Category Archives: ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක්

Daily Thoughts

මතක ඇතුව අද රුවල් දමා ගන්න.

ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි. පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ. නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි. රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන්. බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ. 

සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා. පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා. ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න. ඔබේ වෝල් පේපර් එකට, ෆෝන් එකට යොදා ගන්න. නිතරම ඔබටම ඔබ කියන්න. සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක්‍රමය යොදා ගන්න. මතක ඇතුව අද රුවල් දමා ගන්න.

යටි සිතේ අපූරු චමත්කාරය

යටි සිතේ අපූරු චමත්කාරය…. ඔබ කළ යුත්තේ යමක් ඉල්ලීමයි. එය ලැබෙන ක්‍රමය ගැන වද වෙන්න ඕනි නැහැ. ඔබේ අසහාය යෝධයා…. ඔබේම කීකරු මෙහෙකරු… ඔබේම යටිසිත ඒ ක්‍රමය හොඳම ක්‍රමය සොයා ගනීවි. ඔබ කළ යුත්තේ උත්සහයෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමයි.

විශ්වාසා පරමා ඥාතී.  විශ්වාසය ඔබේ හොඳම නෑයායි- බුදුන් වහන්සේ
අබ ඇටයක තරම් විශ්වාසය ඔබට ඇත් නම් එය ඔබට ලැබේවි. – බයිබලය මැතිව් 17:20

විශ්වාසයෙන් යහපත් දේ කරන්නාට ඉඳුරාම නව ජීවනයක් ලැබේවි. අල් කුරානය 16 වන පරිජේදය 97 වන පදය

ආදරණීය සුරතලා

දුකින්ද? විශ්වය ඔබට ලබා දෙන්නේ සතුටයි. දුක එළවන්න. සතුට ළං කරගන්න. ඔබට බෑ කියලා හිතනවා ද? මෙන්න පිළියමක්.ඔබේ සුරතලා ළං කරගෙන අසීමිතව ආදරය දෙන්න. ඌ ගෙන් නැවත ලැබන ආදරය ගැන ඔබ හිතන්නේ නෑ නේද? හුරතලාට ආදරය කරන විට සතුට ඇති වේවි ඔබට. ඔබේ ආදරණීය සහකරුට ත් ආදරය උපරිමව දෙන්න. දෙන ආදරයෙන් විතරක් සතුටු වෙන්න. නැවත ලැබෙන ආදරය ගැන බලාපොරොත්තු නැතුව. sanath gamage thoughts

හිනාව

අද හිනාව කිලෝවක් ගෙදර ගෙනියන්න. ඒ කිලෝව හොණ්ඩරයක් වේවි.

අවුරුදු නැකතට අළුත් සිහිනයක් අල්ලමුද???

ඔයාගෙ හිත හොඳටම සතුටින් බලාපොරොත්තු වලින් පිරෙන මොහොතක් තමයි අවුරුදු නැකත. හොඳම වෙලාවක, නැ පිරිවර වටකරන්, කැවිලි පෙවිළි පිරිලා, අළුත් ඇඳුම් ඇඳන් තව මොනාවද ඔබට ඕනැ කරන්නේ අළුත් හීනය නැකතට පටන් ගන්න. අවුරුද්දකට එකම සැරයක් එන හොඳම නැකත. කිරිත් උතුරවලා.

අවුරුදු නැකතට හීන ලියන එක මම පටන් ගත්තේ මීට අවුරුදු තිස් හතරකට කලින්. ඒ ලියපු හුඟාක් හීන ආකර්ෂණයේ නීතිය මගේ ජීවිතයේ ලබා දීලා තියෙනවා. ගිය වසරේ ලියපු හීන හතෙන් පහක්ම ඉටු වෙලා. ඒ හිඳාම මම හිතුවා ඔයාත් එක්ක මේ රහස බෙදා ගන්න. 2013 සිංහල අළුත් අවුරුද්ද ලබන කොට ඔයාට කියන්න පුළුවන් වේවි ඔයා මේ දකින සිහිනය ඇත්තක් කර ගත්ත බව. ඔයාට  සතුටක් දැනේවි ඒ ගැන.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඒ කාලෙ තිබුන එකම විද්යුත් මාධ්‍ය වුන ගුවන් විදුලි වැඩසටහනකින්න්. මම කීප වතාවක්ම මේ ගැන ගුවන් විදුලියේ කියලා හොයන්න උත්සහ කළා ඒ කවුද කියලා. ඒත් හොයා ගන්න බැරි උනා. සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් මම කියවලා තිබුනු නිසා ඒ මූලධර්ම මට මතක තිබුනා. එදාත් මම ඇහුවේ පරණ අවුරුදු දවසේ රැ. අදත් රැ මම මේ ගැන ඔයාට කියනවා.

