයි.

අපි මේ යටතේ වැඩි දුරටත් කතා කළ යුතු කොටස් පිළිබඳව හොයා බලමු.

භාව කළමනාකරණය

භාව සංනිවේදනය

භාව බුද්ධිය

සිනාව – හොඳම බෙහෙත

චිකිත්සා සහ උපදේශනය

ස්වෙච්ජා සේවය සහ එහි වාසි

කෝපය ජයගැනීම

භාව කුසලතා අත් බෙහෙත්

ක්ෂණිකව ආතතිය ජය ගැනීම

දරුවන්ගේ හෝම් වර්ක් කරදරයට තිතක්. ඔබට සුවයක්…

පාඩම් වලට අකමැති වගේම, පාඩම් වලින් ඉහළ ප්‍රතිපළ නොලබන දරුවන් පාඩම් වලට යොමු කරවන්නේ කොහොමද? අද දෙමාපියන් ගේ ජනප්‍රිය ප්‍රශ්නයක්. දරුවන් අදක්ෂයන් නොව ඔවුන්ගේ ඉගෙනීම් හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු නොකරන බැවින් මේ ගැටළුව ඇතිවෙනවා. හොඳ ප්‍රතිපළ ලබන දරුවන් ටත් ඉගෙනීමේ දක්ෂතා වැඩි දියුනු කිරීමෙන් තව තවත් පහසුවෙන් සහ කැමැත්තෙන් ඉගෙනීම කරන්න පුළුවන් කම ඇති කරගන්න පුළුවන්. දරුවන් තමන් පිළිබඳව ඇති කර ගන්නා සුභවාදි හැඟීම් වගේම, තම කුසලතා පිළිබඳව ඇති පෝෂණීය හැගීම් වැදගත් වෙනවා. දරුවන්ට තමන් තුළ පවතින තමන් සතු පාළනය පිළිබඳ හැඟීම වර්ධනය වීම අත්‍යවශය වන කරුණක්. අපි මේ දෙය වැඩි කරගන්න කළ හැකි දේ පිළිබඳව සොයා බලමු.

මම සුපිරි බුද්ධිමතෙක් නෙමෙයි”, ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් ප්‍රකාශ කළා. “එහෙම උනේ මම කොච්චර අමාරු උනත් ප්‍රශ්නයක් නිමා වෙනතුරුම එක විදිහටම එල්ලිලා හිටපු නිසා” හෝම් වර්ක් කරන්න දරුවන්ට තියෙන්නේ ඒ වගේම මනසිකත්වයක්ද? දරුවන් වර්ග දෙකක් දකින්න පුළුවන්.

පළමු කොටස:
* අභියෝග බාර ගන්න කැමතියි
* තමන්ම වැඩ ටික පටන් ගන්නවා
* හොඳ අවදානයෙන් සහ දැඩි උත්සහයෙන් වැඩ කරනවා
* ඉගෙන ගන්නත් හෝම් වර්ක කරන්නත් හරිම ආසයි.
* අමාරු වැඩ වලදී ඒකත් එක්ක ගැටෙන්න ලස්සන උපක්‍රම පාවිච්චි කරනවා
* වැඩක් පටන් ගත්තාම ඉවර වෙනකන්ම කරනවා

දෙවන කොටස:
* අභියෝග බාර ගන්න අකැමතියි
* වැඩ ටික පටන් ගන්න කවුරු හරි බල කරන්නම ඕනි
* අඩුම උත්සහයකින් වැඩ කරනවා
* ඉගෙන ගන්නත් හෝම් වර්ක කර්ක් කරන එක කල් දාන්න උනන්දු වෙනවා
* අමාරු වැඩ වලදී ඒකෙන් කට්ටි පනින්න ලස්සන උපක්‍රම පාවිච්චි කරනවා
* ඉවර නැති වැඩ හුඟාක් තියෙනවා.

ඔබේ දරුවා ඩෙවන කොටසේනම් මේ ටික දිගටම කියවන්න.

මුල්ම නීතිය – දරුවන් ස්වභාවයෙන්ම හෝම් වර්ක් කරන්න අකමැතියි. විශේෂයෙන්ම පාසලේ සහ ටියුෂන් වල වැඩ වැඩි උනාම ඒක කරන්නේ නැතුව ඉන්න කොහොමත් කැමතියි. කැමැත්තෙන්ම ඔවුන් තමන්ගේ හෝම් වර්ක් කරන්න පටන් ගන්න සිහිනයෙන් මිදිලා වැඩේට බහින්න හිත හදා ගන්න. ඔවු මට තේරෙනවා. ඔයාත් ඔෆිස් වැඩ ඉවරවෙලා තවත් කරදරයක් කියලා හිතනවා. ඒත් අපි මෙකට හිත හදා ගත්තාම වැඩේ ලේසියි.

දෙවන නීතිය: ඔබ කොතරම් සිහින මැවුවත් ඔවුන් කැමැත්තෙන් ගිහින් පාඩම් වැඩ තනිවම කරන්නේ නැහැ. ඔබ සිතන පතන විදිහට ආකල්ප දරන කෙනෙක් කරන්නත් බෑ. ඔහුගේ පෑන නිකම්ම ලියවෙන්නෙත් නෑ.

