දරුවෙක් පිළිසිඳ ගන්න කලින් කළ යුතු පිළිවෙත්

ඕනිම දෙමාපිය යුවලකට තමන් කැමති ලෙස දරුවෙක් නිර්මාණය කර ගන්න පුළුවන්. දෙමාපියන් දරුවා පිළිසිඳ ගන්න කලින්ම දරුවා නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව හා ඒ සම්බන්ද විද්‍යාත්මක කරුනු සඳහා මේ සාකච්ඡා ඔබට උපකාරිවේ.

 

මෙහිදී මුලින්ම මේ පිළිබඳව මූලික සාක්ච්ඡාවක් මෙහි ඇතුලත් වෙනවා.

https://www.youtube.com/watch?v=GlL6h66IJEU

මේ විඩියෝ පැයක කාලයක් ගත වෙනවා. මෙය බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කළ සාක්ච්ඡාවක් ඇතුලත් වෙනවා. ගර්භණී සමයේ බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරන්න ඔබට කරන්න පුළුවන් හොඳම ක්‍රියා මාර්ග ඇතුලත්. මේ සාකච්ඡාව තුළින් ඔබට කිසිදු වියදමක් යන්නේ නැතිව දරුවා ගේ විශිෂ්ට බුද්ධියක් හදාගන්න පුළුවන්. මෙම කරුණු ක්‍රියාත්මක් කිරීමෙන් ඔබට මානසිකව නිරෝගි දරුවෙක් හදා ගන්න පුළුවන්

 

පළමු කොටස

https://www.youtube.com/watch?v=zjstuAiRcAU

දෙවන කොටස

https://www.youtube.com/watch?v=opt3QoRFtcA

ස්වයං යෝජනා වල බලය අත් විඳින්න

Untitledඔයාගේ ජීවිතේ පාළනය ඔයා සතුයි. අන් අයට දීපු නූල් ආපසු ඔබ අතට ගන්න. ස්වයං යෝජනා වල බලය අත් විඳින්න. සෑම දිනකම මේ ස්ව‍යං යෝජනා කණ්නාඩියකින් ඔබේ ඇස් දෙක දිහාම බලාගෙන කියන්න. පේන්න අලවා තියා ගන්න.

නැවුම් සිතුවිලි නිසා මගේ ජීවිතයම සොඳුරුයි! ආනන්දනීයයි! ප්‍රභාශ්වරයි!

මගේ ජීවිතයේ හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා!

හැම අවස්ථාවකින්ම හොඳක් වෙන බව මම ඉඳුරාම  දන්නවා.

හැම යහපත් දේ මම කරන්නේ ඉතාම කැමැත්තෙන් හා උනන්දුවෙන්!

හැම මොහොතක්ම මම ගත කරන්නේ හරිම සතුටින්

මම මගෙත් එක්ක ඉන්න හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා
මගේ ළඟ ඉන්න හැමෝටම සතුට බෙදා දෙන්න මට පුළුවන්
උදාවෙලා තියෙන හැම ලස්සන දවසකටම මම මටම ස්තුති වන්ත වෙනවා.

සෑම ලස්සන දවසකටම විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා!

අලුත් අය හඳුනා ගැනීම හරිම සතුටක්
මට ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා

මගෙන් වියයුතු කටයුතු මම කරන්නේ හරිම සතුටින්
මම මගේ රැකියාව කරන්නේ හරිම තෘප්තියකින්
මොහොතින් මොහොත මගේ ජීවිතයේ සතුට වැඩිවෙනවා
හැම ප්‍රශ්නයක්ම ගැටළුවක්ම මගේ ජීවිතයට ළඟා වෙන්නේ මට හොඳක් කරන්න
සැබවින්ම මම මට හුඟාක් ආදරෙයි

මේ ජීවිතයම අපූරු සොඳුරු චාරිකවක්
හැම විටම අළුත් විකල්ප සොයා ගැනීම පහසු කරුණක්
මා අන් අය අතර ඉතා ජනප්‍රියයි
මගේ අනාගතය සොඳුරු පියකරු එකක්
මගේ පවුලේ හැම කෙනෙකුටම මම කැමතියි.
මම හුඟාක් වාසනාවන්තයි.
ගේ ජීවිතයේ වෙන හැම යහපතකටම මම විශ්ව ශක්තියට ස්තුති වන්ත වෙනවා
මගේ අනාගතය ඉතාම දීප්තිමත්
මම ඉරක් වගේ ලෝකෙටම එළිය දෙන්න පුළුවන් කෙනෙක්
විශ්වයේ අනන්තවත් විශ්ව ශක්තීන් මගේ සතුටත් ප්‍රබෝධයත් වැඩි කරනවා
මගේ යටි සිතේ අසීමිත ශක්තියෙන් මට හොඳට වැඩකරන්න පුළුවන්
මා උපන්නේ දිනන්නයි. ඔව් මට පුළුවන්
මගේ හැම දිනුමකින්ම අනිත් අයටත් යහපතක් වෙනවා
මගේ ජීවිතේ ඉලක්ක දිනා ගන්නේ හරිම කැමැත්තකින්, හුඟාක් අභිමානයකින්