හොඳයි! අපි වැඩේට බහිමු. තනියම කරන්න. ඔබ අදහන ආගම ඉටු දෙවියන් සිහි කරලා පුන්‍ය කාලයට කලින් කොලේකුයි පෑනකුයි ගන්න. ලබන අවුරුද්ද ඇතුළත ඔයාට ඉටු කර ගන්න ඕනි හීන හතක් ගැන හිතන්න. ඔයාගේ අධ්‍යාපනය, මිළ මුදල් ගැන, රැකියාව ගැන, පවුලේ ගැන තියෙන හීන, ගමන් බිමන්, ඔයා හිතන ජයග්‍රහන ගැන හිතන්න. හැබැයි මේ ඉලක්ක සේරම ඔයාගෙ පාළනයේ තියෙන ඒවා වෙන්න ඕනි.

ඔයාගේ පාළනයෙ නැති දේවල් ඔයාගේ හීන කරගත්තාම ඔයා ආතතියට පත් වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ කැමැත්ත ඔයාට ගන්න එක ඔයාගෙ පාළනයෙන් පිට තියෙන දෙයක්. හැබැයි ඔයාගෙ ආදරය ප්‍රකාෂ කරන එක ඔයාගෙ පාළනයෙ තියෙන දෙයක්. හොඳට ඉගෙන ගන්න එකයි, විභාගෙ හොඳට ලියන එකයි ඔයාගෙ පාළනයෙ තියෙන්නෙ. ඒත් විභාග ප්‍රථිපළ ඔයාගෙ පාළනයෙ නෙමෙයි. ඔයාගේ ආදායම දෙගුන කර ගන්න එක ඔයාගෙ පාළනයෙ තියෙන්නේ.හැබැයි පඩි වැඩිකර ගන්න එක ඔයාගේ පාළනයෙ නෙමෙයි තියෙන්නේ.

දැන් මේ හීන හැබෑ වුන හැඟීමෙන් ඒ විදිහට ලියන්න. අපි උදාහරණ කීපයක් ගනිමු. 2013 සිංහළ අවුරුද්ද දවසෙ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා මම ගත්තු ඉඩමෙ අළුත් පොල් පැල හිටෙවුවා. බලන්න. හීනය ඉඩම ගන්න එක. ඒත් ඒක ලිවුවේ ඒ හීනෙ හැබැ කරගෙන තියෙන විදිහට. හරියට පොල් පැළ හිටුවන එක තමයි ලොකුම ඉලක්කය වගේ. මේ හීන සතුටින් ලියන්න. වාක්‍ය ටික හදා ගෙන තියා ගන්න ලස්සන කොලේකට ගන්න අවුරුදු නැකතට ලියා ගනිමු.

අවුරුදු නැකතට අළුත් පිබිදීමකින් හීන මවන්න ලබන අවුරුද්ද ඔයා හිතන හීනය ඉටු වෙලා තියෙන විදිහ. අපි ඉසුරෙන් පිරුනු ජීවිතයක ලිපි පෙළෙන් ඔයාගෙ හීනය ලියන විදිහ කියලා දෙන්නම්. ඔයාගේ හීන කාටවත් පෙන්වන්නේ නැතුව හංගන්න. ඒ කොලේ ආයෙත් බලන්නේ ලබන අවුරුද්දේ පරණ අවුරුද්ද දවසේ.

ඔයාගේ ඉසුරුමත් ජීවිතයක හීන ඉටු කර ගන්න පුළුවන් ලස්සනම වාසනාවන්තම සිංහළ දෙමළ අළුත් අවුරුද්දකට සුභ පතනවා.

මේ ගැන වැඩිදුරටත් කතා කරපු නාලිකාවෙන් විකාශය වූ 7වෙනි පැය වැඩසටහන මෙතනින් බලන්න පුළුවන්. 

ඉසුරු මත් ජීවිතයක රහස් 1 සහ ඉසුරු මත් ජීවිතයක රහස් 2 ලිපි කියවන්න.

