Category Archives: Amazing Memory

ලෝක සෞඛය සංවිධානය කියන මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක්

අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.

1-උදේ අහාර නොගැනීම
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.
2-වැඩිපුර අහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.

3-දුම් පානය
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.

4-සීනි සහිත අහාර වැඩිපුර ගැනීම
අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ..හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.

5-වායු දුෂණය
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.

6-අඩු නින්ද

මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.

7-නින්දේදී හිස ආවරණය කර ගැනීම
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.

8-අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම
නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.

9-ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම

හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා
10-අඩුවෙන් සිතීම
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.

ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න

ඔබ හුඟාක් කැමතියි නේද ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න. ඒකට හුඟක් හොඳ ක්‍රමයක් තමයි මේක. මේ ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න SQRW  ක්‍රමය හුඟාක් වැදගත්. මේ අකුරු හතරින් කියවෙන දේ එකින් එක වටහා ගනිමු.

S කියලා කීවේ Survey එහෙම නැත්නම්, සෝදිසි කරනවා කියන එකටයි. අළුත් මාතෘකාවක් ලැබුනාම ඒ ගැන මුලින්ම වටින් ගොඩින් හොයලා බලන්න  ඕනි කියවන්න පටන් ගන්න කලින්. මාතෘකාව, ඒකට අදාල පින්තූර, ප්‍රස්ථාර, සිතුවම්, මොනවා හරි වගු අදාල නම් ඒවා මනවද කියලා බලන්න. මාතෘකාවට දී තියෙන හඳුන්වා දීමත්, සාරාංශය වගේම අවසාන ජේදයත් කිවන එක මේ පියවරේදි කරනවා. මේ කටයුත්ත ආසාවෙන් කර්න ඉගෙන ගන්න තියෙන ආසාව එක්ක සතුටු වෙන්න මේ දේවල් ඉගෙන ගන්න ලැබුන එක ගැන. මේ වගේ කරාම ඉගෙන ගන්න තියන දේ ගැන සමස්ත වශයෙන් අවබෝධයක්, වටහා ගන්න පුළුවන් වෙනවා. Q අකුරින් Question එහෙම නැත්නම්, ප්‍රශ්න කිරීම ගැනයි කියන්නේ. ඔයාට මුලින්ම ලැබුනු දළ අදහසින් දැනුනු දේ ගැන ප්‍රශ්න අසමින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න කියවන්න. මතක ඇතුව දේවල් තුනක් ප්‍රශ්න කරන්න එපා. ඒ හඳුන්වා දීම, අවසානය ඒ වගේම සාරාංශය. අනිත් හැමදේම ප්‍රශ්න කරන්න. ඇයි?, කවුද?, කොහේද?, කවදාද?, මොකක්ද? සහ කොහොමද කියන ප්‍රශ්න නිරන්තරයෙන්ම අහන්න.

W අකුරෙන් අදහස් කරන්නේ Write කියන එකයි.Write කියන්නේ ලියනවා කියන එකනේ.පාසලේදී ගුරුතුමීR කියලා කීවේ Read එහෙම නැත්නම් කියවීම කියන එකට. දැන් ඔයා කියවන්නේ තේරුම් ගන්න, අවබෝධ කර ගන්න. මීට කලින් පියවරේදි අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් දැන් හොඳින් කියවපුවාම. මේ ප්‍රශ්න වලට පිලිතුරු හියන්න උත්සහ කරන්න හදන විට ඔයාගෙ අවදානය තියාගන්න පුළුවන් බව ඔයාට තේරේවි.
අළුතෙන් පොතක් කියවන විටදී මුලින්ම පොත පිළිබඳව ආසාවක් හැඟීමක් ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට පොත පිළිබඳව ඇතිවෙන මුල්ම හැඟීම එය පිළිබඳව තියෙන විශ්වාසය සහ ඔබේ සිත තුළ ඇතිවෙන කුතුහලය නිසාවෙන් ඔබේ යටි සිත පොත කියවන්න අවශ්‍ය බව දැනගෙන ඒ සඳහා සිරුර සකස් කර දෙනවා. ඉන් පසුව බොහෝ දෙනෙක් පොත කියවන්න පටන් ගන්න හඳනවා. ඒත් ඔබ මුළින්ම කියවන්න ඕනි කරන්නේ පොතේ හැඳින්වීමයි. ඒ තුළින් ඔබට කතුවරයා අපේක්ෂා කරන දෙය පිළිබඳව වටහා ගන්නා නිසා, පොතේ අවධානයට ලක් කළ යුතු කරුණු වගේම පොත කියවන විට ඔබ අනුගමනය කළ යුතු විශේෂ කරුණු පිළිබඳව වටහා ගන්නත් පුළුවන් වෙනවා.කියල දෙන දේවලුත් සටහන් පොතේ ලියා ගන්නවනේ.හැබැයි මේ ලිවීම ඊට වැඩිය වෙනස්.
දැන් ලියන්න ඕන මෙච්චර වෙලා S ,R ,Q වලින් ඔයා ලබා ගත්ත දැනුමයි.සියලුම පොත් වහල ඔයා හිතට ගත්ත දේවල් කෙටියෙන් ලියන්න.මෙහෙම ලියද්දි Q වල ඔයා හදපු ප්‍රශ්න වලට පිළිතුරු වගේම ඔයා රැස් කර ගත්ත දැනුමේ සරා ංශයකුත්  කෙටි සටහනක් විදියට ලියන්න පුළුවන්.
මෙහෙම ලිවීමේ වාසි කිහිපයක් තියෙනවා.එකක් කලින් අධ්‍යනය කල දේවල් ඔයාට හොඳට මතක හිටිනවා.අනිත් එක අමතක වුණ දේවල්  නැවත මතක් කර ගන්නත් පුළුවන්.ඒ වගේම විභාගේ ලං වුනාම පාවිච්චියට ගන්න හොඳ කෙටි සටහනකුත් ඔයාට ලැබෙනවා.ඔයාගේ සටහනේ අඩු පාඩු තිබුණ නම් සටහන් පොත් එක්ක සංසන්දනය කරලා ඔයාගේ කෙටි සටහන සම්පුර්ණ කර ගන්න.

