Category Archives: ගීයක් රස විඳිමු

ආදරේ වැඩි කරගන්න ගෙදරින්

ඊයේ රෑ අම්පාරේ පවුල් විසි පහක අම්මලා ආවා සිරි නිවස වැඩසටහනට. අපි ඒ අයත් එක්ක ජීවිතේ ගැන කතා කළා. රෑ ඒ අම්මලා ආයෙත් ආවා තමුන්ගේ සැමියාත් දරුවනුත් එක්ක. සමහර තැන් වල තවත් නෑදෑයන් එකතුව ඇවිත් සිටියා. අපි කතා කළා ගෙදර ආදරේ ගැන. සමහර තාත්තලා කසාද බැඳලා අවුරුදු තිහකට පස්සේ ඊයේ තමයි පළවෙනි වරට තමන්ගේ බිරිඳට ආදරෙයි කීවේ. ඔවුන්ව අගය කරේ. දරුවන් තමන් ගේ දෙමාපියන් ගේ ඇස් දිහාම ආදරෙන් බලන් හිටියේ ඊයේ බීම නවත්තන්න දිවුරපු තත්තලාත් හිටියා.

ආදරයට අළුත් ඇරඹුමක් ඕනි ටික කාලයක් එකට යනකොට. අපි දැක්කා හුඟාක් දෙනෙක් කඳුළු හංඟගෙන ඉන්නවා. ඒත් මේ ගීය වාදනය වෙන කොට හැමෝම ඇඬුවා. මමත් ඇඬුවා. මටත් මගේ තත්තා මේ ගීය කියන විදිහ මතක් වුනා. මම මගේ පුතාලා දෙන්නාත් නළවපු විදිහ මතක් වුනා. ඔබටත් මේ ආරාදනාව අයෙත් තමන්ගේ පවුළට තව ටිකක් වැඩියෙන් ළං වෙන්න මෙ ගීය රස විඳින ගමන්

මේ චිත්‍රපටියේ දැකපු විදිහ

දෑස් වලින් කතා කරමු

ඔයා වගේම මමත් කතා කරනවානේ. බලන්න ඔයා මාත් එක්ක කතා කරද්දී, ඔයා ආදරේ කරන කෙනාට කතා කරද්දී කොච්චර වෙනස්ද කියලා. කටින් විතරක්ම නෙවේ. අපි ආදරේ කරද්දී ඇස් වලිනුත් කතා කරනවා.

ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන කෙනා ලඟ ඉද්දී ඔහුට තියෙන බැදීම එක වචනෙකින්වත්කතා නොකර ඔයා හරිම පැහැදිලිව, සරලව ඔයාගේ ඇස් දෙකෙන් කියනවා. ඒ හැම දේම ඔයාගේ ආදර වන්තයාගෙන් ලැබෙනවා.. ඔයාලා හමුවෙන මොහොතෙදීම මුලින්ම දකින තප්පරේ ඉදලා කටින්{මුවින්} කතා නොකලට හදවතේ තියෙන හැම බැදීමක්ම, සිතුවිල්ලක්ම ඔයා එයත් එක්ක සුහඳව හුවමාරු කර ගන්නවා ඔයාගේ ඇස් දෙකෙන්. ඇස් දෙක ඔයාට මේ ස්භාවධර්මය තෑගී කරලා තියෙන්නේ බලන්න විතරක්ම නෙවේ. හරිම සංවේදිව, අවංකව අපිට හමු වෙන අයත් එක්ක අදහස් හුවමාරු කර ගන්න පුළුවන් සන්නිවේදන ඉන්ද්‍රියක් කරලා.

ඔයාට මම පුංචි දෙයක් කියන්නම්. ඔයාට කෙනෙක් එක්ක කතා කරද්දී.. ඇත්තටම එයා ඔයාට ඇත්ත කතා කරනවද, අවංක වෙනවද, අව්‍යාජද කියලා හොයා ගන්න එක හරිම ලේසියි. ඔයා දන්නවද හොරයක්, බොරුවක්, වංචාවක් ඔයා වෙනුවෙන් කෙනෙක් හිතේ තියාගෙන කතා කරනවා නම් කොච්චර හිනා වෙලා කටින් කතා කලත් එයාට ඔයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න බැරි වෙවි. ඔයා වුණත් ඒ අපහසුතාවයට පත් වෙයි.