සල්ලි හෙටටත් ඕනි නිසා

කාලය ටික් ටික්

කාලය ටික් ටික්
(කුමරතුඟු මුනිදසුන් ගේ පැදි පෙළකින්)

ටික් ටික් ටික් ටික්
කළයුතු ටික ටික
නොමැළිව කළහොත්
සැප වෙයි සහතික

කල ටික ටික යයි
ටික් ටික් ටික් ටික්
ගිය කල නැවතත්
නොබලයි මේ දික්

එක එක මොහොතින්
ගත හොත් නිසි පල
ටික් ටික් ටික් ටික්
පැමිණෙයි සැප බල

කාලය මදකුත්
නොමකළ හැක දික්
නිකමට නොයවන්
ටික් ටික් ටික් ටික්

 

අයින්ස්ටයින්ට වයලිනයක්

ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳව ඔබේ සිතුවිල්ල කුමක්ද? ඔහු ලොව බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයෙක්ද? එහෙමත් නැත්නම් ඉගෙනගන්න පුළුවන් කමක් නැති පල් මෝඩයෙක් ද? පුංචි අයින්ස්ටයින් දවසක් ගෙදර ආවේ ගුරුවරියගෙන් තුන්ඩු කෑල්ලකුත් අතින් ගෙන. එහි තිබුනේ මේ මැට්ටා ඉගෙන ගන්න බැරි කෙනෙක් ලෙස හංවඩු ගහලා. ආයෙත් ඔහු පාසල් නො එවන ලෙස කියා තිබුනා. නමුත් ඔහුගේ අම්මා මේ කතාව පිළිගත්තේ නැහැ. අම්මා මොකක් හෝ හේතුවකට පුංචි අයින්ස්ටයින් ට වයලිනයක් තෑගි දුන්නා. අයින්ස්ටයින් තමන්ගේ ජීවිතය පිළිබඳව කතා කරද්දි කියන්නේ වයලින් වාදනය ඔහුගේ මොළයේ හැකියාවන් වැඩි කළ බවයි. සංගීතයට කළ හැකි දේ බොහෝමයි. අපි මේ ගැන තවත් කතා කරමු.

Sarasith

වාසනාවන්තම රුපියලේ කාසිය

රමේෂ් තම පුංචි පුතාට ලෝප්‍රකට සංගීතඥයෙක්ගේ නම තැබුවේ, තම පුතුන් සංගීතයෙන් ඉදිරියට යනු ඇතැයි යන පුංචි සිතුවිල්ලත් සමගයි. හැබැයි වසර 2 1/2 ක් වෙනවිට ගෙදර තිබුන කොස්ස අරගෙන තමන් රැක බලා ගන්නා ආයාම්මාත් එක්ක ගෙදර පිටිපස්සට දුව ගෙන යන්නේ ක්‍රිකට් ගහන්න. අයියා තමන්ගේ මල්ලීගේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තෙන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් කරන්න කටයුතු කරා.
ක්‍රිකට් වලට ඒ තරම් දක්ෂ කම් පෙන්වුවේ නැතුවත් පුංචි බෝල ගෙඩියක් වගෙ පෙරලෙන දරුවා එවකට ලොව සිටිය දක්ෂතම පන්දු යවන්නාගේ පන්දු යවන්නන් පුහුණු කරන ඇකඩමියට යවන්නේ ඔහුගේ පාසලේ පුහුණු කරු රාමකාන්ත් අචේකාර් විසින්. හැබැයි ඇකඩමියේ දී ඔහුට එතරම් දක්ෂ කම් දක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඩෙනිස් ලිලී කොතරම් මහන්සි ගත්තත් මේ දරුවා වේග පන්දුවට දක්ෂයෙක් නොවෙන බව වටහා ගත්තා. හැබැයි ආපහු හරවා යවන දරුවාගේ සිත රිදවන්න බැරි නිසා ඔහු යෝජනා කළා පන්දුවට පහර දෙන්න යොමු වෙන එක වැඩි පුර හොඳයි කියලා.

ආපහු පාසලට එන දරුවා ගෙන ආ තුන්ඩුවෙන් ලොව දක්ෂම පුහුණු කරු කියන මේ පණිවිඩය රාමකන්ත් කියවන්නේ වෙන තෙරුමකින්. ඔහු හිතන්නේ ඩෙනිස් ලිලී කියනවානම් ඔහු පන්දුවට පහර දීමට හොඳයි කියලා,,, එහෙමනම් ඇත්තටම මේ දරුවා බැටින් වලට හොඳ වෙන්න් ඕනි. ඒත් ඔහුගෙන් එහෙම සුවිශේෂ දස්කම් මතු වෙන්නේත් නෑ.