මේ වාක්‍ය වේගයෙන් කියවන්න බලන්න. “ඔබට මකතය වැඩි කගරන්න පුවළුන් වගේම කිවයන්න වැයරකන කාලය අඩු කරගනන්ත් පුළුවන්”. බලන්න ඒ වාක්‍ය දිහා ආයෙත් හිමින් අකුරෙන් අකුරට. “ඔබට මකතය වැඩි කගරන්න පුවළුන් වගේම කිවයන්න වැයරකන කාලය අඩු කරගනන්ත් පුළුවන්”. අකුරු ලියැවිලා තියෙනවා වැරදි උනත් ඔබට ඒ වැරැද්ද නිවරදි කර කියවන්න පුළුවන් ශක්තියක් ඔබ තුළම තියෙනවා. ඔබ වේගයෙන් කියවන්න පටන් ගත්තාම හැම වචනයක්ම කියවන්නේ නැතිව කතු වරයාගේ අදහස තේරුම් ගන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. එය වැඩිකරගන්න.  පොත කියවන විට ඔබගේ ඇස් දෙක එක් වර ග්‍රහනය කර ගන්නා වචන ප්‍රමාණය වැඩි කරගන්නත් ඔබට උත්සහ කරන්න පුළුවන්.

පොතක් කියවන විට පෑනක් පැන්සලක් සමග ඔබේ සටහන් පොතත් ලඟට ගන්න. කියවගෙන යන විට අවශ්‍ය සටහන් තබා ගන්න. ඒ සටහන් නැවත කියවන්න. සෑම විනඩි 25 කට වරක් විනාඩි පහකවත් විවෙකයක් ගන්න.

මතක සිතුවමක් සකසමු

ඔබ මතක සිතුවම් පිළිබඳ ලිපිය කියවා මෙය කියවන්න.

ඕන දේවල්

කොළයක්
පාට පෑන්
ඔයාගේ මොළය

කරන විදිහ
1. දිගටම කියවන්න

පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)

ඔයාට හෝම් වර්ක්(Home Work) වලට ගත කරන කාලය අඩකින් අඩු කරලා ටිකක් වැඩිපුර හිනාවෙන් ගතකරන බව හිතා ගන්න. ඔයා කළ යුතු ව්‍යාපෘතියට හොඳ ආරම්භයක් ලබා ගෙන ඉතා හොඳින් නිම කළ හැකි සූත්‍රයක් හොයා ගත්ත බව මවා ගන්න. හිතන්න ඔයා රහස් බලගතු මන්ත්‍රයක් ලැබුනොත් ගැටළු පහසුවෙන් විසඳන්නත්, මතකය වැඩි කරගන්නත්. ඇත්තටම දැන් මේ සිහිනය සැබෑවක් කර ගන්න ඔයාට පුළුවන්. ඒ බලගතු රහස් මංත්‍රය තමයි මතක සිතුවම් කියලා කියන්නේ.