හැම දවසකම හැම මොහොතකම මම ප්‍රබෝධයෙන්
සෑම දවසකම සෑම මොහොතකම මම මගේ ඉලක්ක වෙත ළං වෙනවා.
ජීවිතයේ හැම අභියෝගයක්ම මා සතුටින් ජයගන්නවා
සතුට පිරුණු මගේ සිතට හැමෝටම මෛත්‍රිය කරන්න පුළුවන්

මතකය දිනවන අළුත් පුරුදු

අළුත් පුරුදු – සිරිත්

@ මම අවශ්‍ය පමණට පමණක් සමබර අහරක් උදෙන්ම ගන්නවා

@ අඩක් කෑම දහස් වටි

@ ඔක්සිජන් සහිත හොඳ වාතය පමණක් සිරුරට ඇතුල් කර ගන්නවා

@ ඔළුව නිරාවරණය කර සුව නින්දක් දිනපතාම ලබනවා

@ අසනීපයෙන් ඉන්නා විට මොළය විවේකයෙන් තබනවා

@ සිත ප්‍රබෝධමත් කරන සිතුවිලි නිරතුරු සිතනවා

@ නිරතුරු ඉගෙන ගත් දේ පිළිබඳව මිතුරන් සමග කතා කරනවා. ඒ වගේම ආයෙත් ආයෙත් සිතනවා

0v

ලෝක සෞඛය සංවිධානය කියන මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක්

අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.

1-උදේ අහාර නොගැනීම
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.
2-වැඩිපුර අහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.

3-දුම් පානය
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.

4-සීනි සහිත අහාර වැඩිපුර ගැනීම
අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ..හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.

5-වායු දුෂණය
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.

6-අඩු නින්ද

මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.

7-නින්දේදී හිස ආවරණය කර ගැනීම
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.

8-අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම
නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.

9-ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම

හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා
10-අඩුවෙන් සිතීම
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.

ජීවිතය දිනවන සුබ සිතුවිලි

sa1

බැලූන් විකුණා ජීවත් වෙන වෙළෙන්දෙකු සිටියා. කහ, රතු, නිල්, කොල වගේ විවිද පාට වල බැලූන් ඔහු ළඟ පිරිලා තිබුනා. බැලූන් විකුණුම අඩු උන වෙලාවට ඔහු බැලුමකට හීලියම් පුරවලා අහසේ පා කරා. අහසේ බැලුමක් පාවෙනවා දැක්ක ගමන් පුංචි දරුවන්ට බැලුන් ඕනි උනා.  දරුවන් මොහොතකින් බැලුන් වෙළෙන්දාව වට කර ගන්නව බැලූන් මිළට ගන්න.

වෙළෙන්දා මේ ක්‍රියාව දිනපතාම කළා. දවසක් ඔහුට දැනුනා තමන්ගේ අතින් කවුරු හෝ අදින බව්. ඒ දෙස බැලුවාම ඔහු දුටුවේ පුංචි දරුවෙක්. “කළු පාට බැලුමකුත් අතහැරියොත් උඩ යනවාද?” පුංචි  දරුවා බොහොම සෙමෙන් ඇසුවා. දරුවාගේ සෙවිල්ල ගැන සතුටු වුනු වෙළෙන්දා බොහොම මුදිතාවෙන් දරුවාට පිළිතුරු දුන්නා. “පුතේ, බැලුමක් උඩ යන්නේ පට හින්දා නෙමෙයි. ඒක ඇතුලේ තියෙන දේ හින්දායි” .

මතක තබාගැනීම ආයාසයකින් කළ යුතු වෙහෙස දැනෙන ක්‍රියාවක් වේ. බොහෝ දරුවන් මතක තබා ගැනීමේ කටයුත්ත නිසා කලකිරීමට සහ විඩාවට පත්වේ. ගුණන වගු මතක තබා ගැනීම තුන් වන වසරේ සිට ඉහළට දරුවන් විසින් කළ යුතු ආයාස කර කටයුත්තකි. මේ කටයුත්ත කිරීමට බැරි හෝ අපහසු දරුවන්ට ගණිතයේ කුසලතා දැක්විය නොහැකිකම නිසා මුළු පාසල් ජීවිතයම අපහසු තාවයට පත්විම සිදු විය හැක්කක්.

මේ අභියෝගය ජය ගැනීමට අද දවසේ පරිගණක නිසා ශබ්ද පාළනයට එකතු වූ නවීන මෙවලම් උපයෝගී කරගත් නව නිර්මාණයකි “චක්‍ර මතකයෙන්” සබ්ලිමිනල් වැඩසටහන.  දරුවකුගේ යටි සිතට පමණක් ඇසෙන සේ සබ්ලිමිනල් තාක්ෂණය යොදා ගැනීම නිසා නිරායාසව චක්‍ර මතකයට නගා ගැනීම පහසු වේ.

මෙම වැඩසටහන අඩංගු හඬ පටය හෝ වෙබ් අඩවිය ශ්‍රවනය කළ යුතු වෙ. දිනපතා මාස තුනක් නින්දට පෙර හෝ නින්දෙන් අවදිවෙන විට ශ්‍රවනය කිරීමෙන් ආයාසයකින් තොරව 2වරක් සිට 12 වරක් දක්වා චක්‍ර මතකය ඇතිකර ගනී.