දරුවා ළඟ නොතිබුන උනන්දුව වැඩි කරන්න රාමකාන්ත් අපූරු දෙයක් කළා. විකට්ටුව මත් තිබුන බ්‍රේල්ස් ඉවත් කරලා ඒ වෙනුවට රුපියලේ කාසියක් තිබ්බා. අභියෝගයක් දුන්නා. දවසම බැට් කළොත් ඒ රුපියල ඔහුට හිමි වෙන බවට. ඒත් ප්‍රථිපළය එකමයි. විකට් ගියා. රාමකාන්ත් පන්දු යවන්නාට ඒ රුපියල ලබා දුන්නා. පුංචි දරුවාගේ ඇසට කඳුළක් නැගුනා අහිමි වූ අවස්තාව ගැන.

ඊළඟ දවසේ පුහුණුවට ආවේ පන්දුවට පහර දෙන්න නෙමෙයි. රුපියල බේර ගන්න. පැය දොළහක් තුළ විකට්ටුව රැක ගෙන රුපියල ලබා ගන්න පුළුවන් වුනා. දින දහ තුන කදී රුපියල් දහතුනක් රැස් කරගත් ඔහුට ලෝක වාර්තාවකට හිමිකම ලබා ගන්න පුළුවන් වුනා. කවුද මේ කීර්තිමත් ක්‍රීඩකයා. බලන්න ඔහු මේ කියන කතාව.

අද

අද, ඔබේ ජීවිතයේ ඉදිරි කාලය පටන් ගන්නා පළමු දවසයි. ඒ නිසා අද හොඳම දවස කර ගන්න.

ඔබේ තීරණ

අපි අපේ ජීවිත වල ඉදිරියට යද්දී දහසකුත් අභියෝග හමු වෙනවා. අභියෝග නොමැතිව ඉදිරියට යන ජිවිතයක කිසිම වටිනාකමක්, සුන්දරත්වයක් නැහැ. අපි මෙහෙම හිතමුකෝ..,

මහවැලිය ලංකාවේ දිගම ඟංගාව. ලංකාව පුරාම කෙත් වතු සරු සාර කරන්න වතුර බෙදන මහවැලිය කරන්නේ සුවිසල් කාර්ය්‍යක්. ලංකාව පුරාම විහිදිලා තියෙන මහවැලිය ගම් නියම් ගම් වල අසිරිය, දුක සැප විදගෙන මහ සයුරත් එක්ක එකතු වෙනවා. ඒත් කවුද විශේෂ කරලා මහවැලිය බලන්න යන්නේ. හිතන්න.. දුන්හිඳ, දියලුම දිය ඇලි ගැන. මහවැලිය කරන සේව‍ය වගේ බාගයක් වත් කරන්නෑ. හැබැයි මෙහි විශේෂත්වය මොකක්ද..? ඒ සුන්දරත්වය…

ගස් වල අතුපතර අස්සෙන්, විවිධ හැඩ ගත්ත ගල් කුලවල් අස්සෙන්, පෙද පාසී වල හැපෙමින්, සුදු පාට පෙන කැටි විසිකරමින් නිදහසේ ගලා හැලෙන, අවට ඉන්න අයට ඔච්චමට වතුර බිංදු ඉහින දුන්හිඳ, ලක්ෂපාන හරිම සුන්දරයි. බලාගෙන ඉන්න ආසයි..

මේ මහවැලියයි.., දුන්හිඳ, දියලුමයි අතර තියෙන්නේ මෙන්න මේ වෙනස. ජීවිතේ මේ වගේ. අපේ ජීවිතේ විශේෂතා ගොඩනගා ගන්න නම් ඔයා මහවැලියක් වෙලා හරි යන්නැහැ. දුන්හිඳක්, දියලුමක් වෙන එක අනිවාර්ය්‍යයි.

ඔයා අභියෝග වලට මුහුණ දෙනවනේ. ඒ වෙලාවට ඒ දේවල් වලට බය වෙලා හරි යනවද..? නැහැ. ගොඩාක් සාර්ථක වෙලා ඒ දේවල් වලට අභියෝගාත්මකව මුහුණ දෙන්න. ජීවත් වෙනවා කියන්නේ සුවිසල් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්නවා කියන එක හරිම පහසුයි.

