Category Archives: ඉසුරුමත් ජීවිතයක්

අත් නොහරින සිහිනයක් – ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – තුන් වෙනි රහස

ලොව පුරාම මිනිසුන්ගේ සිහින අත් හැරීම ගැන කළ පර්යේෂණ වලදී පෙනුනු වැදගත්ම කරුණ නම් මිනිසුන් ඉතාම ඉක්මනින් තම සිහිනය අත් හරින බවයි. ඔබ සිහිනයේ ජීවත් වන විට, සිහිනය දිනා ගත් බවට හැඟෙන මානසිකත්වතෙන්, සතුටින් සිහිනයේ සැරිසරන විට, ආකර්ෂණයේ නීතිය ඔබ වෙත ළඟා කර දෙනවා.

සිතන්න ඔබ අඹ ඇටයක් පැළ කරනවා. වතුර පොහොර දානවා. ඔබ විශ්වාසයෙන් ඒ පැළය රැක බලා ගත්තොත් මාසයකට පසුව අඹ පැළය ඔබට දකින්න පුළුවන්. ඒත් ඔබ අඹ ඇටය හිටවපු දා ඉඳලාම පස් ටික අයින් කර කර අඹ ඇටේ පැළ වෙලාද කියල පස් හාරලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පැළය මැරිලා යනවා.

ගොවි මහතුන් මේ ගැන දන්නවා. ඒක නිසා ඉවසිල්ල පුරුදු කරගෙන ඉන්නවා. මිනිසුන් සිහිනය රැක බලා ගන්නේ ටික කාලයයි. දිනපතා ව්තුර පොහොර දාන්න අමතක කරනවා. ඊට පස්සේ සිහිනය හරි නොගියාම අත් හැරලා දානවා. බැන වදිනවා. ආකර්ෂණයේ නීතිය බොරුවක් කියනවා. තෝමස් අල්වාට දහස් වතාවකටත් වඩා විදුලි බල්බය නිපදවන්න උත්සහ කළා. ඛ්FC පළවෙනි කුකුළු මස් පිඟාන විකුණන්න ගෙවල් 1004 කට යන්න උනා. ඒත් මිනිසුන් 92%ක්ම හතර වතාවකට වඩා උත්සහ කරන්නේ නැ. සිහිනය රැක ගන්න. පරිස්සමින් හැම දාම සාත්තු කරන්න.ඔබ සිහිනය දිනා ගන්නම ඕනිමයි.

Sanath Gamage – alokaya.com

Sanath Gamage

Human Skills Development Specialist

https://www.facebook.com/pages/alokayacom

https://www.facebook.com/SanathGamageOfficial

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – දෙවෙනි රහස: Format your Mind with NLP – NLP සමග සිතුවිලි නැවත ලිවීම

 

NLP කියන්නේ  Neuro Linguistic Program කියන වචන වලින් හැදුනු කෙටි වචනයකුයි. ඔබේ මොළයේ ඇති ස්නායු නැවත සම්පාදනය කිරීම පිළිබඳව මේ මගින් ඉගෙන ගන්නවා. මිනිසුන් සිතන දේ, දැනෙන දේ සහ ක්‍රියා කරන දේ පිළිබඳව සොයා බලා, ජීවිතය සර්ථක කර ගත් මිනිසුන්ගේ සිතුවිලි ඔබේ කර ගත්තාම, ඒ සර්ථකත්වය ඔබටත් ලබා ගන්න පුළුවන්. ජීවිතය දිනූ මිනිසුන් පිළිබඳව කියවන්න දැනගන්න අපි ආසයි. ඒ වගේම ඒ මිනිසුන් අතරින් සමහරෙක් අපේ වීරයන් වෙනවා. ඒ ජීවිත කතා කියවන විට අපිත් ඒ වගේ වෙන්න ඕනි කියලා හිතනවා.  ඔබේ ගෞරවයට පත් වූ එවැනි වීර චරිතයක් අනුගමනය කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඒ අතරින් NLP මගින් කරන්න පුළුවන් සුවිශේෂම කටයුත්තක් තියෙනවා. ඔබේ ශාරීරික, මානසික වගේම භාවත්මක ශක්තීන්, කුසලතා සහ නිර්මාණශීලීත්වය උද්දීපනය කරන්න පුළුවන් බලවත් තාක්ෂණය සහ ක්‍රම NLP තුළ ගැබ්ව තියෙනවා.