Mind Mapping වලට නියමිත හරි සිංහල වචනයනම් මානසික අනුරූපිත වෙන්න ඕනි. හැබැයි මම මේ සඳහා යොදා ගන්නේ මතක සිතුවම් කියන වචනය. මම ඔබෙන් ඉල්ලනවා හොඳ නමක් යෝජනා කරන්න කියලා.

මොකක්ද ඇත්තටම මේ මතක සිතුවම්?
*** මතක සිතුවම් ඔබට අවශ්‍ය තොරතුරු මතකයට ඇතුල් කරන්නත්, නැවත ලබා ගන්නත් පුළුවන් පහසු ක්‍රමයක්
*** මතක සිතුවම් පාඩම් කිරීමෙ සහ පුණරීක්ෂණය කිරීමේ ඉක්මන් ප්‍රථිපළ පෙන්වන නවීන ක්‍රමයක්
***මතක සිතුවම් අළුත් අදහස් සහ ව්‍යාපෘති වඩා හොඳින් කර ගන්න පුළුවන් ක්‍රමයක්

මතක සිතුවම් කියන්නේ ඔබ ලබා ගන්නා තොරතුරු, වචන, පාට, ඉරි සහ චිත්‍ර මගින් සංවිධානය කරන ඔබේ ධාරණ ශක්තිය වැඩි කරන පහසු උපක්‍රමයක්. මතක සිතුවම් නිසා ඔයාට….
*** පහසුවෙන් මතක තබා ගන්න ,
*** නව අදහස් ඇති කරන්න,
*** හොඳ ප්‍රථිපළ ලබා ගන්න,
*** ඔබේ අදහස් සහ ජීවිතයම ක්‍රමානුකූළ කරන්න පුළුවන් විනෝදාංශයක්.
කොහොම උනත් අන්තිම ප්‍රථිපළය ඔයාගේ විනෝදය වැඩි වීම තමයි.

මතකද අපි කථා කරපු වම් මොළයේ සහ දකුණු මොළයේ වෙනස් කම්. අපිට ඉගෙන ගන්න තියෙන දෙයක සටහන් තබා ගන්න උනාම වැඩි පුර භාවිතා වෙන මොළය මොකක්ද?
බලන්න සටහනක් තියා ගන්න අපිට කරන්න වෙන දේවල්
ඉරි තියන කොළ
ලයිස්තුගත තොරතුරු
වචන
තර්කානුකූල බව
පංති කාමරේත් පේලි වලටම නේද? මොනා හරි දෙයක් මතකයෙන් ගන්න ඕනි උනාම වචනයි අංකයි ඔබ මතකයට නඟා ගන්න උත්සහ කරනවා නේද? මේ හැම එකක්ම වම් මොළයේ දක්ෂතා. ඒ කියන්නේ ඔයා මතකය සඳහා මේ ගතානුගතික ක්‍රම නිසා පාවිච්චි කරන්නේ මොළයේ ශක්තියෙන් හරි අඩක් විතරයි.

හැබැයි මතක සිතුවමක් නිර්මාණය කරන්න පටන් ගත්තාම, ඔයාට ප්‍රධාන අදහස සිතේ තියා ගෙන අතුරු හැම අදහසක්ම එකතු කරගන්න වෙනවා. එහෙම උනාම ඔයාගෙ මොළයේ කොටස් දෙකම පාවිච්චි කරන්නම වෙනවා. එහෙම උනාම ඒ මතකය ඉරා දාන්න හරිම අමාරුයි. එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මොළය හිතන්නේ වර්ණ සහ චිත්‍ර වලින් වීම.

මතකද ඔයාගේ හිත ගත් කෙනෙක්. මොනාද මතක් වෙන්නේ. ඔවු. එයගේ මූණ නේද? හිතන්න මෙහෙම. ඔයාගෙ ගෙදර අත හැරලා ඔයාට පිටරටකට යන්න වෙනවා. ඔයාට ඕනි ගෙදර තියන විදිහ මතක තියා ගන්න. කොහොමද මතක තියා ගන්නේ? සටහනක විදිහටද ලයිස්තුවක් විදිහටද? නෑ නෙද? ඔයා මතක තියා ගන්නේ සිතුවම් වලින්. මේ උපක්‍රමය පාවිච්චි කරාම පඩම් මතක තියා ගන්නත් ඔයාට හොඳට පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් වේවි. ට්‍රයි කරමුද?

අඳින විදිහ ඉගෙන ගන්න කලින් මේ ගැන ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත මතක සිතුවම් කිහිපයක් පෙන්වන්නම්. මේවාගේ අයිතිය හා ගෞරවය ඒ වෙබ් අඩවි සංස්කාරක වරුන්ට හිමි වෙන්න ඕනි.

