Category Archives: ඉදිරි වැඩසටහන්…

ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස – වෛරය වෙනුවට මෛත්‍රිය

ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛරකරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්‍රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්‍රාර්ථනා කරන්න. ඔබ වෛරකරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි.

වසර 60 කට කලින් ධනපතීන් භංග වෙවා කියමින් ලක්ෂ ගනන් පෙළපාලි ගිය පක්ෂ වල සාමාජිකත්වය අද බට්ටෙකුට පටවන තරමට අඩු වෙලා. ධනපතීන් වැඩි වෙලා. වැඩ කරන අපි වගේම සොයුරු ජනතාවට සෙත් පතමු. ඔවුන් ශක්තිමත් කරමු. ඔවුන්ට දිරි දෙමු. වෛරය වෙනුවට මෙත් සිත් පතුරුවමු.

ජීවිතය සරු කරන මේ ධර්මතාව හොඳින්ම දැන සිටි කෙනෙක් නම්, තෙරේසා මවු තුමියයි. ඇය සාමය වෙනුවෙන් පෙනී සිටි ලොව දැවැන්තම චරිතයක්. යුධ විරෝදි රැලියක සංවිධායකයන් ඇය හමුවී ඇයගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා තම අරගලය හා එකතු වන්නට.

ඇය ඉතාම කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා. පුදුමයට පත් සංවිධායකයන් ඇයගෙන් කරුණු විමසනවා. “සාමය වෙනුවෙන් තියෙන රැළියකට මම එනවා” ඇය කියනවා. අපේක්ෂාව එකම ප්‍රථිඵළය. වෙනස් ගමන් මගක්. ඔබ නිතරම සිතන කියන දේ ඔබට ලැබෙනවා. මේ රහස ජීවිතයට එකතු කර ගන්න.

sarasith.wordpress.com

Sanath Gamage – Secrets of Powerful Life

Steps to Jobs – රැකියාවට පියනගමු

දිනය 2011 පෙබරවාරි 16 දින
පෙ.ව. 9:00 ට
බත්තරමුල්ල පැලවත්ත ශ්‍රවනාගාරයේ දී

වෘත්තීය අධ්‍යාපනය

රැකියාවකට යන්න වෘත්තීය අධ්‍යාපනය කොතරම් වටිනවාද? ඔබට තෝරා ගන්න සුදුසු පාඨමාලාව තෝරා ගන්නේ කොහොමද ? ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න අපි උත්සහ කරනවා අද රෑ 9.30 ට සියත රූපවාහිනියෙන්. අපි එනවා ඔබේ ගෙදරට.