NLP මුළින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය රිචඩ් බැන්ඩ්ලර් සහ ආචාර්ය ජෝන් බ්‍රින්ඩ්ලර් යන දෙදෙනා විසිනුයි. Neuro යන වචනයෙන් කියවෙන පරිදි  තුළින් ඔබේ මනසත්, මොළයත් පිළිබඳව හදාරනවා. Linguistics යන වචනයත් සමගම භාෂාව සහ වෙනත් ශබ්ද මගින් අපේ ජීවිතයේ පළදායීතාව වැඩිකරගන්න මනස වෙනස් කළ හැකි ආකාරය ගැන ඉගෙන ගන්නවා. වචනයෙන් අපේ ජීවිතයේ ඉලක්ක සහ අභිමතාර්තයන් ඉටු කරගන්න මනස ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරවන අයුරු ගැන ඉගෙන ගන්නවා. මේ ලිපිය මගින් අපි කතා කරන රහස අපි කොටස් දහයකින් ක්‍රම වේද දහයකින් ඉදිරිපත් කරනවා. අපි එක එක වෙන වෙනම රහසක් විදිහට එකතු කර ගනිමු.

NLP මගින් ඇන්කරින් (anchoring)  ක්‍රමය තුළින් විවිද අවස්තාවන් වලදී ඔබ දැනට පුරුදු වී සිටින හැඟීම් සහ භාවයන් වෙනස් කර වෙනස් ප්‍රතිඵළ ලබා ගත හැකි ආකාරය මගින් ඔබේ ජීවන ක්‍රමය වෙනස් කර ගන්න ඔබට පුළුවන්. NLP ඔබේ දැනට ඇති විශ්වාසයන් පිළිබඳව සොයා බලා ඒවා වෙනස් කරන්න උදවු වෙනවා. NLP අභාස ක්‍රම සමස්තයක් වශයෙන් ඔබ පිළිබඳව ඔබට ඇති හැඟීම වෙනස් කරන්න උදවු වෙනවා.

ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – පළවෙනි රහස: සිත කුල්මත් කරවන හැඟීම

ආදරයක් ජීවිතයට ලැබුනු පළමු දවසේ ඔබේ සිතට දැනුනු කුල්මත් හැඟීම ඔබට මතකද? ඔබට වෙන කිසීම දෙයක් හිතට නොනැගෙන තරමටම ඒ සිතුවිල්ල ඔබේ සිත වෙලා ගෙන තිබුනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ කියලා ඔබට දැනෙන්න ඇති. අද දවසේ ඉසුරුමත් ජීවිතයක් පිළිබඳ හැඟීම ඔබේ සිතට දැනුනාම, ආදරය දැනුනු තරමටම ඔබේ සිත පිබිදෙනවාද? පිළිතුර ඔවු නම් ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්. හැබැයි ඔබට ඒ පිළිබඳ උත්තරය ඒ තරමටම ශක්තිමත් නැත්නම් අපි තත්වය අදම වෙනස් කරගනිමු. ඔබට ජීවිතය ඉසුරුමත් කරන්න තියෙන ඕනෑකම නිකම්ම පැතුමකින් ඔබ්බට ගිය ලොකු desire එකක් වෙන්න ඕනි. desire කියන්නේ මොකක්ද කියලා මධුර ශබ්ද කෝෂය කියන්නේ මෙහෙමයි. අටිය, අපේක්ෂාව, අභිප්‍රාය, අභිරුචිය, අභිලාෂය, මනදොළ. මේ මොන නමකින් හැඳින්වුවත්, නිකම්ම සිහිනයක්, පැතුමක් විතරකින් එහාට ගිය දැඩි ඕනෑ කමක් සහිත හැඟීමක් කියන එක හොඳටම පැහැදිලියි. සිහිනයක් විතරක් තියෙන අය සිහිනෙත් එක්ක ජීවිත් වෙලා සිහින බිඳ වැටෙන බව කියනවා. ඒත් ආකර්ෂණ නීතිය ජය ගන්න ඔබට ලොකු ඕනෑ කමක් තියෙන්න ඕනි.