හැබැයි බලපෑම් කරන්න බැරි උනත් උදවු කරන්න පුළුවන්. සුභවාදි මෙත් සිතුවිලි සහිතව ආදරය ඉතිරෙන හදින් කරන ආරාධනා වන්ට පෙළඹවීම් කරන්න පුළුවන්. ඔබේ මෙත් සහිත මානසික සිතුවම් පෙරදැක්මට ඔහුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුළුවන්.ආරාධනාවන් සහ උනන්දු කිරීම් වලට ඔහුගේ අදහස් වෙනස් කරන්න පුළුවන්.

තුන් වන නීතිය: හෝම් වර්ක් ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔවුන්ගේ පෑන් ලියවිය යුතුමයි. ඔවුන් පුටුවේ වාඩිවිය යුතුමයි. ඔවුන් ගෙදර ගේන්නේ ඔවුන්ගේ රිපෝර්ට් කාර්ඩ් එකයි.

බොහෝ දෙමාපියන් සිතන්නේ හෝම් වර්ක් ඔවුන්ගේ ප්‍රශ්නයක් ලෙසයි. ඒ නිසා ඔවුන් අන්තවාදි ලෙසින් ප්‍රශ්න විසඳන්න හදනවා. තර්ජනය කිරීම්, කෑගැසීම්, බලකිරීම්, තරවටු කිරීම්, අල්ලස් ලබා දීම්, අපහාස කිරීම් සහ වරප්‍රසාද අත්හිටූවීම් සිදුකරනවා. ඔබ දැකලා තියෙනවාද ඒ එකක් වත් එක දිගටම ප්‍රථිපළ ගෙනත් දෙන්නේ නැති බව.

දෙමාපියන් ලෙසින් අපේ යුතුකම හෝම් වර්ක් කරන්න පරිසරය, ක්‍රියාවලිය සහ පද්දතිය සකස් කරලා දෙන එක. ඒක කරන එක ඔවුන්ගේ වැඩක්.

# පළමු ගුරුකම
“හෝම් වර්ක් වෙලාව” ඔබේ වචන මාලාවෙන් ඉවත් කරන්න. “පාඩම් කරන වෙලාව” ඒ සඳහා ඇතුල් කරන්න. හැම දරුවෙකුටම පාඩම් කරන වෙලාවක් තිබිය යුතුයි. හෝම් වර්ක් කරන මේසයක් නැතත් පාඩම් කරන මේසයක් තිබිය යුතුයි. මේ තුළින් ම, අද හෝම් වර්ක් නැහැ යන තර්කය බිඳ දමන්න පුළුවන්. ඉගෙන ගන්න වෙලාවට කරන්න ඉතිරි වෙලා තියෙන හෝම් වර්ක් ප්‍රමානය දැක්කාම ඔබට පුදුම හිතේවි.

# දෙවන ගුරුකම
පාඩම් කරන වේලාවක් සම්බන්දව එකඟතවයකට එන්න. දරුවාත් සමග කතා කරන්න. මේ සඳහා යෙදවිය යුතු කාලය දරුවාගේ පන්තිය සමග වෙනස් වෙනවා.

දිනපතා පඩම් කළ යුතු කාල සීමාවන් පහළින් දක්වා ඇත.

Written by Sarasith

දිනපතා පඩම් කළ යුතු කාල සීමාව

මග පෙන්වීම් සහිතව

තනිවම

පෙර පාසල්

මිනිත්තු30

මි 30-60

Grade 1-3

පැ 1

මි 60-75

Grade 4-5

පැ1-1.5

මි 75-90

Grade 6-8

පැ 1.5-2

පැ 1-3

Grade 9-10

පැ 2+

පැ 2-4

Grade 11-12

පැ 2+

පැ 3-5

ජීවිතය වෙනස් කරන සිතුවිලි

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ බිත්ති වලටත් කන් තිබේ
@ සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
@ ඉහළ යන දේවල් පහළට ඒවි
@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
@ කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි
@ වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )
@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්
@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.

@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.

@ කරන කියන සෑම දෙයක්ම දවසින් දවස , මොහොතින් මොහොත, සෑම අතකින්ම, සෑම දෙයකින්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!

@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ.

@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න.

@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි.

Sanath Gamage  Sarasith

අයින්ස්ටයින්ට වයලිනයක්

ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳව ඔබේ සිතුවිල්ල කුමක්ද? ඔහු ලොව බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයෙක්ද? එහෙමත් නැත්නම් ඉගෙනගන්න පුළුවන් කමක් නැති පල් මෝඩයෙක් ද? පුංචි අයින්ස්ටයින් දවසක් ගෙදර ආවේ ගුරුවරියගෙන් තුන්ඩු කෑල්ලකුත් අතින් ගෙන. එහි තිබුනේ මේ මැට්ටා ඉගෙන ගන්න බැරි කෙනෙක් ලෙස හංවඩු ගහලා. ආයෙත් ඔහු පාසල් නො එවන ලෙස කියා තිබුනා. නමුත් ඔහුගේ අම්මා මේ කතාව පිළිගත්තේ නැහැ. අම්මා මොකක් හෝ හේතුවකට පුංචි අයින්ස්ටයින් ට වයලිනයක් තෑගි දුන්නා. අයින්ස්ටයින් තමන්ගේ ජීවිතය පිළිබඳව කතා කරද්දි කියන්නේ වයලින් වාදනය ඔහුගේ මොළයේ හැකියාවන් වැඩි කළ බවයි. සංගීතයට කළ හැකි දේ බොහෝමයි. අපි මේ ගැන තවත් කතා කරමු.

Sarasith