මේක හරිම ලස්සන පාඩමක්. ඔයා ජීවිතේදි ඔයාට හමු වෙන හැම කෙනෙක්ටම සුහඳ වෙන්න. කතා කරන දේ ඔයාගේ මුලු හදවතින්ම කතා කරන්න. එයාගේ දෑසට එබෙන්න. කටින් කතා කරන හැම වචනෙම ඔයාගේ ඇස් දෙක හරහද එයාට ලැබෙන්න සලස්වන්න. ඒක ඔයාට වගේම එයාටත් ලොකුම ලොකු ආශිර්වාදයක් වෙවි. ඔයාට ලොකුම ලොකු පහසුවක් දැනේවී. කරන හැම දෙයක්ම සැහැල්ලුවෙන් දැනේවී.

ඔයා මේ ගතිගුණ කෙටි කාලයකට සීමා කරන්න එපා. ඔයා ආදරේ කරන කාලෙදී ඔයාගේ ආදර වන්තයාට කටින් කතා කලා වගේ, ඇස් වලින් කතා කලා වගේම වියපත් වුණහමත් ඔයාගේ මහත්තයාට ඒ විදියට කතා කරන්න. සුහඳ වෙන්න. ඒ ඇමතීම සුන්දර වෙවි. මුළු ජීවිත කාලය පුරාම ඔයා නැවුම් දිනක් ගෙවාවි. ඔයා විතරක් නෙවේ.. ඔයා වටේ ජීවත් වෙන අයත් මේ වෙනසට හුරු වෙවි. ඔයා කරප් ඒ පුංචි වෙනසින් ජීවිත ගණනකගේ ජීවිත වලට ලොකු වෙනසක් ගෙන්නඔයාට පුළවන් වේවී. මන්ද යත් බුදුන් වහන්සේ එදා කරපු අනිමිස පූජාවේ ආනිසංසයෙන් අවුරුදු 2599 ක් වෙලත් ජය ශ්‍රී මහ බෝධිය අදටත් දළු දානවා.

ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා..
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු..

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ – අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු..

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඹබේ – සෙවනේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රසසේ
දෑස් වලින් කතා කරමු….

ගහ කොළ මල් කදු වැටි…

මිරිවැඩි සඟළක් ඉල්ලා හැඩුවෙමි

ඔයාට ඔයා ලඟ තියෙන දේවල් කොච්චර නම් වටිනවද කියලා මට කියන්න. ඔයාගේ මුහුණ වගේ ලස්සන මුහුණක් වෙන නෑ කියලා ඔයා හිතලා තියෙනවද? ජිවිතේට පුංචි පුංචි වටින දේවල් එකතු කර ගන්න උත්සහ කරන ඔයා, ඔයා ලඟම තියෙන ලොකු වටිනා කමකින් පිරුණු දේවල් අමතක කරනවද?

කඩේක තියෙන ලස්සනම සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක් ඉල්ලලා ඔයා හයියෙන් අඩද්දී.. ඔයාගේ පුංචි කකුල් දෙකේ දාගෙන ඉන්න ආරක්ෂාව, ලස්සන තියෙන සෙරෙප්පු දෙක ඔයාට වටින්නැහැ. ඒත් ඔයා හිතලා බැලුවද ඔයාට වගේ කකුල් දෙකක් නැති කෙනෙක් සෙරෙප්පු දෙකක් ඉල්ලලා අඩන එක ගැන.

ඔයා අහලා තියෙනවද ඇමෙරිකාවේ ඇරිසොනාවෙන් බිහි වුණ අත් දෙකම අහිමිව ගිය ජෙසිකා ගැන. එයාට නැතිව ගිය අත් දෙක වෙනුවෙන් එයා අඬ අඬම හිටියා නම්, ජෙසිකව අදටත් දන්නේ ජෙසිකගෙ අම්මා විතරමයි. ජෙසිකා ලග ඉතුරු වෙල තිබුණ කකුල් දෙකට එයා වටිනා කමක් දුන්නා. ඒ වටිනා කම ජෙසිකව ලෝකේ දෑත් අහිමි පළමු ගුවන් නියමු වරිය වනතෙක් ගෙනිච්චා. එච්චරක්ද..? නැහැ, එයා අපි හැමෝටම කිවුවා ”තමන්ට වටිනා කමක් දෙන්න..” කියලා. ඔයා ඒ වටිනා කම ඔයාට දුන්නා නම් මේ ලෝකේම ඔයාගේ කියලා ජෙසික ඔප්පු කලා

ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න.ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න. ඔයාට අහිමි වුණ දේවල්, අහිමි වෙන දේවල් වලට වඩා ඔයා ලඟ තියෙන දේවල් වෙනුවෙන් සතුටු වෙන්න. ඒ දේවල් වෙනුවෙන් ජීවත් වෙන්න.ඔයාට අහිමි දේවල් වල නැති.., ඔයා ලඟ තියෙන දේවල් වල හොඳ දකින්න.