මීට පෙර කිසිම ලෙසකින් සබ්ලිමිනල් තාක්ෂණය පාසල් ඉගෙනුම් ක්‍රියාවලීන් සඳහා ලංකාවේ ක්‍රියාත්මකව නොමැත.

ගණිත හැකියා වඩවන රහස් හත

1. කුස්සියේ වැඩට දරුවාගේ කාලය යොදවන්න.

කෑම මේසයෙන් චක්‍ර ඉගෙන ගන්න
බෙදන්න ඉගෙන ගන්න – ආප්ප ගණන
එක එක කෑම හදන්න ඕන දේවල්
කැමට ගන්න දේවල් වල තියෙන ග්‍රෑම් ගණන

 

 

2. වච්න සහ සංගීතය යොදා ගන්න

බරොක් සහ මොසාඩ් සංගීතය
සබ්ලිමිනල් හඬ පට
කතා කරන හඬ

 

 

3. පුළුවන් බව කියන්න

ගණිතයට දක්ෂ බව දනවන වචන

 

 

4. කෙටි සටහන් සහ වගු නිතර භාවිතා කරන්න

 

 

5. ගුරුවරුන් සමග සමීප ළඟ සබඳ කමක් ඇති කරගන්න

 

 

6. තරඟ කරන්න , දින වකවානු පිළියෙල කරන්න

 

 

7. හැම තැනම තියෙන ගණිතය හඳුනා ගන්න

මතක ඇතුව අද රුවල් දමා ගන්න.

ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි. පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ. නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි. රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන්. බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ. 

සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා. පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා. ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න. ඔබේ වෝල් පේපර් එකට, ෆෝන් එකට යොදා ගන්න. නිතරම ඔබටම ඔබ කියන්න. සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක්‍රමය යොදා ගන්න. මතක ඇතුව අද රුවල් දමා ගන්න.

යටි සිතේ අපූරු චමත්කාරය

යටි සිතේ අපූරු චමත්කාරය…. ඔබ කළ යුත්තේ යමක් ඉල්ලීමයි. එය ලැබෙන ක්‍රමය ගැන වද වෙන්න ඕනි නැහැ. ඔබේ අසහාය යෝධයා…. ඔබේම කීකරු මෙහෙකරු… ඔබේම යටිසිත ඒ ක්‍රමය හොඳම ක්‍රමය සොයා ගනීවි. ඔබ කළ යුත්තේ උත්සහයෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමයි.

විශ්වාසා පරමා ඥාතී.  විශ්වාසය ඔබේ හොඳම නෑයායි- බුදුන් වහන්සේ
අබ ඇටයක තරම් විශ්වාසය ඔබට ඇත් නම් එය ඔබට ලැබේවි. – බයිබලය මැතිව් 17:20

විශ්වාසයෙන් යහපත් දේ කරන්නාට ඉඳුරාම නව ජීවනයක් ලැබේවි. අල් කුරානය 16 වන පරිජේදය 97 වන පදය

ආදරණීය සුරතලා

දුකින්ද? විශ්වය ඔබට ලබා දෙන්නේ සතුටයි. දුක එළවන්න. සතුට ළං කරගන්න. ඔබට බෑ කියලා හිතනවා ද? මෙන්න පිළියමක්.ඔබේ සුරතලා ළං කරගෙන අසීමිතව ආදරය දෙන්න. ඌ ගෙන් නැවත ලැබන ආදරය ගැන ඔබ හිතන්නේ නෑ නේද? හුරතලාට ආදරය කරන විට සතුට ඇති වේවි ඔබට. ඔබේ ආදරණීය සහකරුට ත් ආදරය උපරිමව දෙන්න. දෙන ආදරයෙන් විතරක් සතුටු වෙන්න. නැවත ලැබෙන ආදරය ගැන බලාපොරොත්තු නැතුව. sanath gamage thoughts

කාත් කවුරුත් නැති උනාම හොඳක් වෙන්න පුළුවන් ද?

සෙල්ලම් කරන්න දරුවන් කවුරුත් කැමතියි. තමන්ගෙ හිත ගත් ක්‍රීඩාවක් තියන කොට ඒක සෙල්ලම් කරන්න කොහොම හරි වෙලාවක් හදාගන්නවා. ලොකු උනාම ක්‍රිකට් ගහන්න, ලොව පූජිත ක්‍රිකට් තරුවක් වෙන්න පුංචි දරුවෙක් හීන මවනවා. ඒත් ඈත ගමක ක්‍රිකට් ජනප්‍රිය නැති කාලයක්. එංගලන්ත කණ්ඩායම ඇවිල්ලා සෙල්ලම් කරනවා බලන්න යන්න හීන මැව්වා. හීනෙ ඉටු කරගන්න බැරි උනා කියලා වැඩේ අත හරින්නේ නැතිව ක්‍රිකට් ක්‍රීඩා පිටියේ එලියට වෙලා අහගෙන හිටියා.