මෙන්න තවත් මතක සිතුවම් කිහිපයක්

අපි මතක සිතුවම් සකසන විදිහ අපි මීළඟ පාඩමෙන් ඉගෙන ගනිමු.

Sarasith by Sanath Gamage

ඔබේ මොළේ වර්ධනය සමබර ද?


රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්‍යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.

ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.

කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.

පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.

වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්

පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
පරිගනක වල වැඩ කිරීම
ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
ගණිත ගැටළු විසඳන්න
සමාජමය ගැටළු වල හේතු සොයන්න
අයවැය සකස් කරන්න

දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්
සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න
මුහුදු වෙරලක සෙල්ලම් කරන්න
ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න
ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න
මාළු ටැංකිය දෙස බලා සිටින්න
සතකු සුරතල් කරන්න

ඔබේ බුද්ධිය සමබරව වඩවන වැඩ මුළු සඳහා සහභාගී වන්න

Sanath Gamage
Human Skills Development Specialist

කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකය

ඔබ ලබා ගන්නා තොරතුරු තත්පර කීපයක සිට විනාඩි කිහිපයක් ඔබේ මතකයේ තිබී එය අමතක වීමට පුළුවන්. දුරකථන අංක කිහිපයක් එකින් එක කියවා එය භාවිතා කර ඇමතුම් ලබා ගන්නා මොහොතක් ගැන මෙනෙහි කරන්න. එම කාර්ය්‍ය කිරීමට එම අංක මතකයේ තිබුනත් විනාඩි කිහිපයකට පසුව එම අංක ඔබේ මතකයෙන් ගිලිහි යයි. පහසුවෙන් බිඳෙන සුළු කෙටි කාලීන මතකයට හැම දුරකතන අංකයක්ම මතක තබා ගැනීමට සිදු වුනොත් ඉතාම කෙටි කාලයකින් එම මතක ගබඩාව පිරී යාවි. එම නිසා කෙටි කාලීන මතකයේ ස්වභාවයම එම තොරතුරු අමතක කර දැමීමයි.

ඔබට සාමාන්‍යයෙන් එක් වර පහසුවෙන් තබා ගත හැක්කේ දත්ත හතරක් පමණයි. ඒ ප්‍රමාණය දොළහක් වුනොත් ටිකක් අපහසු වෙනවා. ඔබට දත්ත 150ක් මතක තබා ගන්න නම් අපි වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. මේ චේදයේ මුල් වාක්‍ය දෙකේ අකුරු 150 කට වඩා වැඩියි. හැබැයි ඒ වාක්‍ය දෙක මතක තබා ගැනීම පහසුයි. ඔබේ කෙටිකාලීන මතකයට මේ හැකියාව ලැබුනේ ඒ අකුරු වලට අරුතක් එක් වූ නිසා. ඔබට මතකයට ගත යුතු දේ වලට අරුතක් දෙන්න. එවිට මතක තබා ගැනීම පහසු වේවි.

ඔබ දුරකතන අංකයක් පාවිච්චි කරන විදිහටම ඔබේ පාඩම් මතක තබා ගන්න උත්සහ කරනවා නම් ඒ පාඩම් වලටත් අත්වන ඉරණම ඔබ වටහා ගන්න ඇති. 0773658658 අංකය අංකිත දහයම මතක තබා ගැනීමට එය වඩා හොඳින් සංවිධානය කර ගත යුතුයි. 0773 658 658 ලෙස අංකිත වෙන් කර ගත් විට එය වඩාත් පහසු වේවි. අංක රිද්මයට කියන්න පුළුවන් උනාම මතක තබා ගැනීමේ හැකියාව තවත් වැඩි වෙනවා. කෙටි කාලීන මතකය වැඩි කරගන්න පුළුවන් හොඳ ක්‍රීඩාවක් ඔබට අන්තර් ජාලයේදී කරන්න පුළුවන්. බ්‍රේන් වර්ක්ෂොප් වෙබ් අඩවිය ඔබට මේ සඳහා යොදා ගන්න පුළුවන්.

අපි ඉදිරියේ ඇති අභියෝගය අවශ්‍ය තොරතුරු දිගු කාලීන මතකයට ගැනීමයි. අපි මේ ගැනත් කථා කරමු.

Sanath Gamage
සනත් ගමගේ

පොතක් කියවන විට

පොතක් කියවන විට පෑනක් පැන්සලක් සමග ඔබේ සටහන් පොතත් ලඟට ගන්න. කියවගෙන යන විට අවශ්‍ය සටහන් තබා ගන්න. ඒ සටහන් නැවත කියවන්න. සෑම විනඩි 25 කට වරක් විනාඩි පහකවත් විවෙකයක් ගන්න.