යමක් කරන්න අපි ආරම්භ කරද්දී අපි ගන්නේ හොඳම තීරණයද..? අපි තීරණ ගන්නේ දෙපාරක් හිතලද..? අපි තීරණ ගන්නේ තනිවමද.? අපි තීරණ ගන්න බයද..?

අපි අපේ සිත තුළ තෙරපෙන සිතුවිලි වලට ඇහුම්කන් දීලා තමයි හැම දෙයක්ම කරන්නේ. අපි ඒ කරණ දේ තීරණය කරා වගේම ඒ හරි තීරණයද කියලා ආයමත් සැරයක් හිතුවොත්.., ඒ තමා හොඳම දේ වෙන්නේ.

අපිට සමහර අවස්ථා වලදී වැරදෙන්න පුළුවන්. හැබැයි තවත් වතාවක් අපි උත්සහ කල යුතුයි. මොකද පළවෙනි වතාව වැරදුනාට දෙවැනි වතාව අපිට වරදින්න විදියක් නැහැ. වැදගත්ම දේ ඔබ කළ යුතු දේ ඔබම තීරණය කරන එක. නැතුව ඔබේ තීරණ වෙන කෙනෙකුට ගන්න දෙන්න එපා. වෙන කෙනෙකුගේ තීරණ ඔබ ගන්නත් එපා. මොකද එහි හොඳ හෝ නරක ප්‍රතිඵල දෙකම ඔබ සතු නිසා.

අනිත් කාරණය ලැබෙන ප්‍රතිථලය මොකක් වෙයිද කියලා හිතලා බයට තීරණ නොගෙන ඉන්නවද..? ඔබ පළමුවෙන්ම ඔබව විශ්වාස කරන්න. ඒ ගොඩ නගාගන්න විශ්වාසය හරහා තීරණ ගන්න ඔබ තුළ තියෙන අසාමාන්‍ය බය අත හරින්න. ඔබ තීරණ ගැනීමට බය වුවහොත් ඔබගේ ජීවිතේ අතරමඟ අනිවාරෙන්ම නවතිනවා.

ඔබ ඔබට ලැබෙන දේ ඉහළින් ලබන්න නම් ඔබ ගන්න තීරණ.. නියම වෙලාවට හොඳට හිතලා, නොබියව අරගන්න. පරාජයක් බලාපොරොත්තු නොවී ජයග්‍රහණය පමණක්ම බලාපොරොත්තු වෙන්න…

ඔබේ ජීවිතයේ සතුට ඔබම නිර්මානය කර ගතයුතු නිසා

කාලගුණය කොතරම් නරක උනත් අපි කාලගුණය සමග සටන් කරන්න යන්නෙ නෑ. අපි ඒ වෙනුවට කරන්නේ කාලගුණයට අනුව හැඩ ගැහෙන එක. සීතල දවසට අපි ඒ තත්වයට ඔරොත්තු දෙන ඇඳුම් අඳිනවා. ඒ ඇඳුම් රස්නෙ දවසට අඳින්නේ නෑ නේද?
කාලගුණය අපිට පාලනය කරන්න බැරි නිසා අපි කාලගුණය වෙනස් කරන්න උත්සහ කරන්නේ නෑ. හැබැයි අපේ ජීවිතේ අපිට පාලනය කරන්න බැරි සාධක අපි වෙනස් කරන්න උත්සහ කරලා හති වට්ටගන්නවා. බඩු මිල, දරුවන්ගේ ලකුණු, සහකරුවාගෙ ගති ගුණ, තව කොතරම් දේවල් තියනවාද?
ඔබේ ජීවිතයේ සතුට ඔබම නිර්මානය කර ගතයුතු නිසා ඔබට පාලනය කරන්න බැරි දේ ගැන කරදර වෙන එක නවත්වන්න. බලන්න ජීවිතයට දැනෙන සහනය..

දරුවන්ට නොකිය යුතු කතා

අම්මා තාත්තා නිරතුරුවම තමන්ගේ ප්‍රශ්න දරුවන් සමග කතා කරන්න පටන් ගත්තාම දරුවන්ට හැගෙන්නේ මොනවගේ දේවල්ද? ඔවුන් සිතන්න ගන්නවා තමනුත් මේවට වග කිව යුතුයි කියලා. ඔවුන් තමන් ගේ සුන්දර ළමා ලොවෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. තමන් දෙමාපියන්ට කරදර නොකර සිටිය යුතුයැයි සිතනවා. ඔබත් ඔබේ ප්‍රශ්න ගැන දරුවන්ට පැමිණිලි කරනවාද? ආයෙත් සිතන්න.