තරඟ නීති හරියටම දන්නෙත් නෑ. ඒත් සෙල්ලම් කරන්න උත්සහ කළා. ක්‍රිකට් ගහන්න බැට් එකක් හොයා ගන්න පුළුවන් උනා. ඒත් ගම පුරාම හෙවුවත් ලෙදර් බෝලයක් නෙමෙයි රබර් බෝලයක් වත් හොයා ගන්න බැරි උනා. අන්තිමේදි ලැබුනු ටික් බෝලෙට ස්තුති කරලා ඒක සෙල්ලමට ගන්න හිතුවා.  ක්‍රිකට් ගහන්න ආස හිතුනම හැමෝම යාළුවන්ට අඬ ගහනවා. මේ පුංචි දරුවත් එහෙම කළා. ඒත් කවුරුත් ආවේ නැහැ. සියළුම අභියෝග ආශිර්වාදයක් වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනි. අහන්න මේ ක්‍රිකට් ලොව සුපිරිම තරුව ගැන මේ කතාව.     

Sanath Gamage Story about Sir Donald Bradman. Visit Dinuma Chanel. Sinhala inspirational story. Lessons and Thames  Sports, spirit, Cricket, Determination, Success,  සනත් ගමගේ සනත් සාර්තකත්වය ආලෝකය ජය කතා උත්සහය වීර කතා චරිත කතා

ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස – වෛරය වෙනුවට මෛත්‍රිය

ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛරකරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්‍රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්‍රාර්ථනා කරන්න. ඔබ වෛරකරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි.

වසර 60 කට කලින් ධනපතීන් භංග වෙවා කියමින් ලක්ෂ ගනන් පෙළපාලි ගිය පක්ෂ වල සාමාජිකත්වය අද බට්ටෙකුට පටවන තරමට අඩු වෙලා. ධනපතීන් වැඩි වෙලා. වැඩ කරන අපි වගේම සොයුරු ජනතාවට සෙත් පතමු. ඔවුන් ශක්තිමත් කරමු. ඔවුන්ට දිරි දෙමු. වෛරය වෙනුවට මෙත් සිත් පතුරුවමු.

ජීවිතය සරු කරන මේ ධර්මතාව හොඳින්ම දැන සිටි කෙනෙක් නම්, තෙරේසා මවු තුමියයි. ඇය සාමය වෙනුවෙන් පෙනී සිටි ලොව දැවැන්තම චරිතයක්. යුධ විරෝදි රැලියක සංවිධායකයන් ඇය හමුවී ඇයගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා තම අරගලය හා එකතු වන්නට.

ඇය ඉතාම කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා. පුදුමයට පත් සංවිධායකයන් ඇයගෙන් කරුණු විමසනවා. “සාමය වෙනුවෙන් තියෙන රැළියකට මම එනවා” ඇය කියනවා. අපේක්ෂාව එකම ප්‍රථිඵළය. වෙනස් ගමන් මගක්. ඔබ නිතරම සිතන කියන දේ ඔබට ලැබෙනවා. මේ රහස ජීවිතයට එකතු කර ගන්න.

sarasith.wordpress.com

Sanath Gamage – Secrets of Powerful Life

හිනාව

අද හිනාව කිලෝවක් ගෙදර ගෙනියන්න. ඒ කිලෝව හොණ්ඩරයක් වේවි.

අත් නොහරින සිහිනයක් – ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – තුන් වෙනි රහස

ලොව පුරාම මිනිසුන්ගේ සිහින අත් හැරීම ගැන කළ පර්යේෂණ වලදී පෙනුනු වැදගත්ම කරුණ නම් මිනිසුන් ඉතාම ඉක්මනින් තම සිහිනය අත් හරින බවයි. ඔබ සිහිනයේ ජීවත් වන විට, සිහිනය දිනා ගත් බවට හැඟෙන මානසිකත්වතෙන්, සතුටින් සිහිනයේ සැරිසරන විට, ආකර්ෂණයේ නීතිය ඔබ වෙත ළඟා කර දෙනවා.

සිතන්න ඔබ අඹ ඇටයක් පැළ කරනවා. වතුර පොහොර දානවා. ඔබ විශ්වාසයෙන් ඒ පැළය රැක බලා ගත්තොත් මාසයකට පසුව අඹ පැළය ඔබට දකින්න පුළුවන්. ඒත් ඔබ අඹ ඇටය හිටවපු දා ඉඳලාම පස් ටික අයින් කර කර අඹ ඇටේ පැළ වෙලාද කියල පස් හාරලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පැළය මැරිලා යනවා.

ගොවි මහතුන් මේ ගැන දන්නවා. ඒක නිසා ඉවසිල්ල පුරුදු කරගෙන ඉන්නවා. මිනිසුන් සිහිනය රැක බලා ගන්නේ ටික කාලයයි. දිනපතා ව්තුර පොහොර දාන්න අමතක කරනවා. ඊට පස්සේ සිහිනය හරි නොගියාම අත් හැරලා දානවා. බැන වදිනවා. ආකර්ෂණයේ නීතිය බොරුවක් කියනවා. තෝමස් අල්වාට දහස් වතාවකටත් වඩා විදුලි බල්බය නිපදවන්න උත්සහ කළා. ඛ්FC පළවෙනි කුකුළු මස් පිඟාන විකුණන්න ගෙවල් 1004 කට යන්න උනා. ඒත් මිනිසුන් 92%ක්ම හතර වතාවකට වඩා උත්සහ කරන්නේ නැ. සිහිනය රැක ගන්න. පරිස්සමින් හැම දාම සාත්තු කරන්න.ඔබ සිහිනය දිනා ගන්නම ඕනිමයි.