ඔයාගේ ඇස් දෙකේ කුංකුම තවරන්න කුංකුම ඉල්ලලා හඩා වැටෙද්දී, දෑසම අහිමි කෙනෙකුට කුංකුම වල වටිනා කමක් තියේද සිතන්න. ඔයා ඔයා ලඟ තියෙන දේ අගේ කරන්න. වටිනා කමක් දෙන්න. නැති දේවල් වලට වඩා තියෙන දේවල් ගැන සතුටු වෙන්න. එහෙම කරලා ඔයා බලගෙන ඉන්න ඔයාට නෑ කියන්න බැරි වෙන්න හැම දෙයක්ම ලැබෙයි.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා..
කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා..

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැදුනු විට බුමුතුරුණු..
දොරකට යදියන් ඉදුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුල් වැටී..

සඳ කිදුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවද පිරේ…
ඒ සද සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිදිති පොඩි දරුවෝ..

මිරිවැඩි සඟලක්…..

සඳ කිණිති

ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල තියෙනවා නම්.. ඔයාට ඒ දෙයට වඩා සම්පතක් නැහැ කියලා මම දන්නවා.

පුංචි උදාහරණයක් කියන්නද., රෑට අහසේ පායන හඳ විලක සීතලම සීතල වතුර මතින් එයාගෙම සේයාව හොයනවා වගේ තමයි ඔයත්. හඳ දන්නවා විලේ ඉන්නේ එයාම නෙවෙයි කියලා. එයාගෙම සේයාව කියලා.. හැබැයි හඳ ආසයි එයාගේ රුපේ විලේ තියෙන සේයාව තුලින් දකින්න.

විල් තෙරට වැටුනු සේයාව දිහා හඳ නොනිමි සෙනෙහසකින්, ආදරයකින් බලාගෙන ඉද්දී.., පුංචි සීතල සුළඟකින් විල කැළඹුනොත්.. හඳට දකින්න වෙන්නේ එයාගේ සේයාව නෙවේ. කෑලි කැඩිලා විසිරිලා ගිය වෙනස්ම සේයා රුවක්. ඒත් හඳ ඒ වෙනස ඉවසාගෙන, දරාගෙන හිටියොත් ආයමත් හඳේ නියම සේයාව විලේ ජලය මත්තෙ වැළඳ ගන්න පුලුවන්. මොකද විලක් හැම වෙලාවකම නොසැලී ඉන්නේ නැහැනේ.

ඒ වගේම තමා ඔයා ආදරේ කරද්දිත්. හැම වෙලාවෙම ඔයාට ඔයාගේ ආදර වන්තයාගෙන්, සැමියාගෙන් ඔයාගෙම, ඔයා බලාපොරොත්තු වෙන, ඔයා හොයන ගති ගුණ ලැබෙන්නේ නැහැ. ආදරේ කරද්දි අනිත් කෙනාගේ වැරදි, අඩු පාඩු, වෙනස් වීම් ඉවසන තරමට තමා හැම දේම නැවුම් වෙන්නේ.

එහෙම වෙන්නේ අපි දෙන්නම දන්න මේ ස්භාවධර්මය කවමදාකවත් එකමන් වගේ දෙන්නේක්ව මේ ලෝකෙට දායාද කරලා නැති නිසා. අපි එකිනෙකාට වෙනස්. හැසිරීම, කතාබහ, උවමනා, සිතුවිලි, ආශාවන්, ආදරය, ගතිගුණ.. මේ හැම දේම වෙනස්. ඔයා ආදරේ කරද්දී අනිත් කෙනා වෙනුවෙන් ඉවසීම, සමාවදීම අනිවාරෙන්ම තියෙන්න ඔනා. එයාගේ අඩුපාඩු හැම දේම ඉවසගෙන ඉන්න ඔනා. එයාට ඔන විදියට ඔයා වෙනස් වුනහම [වෙනස් වුනොත්] එයා ඔයාට ඔනා විදියට හැඩ ගැහෙනවා. ඒ වෙන තෙක් ඔයා ඉවසන්න. මොකද මේ ලෝකෙටම ඔයා වගේ ඉන්නේ ඔයා විතරක්ම නිසා.

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
සොයයි සේයාව මගේ….

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුනු දා..
බිදෙයි සඳ කැබිළි පිටින්..

සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඹබේ නෙතින්……

සඳ කිණිති නැමී…..

Sanath Gamage
සනත් ගමගේ