සිතන්න අළුතින් දිනන්න දිවියෙන්

අපේ ජීවිතේ හරියට රේසින් බයිසිකලයක් වගේ. හැබැයි අපි වේගයෙන් යන්න පුලුවන් ගියර් වලට මාරු වෙන්න පුලුවන් කම පාවිච්චි කරන්නෙ නැ. අපේ නව වසරේ අරමුණු ඉලක්ක දිනාගන්න තියෙන හැකියාව අපි පාවිච්චි කරන්නෙ නැති තරම්.

අළුත් වෙන්න ඔබටත් පුළුවන්. පහුගිය වසර කිහිපයම අපි අපේ රටේ බොහෝ ආයතනවල රට පුරා විහිදුනු ශාඛා වල සම්මන්ත්‍රන වැඩ මුළු පවත්වමින්, ඒ ආයතන වල අරමුණු දිනා ගන්න උපකාරි උනා.

යුනි ලිවර්, සන්ටෙල්, වගේම හයිඩ්‍රාමනි, Eagal Insurance, US Aid, IFRC, නෙත්FM, හිදෙල්ලන තේ ෆැක්ට්‍රියටත් තව ආයතන ගනනාවකටත් අපි ගියා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිය ගනනාවක වැඩ මුළු පැවැත්තුවා. පාසැල් 400ක, විශ්ව විද්‍යාල 6ක වැඩ මුළු පැවැත්වුවා. උතුරු නැගෙනහිර පළාත් වල ගම් ගනනාවක මිනිසුන්ගේ හැකියා වඩවන වැඩ සටහන් පැවැත්වූවා.

අපේ මිළ ගනන් බොහොම සාධාරනයි. ඔබ බලාපොරොත්තු වෙන අරමුණ ළඟා කරන්න බැරි උනොත් අපි මුදල් ආපහු දෙනවා.

2011 ඔබේ ජීවිතයේ, ඔබේ
ආයතනයේ නව පිබිදීමක් ලබා ගන්න පුළුවන් ශක්තිමත්ම වසරයි. ඔබ ඒ පිබිදීම උපයා
ගත යුතුයි. ඒ සඳහා ඔබේ මානව සම්පත පුහුණු කරන්න අලුත් වැඩසටහනක් කරමු. ඔබට
උපකාරි වෙන අලුත් වැඩසටහන් අපි ළඟ තියනවා. කතා කරන්න අපිට 0773 658 658 /
0713 658 658. එහෙමත් නැත්නම් අපිට SMS එකක් එවන්න.අපි කතා කරන්නම්.

ජය වෙවා!

සතුට

දවසක් රෑ වෙලා ගමනක් යන ජයන්තට විදුලි පහන් කණුවක් යට යමක් සොයමින් සිටින මිනිසෙකු හමු වුනා. විමසිල්ලෙන් දන බිම ගහගෙන හොයන මේ මිනිසා අසලට ගිහින් ඇහුවා සොයන්නේ මොනවාද කියලා. “අද මම විතරයි ගෙදර ඉන්නෙ. ඒත් ගේ ඇතුලට යන්න විදිහක් නැ යතුර බිම වැටුන නිසා. මම මේ හොයන්නේ යතුර.” ඔහු කීවා.

ජයන්තත් තමන් යන ගමන මොහොතක් නතර කරලා ඔහුට උදවු කරා. හැබැයි යතුර හම්වුනේ නෑ. ජයන්ත ඇහුවා “ඔයාට හොදටම මතකද යතුර නැති උනේ මෙතන කියලා. ඒක තිබුනා නම් අපිට හම්බ වෙන්න ඕනි. මෙතන නම් නැති බව මට හොදටම විශ්වාසයි.” ඒ මිනිසා පිළිතුරු දුන්නා “නෑ! යතුර නැති උනේ මිදුලේ. ඒත් මිදුලේ එළියක් නැති නිසා මම මේ එළිය තියන තැන හොයන්නේ”.

අපි අපේ ප්‍රශ්න වලට හේතු විදිහට අනිත් අයට දොස් පවරන එකත් මේ වගේ දෙයක්. ඔබේ ප්‍රශ්නයේ වගකීම බාර ගන්න. අන් අයට දොස් පවරන්න එපා. ජීවිත ජයග්‍රහනයේ ආරම්භය එයයි.