Sanath Gamage – alokaya.com

Sanath Gamage

Human Skills Development Specialist

https://www.facebook.com/pages/alokayacom

https://www.facebook.com/SanathGamageOfficial

පියවර හතයි!! මල් හතයි !!!

1. වගකීම බාරගන්න

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

4. ජය – ජය ගැන හිතන්න 

5. මුදිතාව වඩන්න 

6. එකමුතුව දිනන්න 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

1. වගකීම බාරගන්න

අනුන්ට දොස් කිවීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම තමන් බාර ගන්නේ නෑ කියන එක. ඔබේ ජීවිතය ජය කණුව වෙත ගෙන යන මුල්ම වැඩපිළිවෙල පටන් ගන්නේ ඔබ ඔබේ ජීවිතයේ වගකීම බාර ගැනීමෙන්. සමාවට කරුණු හොයන කිසිවෙක් තමන්ගේ වගකීම බාර නොගත්ත අයයි. ඔබේ ජීවිතයේ ජය සඳහා බාහිර සාධක වලින් ගැලවීමට කරුණු හොයන්න එපා. ඔබේ උපරිමය වෙත ඔබ ගමන් කරන්න.

2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න 

පරිකල්පනය මිනිසුන්ට ලැබුනු අගනාම තෑග්ගයි. යමක් අරඹන්න පෙර එම වැඩපිළිවෙල මනසින් දකින්න. ඔබ ඉතාම හැඟීමකින් මෙය කළ යුතුයි. ඔබගේ මීළඟ උසස් වීම, විදේශ සංචාරය, ඔබේ වාර්තාවට ලැබෙන ප්‍රථිචාරය මනසින් සිතුවම් කරන්න. අවසාන අවස්තාව සිතුවම් කළාම සෑම් මිසයිලයක් මෙන් එම ඉලක්කය කරා ගමන් කරන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබේ යටිසිත ඉලක්කය හඳුනා ගන්නේ සිතුවම් කළ විට විතරයි. 

3. මුලින් කළයුත්ත මුලින් කරන්න 

ඔබට ලැබන කාලයත් ඉහළම මට්ටමක ඉන්න කෙනාටත් දෙන්නාටම ලැබෙන්නේ එකම කාලයක්. කාලය මදියි කියලා ලතවෙන එක නවතන්න. කළයුතු කටයුතු පෙළගස්වන්න. මුලින් කළ යුතු දේ මුලින් කරන්න. 

4. ජය – ජය ගැන හිතන්න

ඔබ කරන බොහෝ කතයුතු වලදී තවත් අය සම්බන්ද වෙනවා. හැමවිටම ජය-ජය මුලධර්මය අනුගමනය කරන්න. අනෙත් කෙනාට දිනුමක් නැත්නම් එම පුද්ගලයා වැඩිකළක් ඔබ සමග එකට ගමනක් යන එක නතර කරාවි.

5. මුදිතාව වඩන්න

මුදිතාව එහෙම නැත්නම් සහකම්පනය ජීවිතයට එකතු කර ගන්න. අනෙක් කෙනාගේ දුකේදී ඔහු තේරුම් ගන්න කලින් හොඳින් ඇහුම් කන් දෙන්න. ඔහුගේ දුකේදී පඬි වදන් නොව ඔහුට හඬන්න ඔබේ උරහිස දෙන්න. ඔබේ මතය කියන්න කලින් අන අය වටහා ගන්න. අන් අයට ඇහුම් කන් දෙන්නේ නැතිව තම මතය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ.

6. එකමුතුව දිනන්න

එකම රැහැකින් බැඳී කණ්ඩායම් ගත වෙන්න. ඔබේ පිරිස සමග එකට වැඩකිරීම තනියම වැඩ කරනවාට වඩා ඉහළ ඉලක්කයකට යන්න ශක්තිය ඇතිකරනවා. 

7. සැමදා ඔබේ  ආයුදය මුවහත් කරන්න

ඔබේ ඇතුළත ශක්තිය අවුළුවා ගන්න. අළුත් දැනුම නිතිපතා ලබා ගන්න. ඔබ සැමදා කරන කටයුතු වඩා හොඳින් කළ හැකි ආකාරය නිතරම සිතන්න. ඔබේ මනස  ජය ලබාගන්න  නැවත ලියවන වැඩසටහනකට කාලය සොයාගන්න. අළුත් පොතක්, වෙබ් අඩවියක් බලන්න. සබ්ලිමිනල් හඬ් පටයක් අහන්න. ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්න. වාහනයේ දී අළුත් පොතක හඬ පටය  MP3 ගෙන අසන්න.

Seven Good Working Habits by Sanath Gamage

Sanath Gamage
Human Skills Development Specialist
 
sarasith.wordpress.com / alokaya.com

 

ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක් 3 – පාට බැලූන්

විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.

මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.

sanath gamage – new thoughts ,  සනත් ගමගේ සාරසිත්

ජීවිතය වෙනස් කරන සිතුවිලි 2: හිතින් ලතැවීම

හිතින් කළකිරෙමින් ලතවෙමින් වේදනාවෙන් ඉන්න බොහෝ දෙනා පුරුදු වෙලා. පෝරකේ වගේ ගීත ජනප්‍රියම ගී වෙලා. මේ වේදනාව හිතින් අල්ලගෙන ඉන්න එක කැරකෙන පුටුවක කැරකි කැරකි ඉන්නවා වගේ දෙයක්. යන තැනක් නෑ. හැබැයි කැරකිල්ලයි තෝන්තුවයි එනවා. හිතන්න මුමුණන්න හොඳ ගීයක්, බලන්න ලස්සන චිත්‍රපටයක්, හුරතල් කරන්න පොඩි දරුවෙක්. හිනාව ළං කර ගන්න. ජීවිතයම ආලෝකමත් කර ගන්න.

මගේ ඉදිරියෙන් යන්න එපා. මම ඔබව අනුගමනය නොකරාවි. මගේ පසුපසින් එන්න එපා. මම ඔබට පාර නොපෙන්වාවි. මා අසලින් එන්න. මගේ මිතුරකු වන්න. හැමදාම මේ පැත්තට එන්න. අපි සතුට ඉසුර සාමය ගැන කතා කරමු.

https://www.facebook.com/SanathGamageGuru#!/SanathGamageGuru

https://www.facebook.com/SanathGamageOfficial

 

Sanath Gamage – New Thoughts, Positive Talks,  සනත් ගමගේ ආලෝකය සුභ සිතුවිලි

රටා බිඳිමුද? බඳිමුද?

අපි මේ පාඩමත් සමගම අද NLP යොදාගෙන ඉසුරු මත් ජීවිතයකට යන ගමනේ ලොකු වෙනසක් ඇති කරගන්නවා. මේ මොහොතේ ඔබේ හැඟීම්, එහෙම නැත්නම් භාවයන් මොනවගේ ද? බලන්න හොඳ රිද්මෙක ගීයක් මුමුණනවාද? එහෙම නැත්නම් සුසුමක් නිකම්ම පිට වෙනවාද? කේන්තියක් එහෙම නැත්නම් කළකිරීමක් තියෙනවාද? ඉසුරුමත් ජීවිතයකට ඔයාට ලොකු සතුටක් ඇති කරගන්න වෙනවා. 

NLPවල මූලිකම හරයත් ඔයාගේ භාවයන්ගේ වෙනස් කමයි. හැඟීම් ඔයාගේ ජයග්‍රහණයට අවශ්‍ය විදිහට සකස් කිරීමයි. පසුගාමි, කළකිරුණු ස්වභාවයෙන් ඉන්න වෙලාවට වඩා සතුටින් පිරිලා ඉතිරිලා ඉන්න වෙලාවට ඔබ ගන්න තීරණ වඩා සාර්ථක හා හොඳ ප්‍රථිපළ ගෙනල්ලා දෙනවා. දිගටම හොඳ තීරණ ගන්න පටන් ගත්තාම ඔයාගේ මුළු ජීවිතයම ප්‍රීතිමත් සුභ එකක් වෙනවා.

 

ඔබේ ජීවිතේ ගැන පොඩි වෙලාවක් අරන් ආපස්සට ගිහින් බලන්න. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මේ ගී පද වගේ දේවල් ඔයාටත් වෙලා ඇති.

“ලොවම එපා වී ලොවම කළකිරී තැවී දැවී ඉන්නා වේලේ
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ”

සමහර වෙලාවට ඔයා කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක හොඳට නටන පුංචි ළමයෙක්, සිනා පිරුණු චිත්‍රපටියක්, රම්බරි වගේ තාලයක ගීයක් ඔබේ යටි හිත ඔයාටම නොදන්වා ඔයාව වෙනස් කරලා ඇති. ඔයා හොඳින් ඉන්න වෙලාවක ඔයාගේ ආදරය කරන කෙනෙකුගෙන් එන SMS එකකින් ඔයාගේ භාවයන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හිතුවොත් මේ ගැන සමහරවිට එක පාරටම හිතේවි මේ කියන්නේ අවධානය බිඳීමක්, බාධාවක් විතරයි මෙතන තියෙන්නේ කියලා. ඇත්තටම ඊට වඩා ගැඹුරට ගිය සිදුවීම් මාලාවක ඇරඹුමක් එතනින් සිතුවෙනවා.

NLP වලදී මේ රටා බිඳීම ගැන වඩා පුළුල් විග්‍රහයක් වෙනවා. යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණඩායමක දැනට පවතින මානසිකව සිදුවන සිතුවිලි, ක්‍රියා සහ භාවයන්ගේ ගලා යාම වෙනස් කරන දෙය රටා බිඳීම ලෙස පුළුල් වශයෙන් කියන්න පුළුවන්. ඔබ සමහර විට කේන්තියෙන් සිටීමට හේතුව ජීවිතයේ වෙන දවසක සිදුවුන ප්‍රේරකයක් එහෙම නැත්නම් චාලක ප්‍රතික්‍රියාවක් නිසා වෙන්න පුළුවන්. මේනිසා ඔයාට දැන් වැටහෙනවා ඔයාගේ මේ රටා බිඳවැටීම් පිටුපස වෙනත් රටා වන් තියෙන්න පුළුවන් කියලා. නැවත නැවත වන මානසික රටාවන් නිසා ඔබට අද අනවශ්‍ය භාවයන් එහෙම නැත්නම් හැඟීම් ස්වභාවයන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මේ නිසා ඔයාට සමහර වෙලාවට ඔයාගේ කේන්තියට, කළකිරීමට, උකටලී හැඟීමට හේතුව හොයා ගන්න බැරිවෙනවා

සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. මේ මනෝ භාව රටා වෙනස් කරන ප්‍රේරක මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම්, අපි සිත තුළ දැන් ඇතිවෙන ප්‍රශ්ණය ප්‍රේරකයක් යොදාගෙන අපේ සිතුවිලි පොඩි උත්තේජනයක් කරලා අපිට අවශ්‍ය කරන මනෝ භාව රටා නිපදවාගෙන හැමදාම සතුටින්, තෘප්තියකින් ඉන්න බැරිද කියන එකයි. ඇත්තටම මෙය කරන්න පුළුවන්.

 

අවුරුදු නැකතට අළුත් සිහිනයක් අල්ලමුද???

ඔයාගෙ හිත හොඳටම සතුටින් බලාපොරොත්තු වලින් පිරෙන මොහොතක් තමයි අවුරුදු නැකත. හොඳම වෙලාවක, නැ පිරිවර වටකරන්, කැවිලි පෙවිළි පිරිලා, අළුත් ඇඳුම් ඇඳන් තව මොනාවද ඔබට ඕනැ කරන්නේ අළුත් හීනය නැකතට පටන් ගන්න. අවුරුද්දකට එකම සැරයක් එන හොඳම නැකත. කිරිත් උතුරවලා.

අවුරුදු නැකතට හීන ලියන එක මම පටන් ගත්තේ මීට අවුරුදු තිස් හතරකට කලින්. ඒ ලියපු හුඟාක් හීන ආකර්ෂණයේ නීතිය මගේ ජීවිතයේ ලබා දීලා තියෙනවා. ගිය වසරේ ලියපු හීන හතෙන් පහක්ම ඉටු වෙලා. ඒ හිඳාම මම හිතුවා ඔයාත් එක්ක මේ රහස බෙදා ගන්න. 2013 සිංහල අළුත් අවුරුද්ද ලබන කොට ඔයාට කියන්න පුළුවන් වේවි ඔයා මේ දකින සිහිනය ඇත්තක් කර ගත්ත බව. ඔයාට  සතුටක් දැනේවි ඒ ගැන.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඒ කාලෙ තිබුන එකම විද්යුත් මාධ්‍ය වුන ගුවන් විදුලි වැඩසටහනකින්න්. මම කීප වතාවක්ම මේ ගැන ගුවන් විදුලියේ කියලා හොයන්න උත්සහ කළා ඒ කවුද කියලා. ඒත් හොයා ගන්න බැරි උනා. සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් මම කියවලා තිබුනු නිසා ඒ මූලධර්ම මට මතක තිබුනා. එදාත් මම ඇහුවේ පරණ අවුරුදු දවසේ රැ. අදත් රැ මම මේ ගැන ඔයාට කියනවා.

හොඳයි! අපි වැඩේට බහිමු. තනියම කරන්න. ඔබ අදහන ආගම ඉටු දෙවියන් සිහි කරලා පුන්‍ය කාලයට කලින් කොලේකුයි පෑනකුයි ගන්න. ලබන අවුරුද්ද ඇතුළත ඔයාට ඉටු කර ගන්න ඕනි හීන හතක් ගැන හිතන්න. ඔයාගේ අධ්‍යාපනය, මිළ මුදල් ගැන, රැකියාව ගැන, පවුලේ ගැන තියෙන හීන, ගමන් බිමන්, ඔයා හිතන ජයග්‍රහන ගැන හිතන්න. හැබැයි මේ ඉලක්ක සේරම ඔයාගෙ පාළනයේ තියෙන ඒවා වෙන්න ඕනි.

ඔයාගේ පාළනයෙ නැති දේවල් ඔයාගේ හීන කරගත්තාම ඔයා ආතතියට පත් වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ කැමැත්ත ඔයාට ගන්න එක ඔයාගෙ පාළනයෙන් පිට තියෙන දෙයක්. හැබැයි ඔයාගෙ ආදරය ප්‍රකාෂ කරන එක ඔයාගෙ පාළනයෙ තියෙන දෙයක්. හොඳට ඉගෙන ගන්න එකයි, විභාගෙ හොඳට ලියන එකයි ඔයාගෙ පාළනයෙ තියෙන්නෙ. ඒත් විභාග ප්‍රථිපළ ඔයාගෙ පාළනයෙ නෙමෙයි. ඔයාගේ ආදායම දෙගුන කර ගන්න එක ඔයාගෙ පාළනයෙ තියෙන්නේ.හැබැයි පඩි වැඩිකර ගන්න එක ඔයාගේ පාළනයෙ නෙමෙයි තියෙන්නේ.

දැන් මේ හීන හැබෑ වුන හැඟීමෙන් ඒ විදිහට ලියන්න. අපි උදාහරණ කීපයක් ගනිමු. 2013 සිංහළ අවුරුද්ද දවසෙ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා මම ගත්තු ඉඩමෙ අළුත් පොල් පැල හිටෙවුවා. බලන්න. හීනය ඉඩම ගන්න එක. ඒත් ඒක ලිවුවේ ඒ හීනෙ හැබැ කරගෙන තියෙන විදිහට. හරියට පොල් පැළ හිටුවන එක තමයි ලොකුම ඉලක්කය වගේ. මේ හීන සතුටින් ලියන්න. වාක්‍ය ටික හදා ගෙන තියා ගන්න ලස්සන කොලේකට ගන්න අවුරුදු නැකතට ලියා ගනිමු.

අවුරුදු නැකතට අළුත් පිබිදීමකින් හීන මවන්න ලබන අවුරුද්ද ඔයා හිතන හීනය ඉටු වෙලා තියෙන විදිහ. අපි ඉසුරෙන් පිරුනු ජීවිතයක ලිපි පෙළෙන් ඔයාගෙ හීනය ලියන විදිහ කියලා දෙන්නම්. ඔයාගේ හීන කාටවත් පෙන්වන්නේ නැතුව හංගන්න. ඒ කොලේ ආයෙත් බලන්නේ ලබන අවුරුද්දේ පරණ අවුරුද්ද දවසේ.

ඔයාගේ ඉසුරුමත් ජීවිතයක හීන ඉටු කර ගන්න පුළුවන් ලස්සනම වාසනාවන්තම සිංහළ දෙමළ අළුත් අවුරුද්දකට සුභ පතනවා.

මේ ගැන වැඩිදුරටත් කතා කරපු නාලිකාවෙන් විකාශය වූ 7වෙනි පැය වැඩසටහන මෙතනින් බලන්න පුළුවන්. 

ඉසුරු මත් ජීවිතයක රහස් 1 සහ ඉසුරු මත් ජීවිතයක රහස් 2 ලිපි කියවන්න.

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – දෙවෙනි රහස: Format your Mind with NLP – NLP සමග සිතුවිලි නැවත ලිවීම

 

NLP කියන්නේ  Neuro Linguistic Program කියන වචන වලින් හැදුනු කෙටි වචනයකුයි. ඔබේ මොළයේ ඇති ස්නායු නැවත සම්පාදනය කිරීම පිළිබඳව මේ මගින් ඉගෙන ගන්නවා. මිනිසුන් සිතන දේ, දැනෙන දේ සහ ක්‍රියා කරන දේ පිළිබඳව සොයා බලා, ජීවිතය සර්ථක කර ගත් මිනිසුන්ගේ සිතුවිලි ඔබේ කර ගත්තාම, ඒ සර්ථකත්වය ඔබටත් ලබා ගන්න පුළුවන්. ජීවිතය දිනූ මිනිසුන් පිළිබඳව කියවන්න දැනගන්න අපි ආසයි. ඒ වගේම ඒ මිනිසුන් අතරින් සමහරෙක් අපේ වීරයන් වෙනවා. ඒ ජීවිත කතා කියවන විට අපිත් ඒ වගේ වෙන්න ඕනි කියලා හිතනවා.  ඔබේ ගෞරවයට පත් වූ එවැනි වීර චරිතයක් අනුගමනය කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඒ අතරින් NLP මගින් කරන්න පුළුවන් සුවිශේෂම කටයුත්තක් තියෙනවා. ඔබේ ශාරීරික, මානසික වගේම භාවත්මක ශක්තීන්, කුසලතා සහ නිර්මාණශීලීත්වය උද්දීපනය කරන්න පුළුවන් බලවත් තාක්ෂණය සහ ක්‍රම NLP තුළ ගැබ්ව තියෙනවා.

NLP මුළින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය රිචඩ් බැන්ඩ්ලර් සහ ආචාර්ය ජෝන් බ්‍රින්ඩ්ලර් යන දෙදෙනා විසිනුයි. Neuro යන වචනයෙන් කියවෙන පරිදි  තුළින් ඔබේ මනසත්, මොළයත් පිළිබඳව හදාරනවා. Linguistics යන වචනයත් සමගම භාෂාව සහ වෙනත් ශබ්ද මගින් අපේ ජීවිතයේ පළදායීතාව වැඩිකරගන්න මනස වෙනස් කළ හැකි ආකාරය ගැන ඉගෙන ගන්නවා. වචනයෙන් අපේ ජීවිතයේ ඉලක්ක සහ අභිමතාර්තයන් ඉටු කරගන්න මනස ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරවන අයුරු ගැන ඉගෙන ගන්නවා. මේ ලිපිය මගින් අපි කතා කරන රහස අපි කොටස් දහයකින් ක්‍රම වේද දහයකින් ඉදිරිපත් කරනවා. අපි එක එක වෙන වෙනම රහසක් විදිහට එකතු කර ගනිමු.

NLP මගින් ඇන්කරින් (anchoring)  ක්‍රමය තුළින් විවිද අවස්තාවන් වලදී ඔබ දැනට පුරුදු වී සිටින හැඟීම් සහ භාවයන් වෙනස් කර වෙනස් ප්‍රතිඵළ ලබා ගත හැකි ආකාරය මගින් ඔබේ ජීවන ක්‍රමය වෙනස් කර ගන්න ඔබට පුළුවන්. NLP ඔබේ දැනට ඇති විශ්වාසයන් පිළිබඳව සොයා බලා ඒවා වෙනස් කරන්න උදවු වෙනවා. NLP අභාස ක්‍රම සමස්තයක් වශයෙන් ඔබ පිළිබඳව ඔබට ඇති හැඟීම වෙනස් කරන්න උදවු වෙනවා.