මේ ඕනෑ කම කොයි තරම් වෙන්න ඕනද කියලා තේරුම් ගන්න පුළුවන් ලස්සන කතාවක් තියෙනවා. දවසක් තරුණයෙක් සොක්‍රටිස් මුන ගැහෙන්න ගියා ප්‍රශ්නයක් විසඳා ගන්න. ඔහුගේ ප්‍රශ්නය උනේ ජීවිතය සාර්තක කරගන්නේ කොහොමද කියලා අහන්න. සොක්‍රටිස් පිළිතුරක් වෙනුවට තරුණයාට පසු දින උදේ ගඟ ළඟට එන්න නියම කළා. තරුණයාත් කුතුහලයෙන් ගෙදර ගිහින් පසුදා උදේන්ම ගඟ ළඟට ආවා. ඒ වෙනවිටත් සොක්‍රටිස් ඇවිත්. තරුණයා මුල් ප්‍රශ්නයම නැවත ඇසුවා. සොක්‍රටිස් තරුණයාගෙන් ඇසුවා දියුනු වෙන්න කොච්චර ඕනැ කමක් තියනවාද කියලා. තරුණයා පිළිතුරු දුන්නා ලොකු ඔනෑ කමක් තියනවා කියලා. සොක්‍රටිස් නැවතත් අහනවා කොච්චර ලොකු ඕනැ කමක්ද කියලා. තරුණයාට ඒ ගැන හොඳ වැටහීමක් තිබුනේ නැ. සොක්‍රටිස් තරුණයාට ගඟ මැදට යන්න කියා තරුණයාගේ පස්සෙන් ගඟට බැස්සා.

තරුණයාගේ නහය ළඟට වතුර තියෙන තරම් ගඟ මැදට ගියාම, සොක්‍රටීස් එක වරම තරුණයා බෙල්ලෙන් අල්ලා වතුරේ එබුවා. ඔක්සිජන් නැතුව නිල් පාට වුන තරුණයා තම උපරිම ශක්තිය යොදවලා දේහධාරී සොක්‍රටිස් පෙරළගෙන වතුරෙන් ගොඩට ආවා. සොක්‍රටීස් හති දමමින් සිටි තරුණයා නිවුන පසු පැනයක් ඇසුවා. වතුරේ යට ඉන්න විට ඔහුගේ උවමනාව මොකක්ද කියලා. තරුණයා කීවේ ඔහුට හුස්ම ගන්න උවමනා උන බවයි. සොක්‍රටිස් ඇහුවා නැවතත් කොච්චර ඕනෑ කමක් තිබුනාද කියලා හුස්ම ගන්න. තරුණයා කීවේ එපමණ ඕනෑ කමක් කවදාකවත් ඇති වෙලා නෑ කියලා. සොක්‍රටිස් තරුණයාට කියා දුන්නා ජීවිතේ ඉසුරුමත් කරගන්න නම් වතුරේ ගිලිලා මැරෙන්න යන කෙනෙකුට හුස්ම ඕනි තරම් ඕනි කමක් සිතේ ඇති කර ගන්න ඕනි කියලා.

ඉසුරුමත් ජීවිතයකට ඔබට තිබෙන උවමනාව ඔබේ ඇතුලෙන්ම එන ලොකු ගින්නක් වෙන්න ඕනි. ඇතුලෙන්ම කියලා මම කීවේ ඔබේ හදවතින්ම එන්න ඕනි කියන දෙය සිතා ගෙන. මනසින් ඇති කරගන්න සිතුවිල්ලකට වඩා හදවතින්ම ඕනෑ කමක් ඇතිකරගන්න ඕනි. මනස එහෙම නැත්නම් ඔබේ උඩු හිත තර්කානුකූලව සිතන විට සැකය ඇති වෙනවා. සැකය ඔබ ළඟ තියෙන විට ඔබ උකටලී වෙනවා. ඉච්චාබංග වෙනවා. ඒත් ඔබේ හදවත එහෙමත් නැත්නම් ඔබේ යටිසිත ඔබේ හැඟීම් වලට බලපානවා. ඉසුරුමත් ජීවිතයක ඕනෑ කම ඔබේ යටි සිත බාර ගත්තාම ආකර්ෂණ නීතිය බලපානවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබේ මනස තර්කයත් ‍යටිසිත හැඟීම් පාළනයත් කරන නිසා තර්කයත් හැඟීම් අතර ගැටුමක් ඇතිවුනාම නිතරම හැඟීම් ජය ගන්නවා. මේ නිසා ඔබේ හැඟීම් කළමණාකරණය ඉසුරුමත් ජීවිතයක පදනම වෙනවා. ඒ වගේම තර්කයත් හැඟීම් අතරත් එකඟ බව ඉසුරු ඔබ කරා ආකර්ෂණය ඉක්මන් කරනවා.

සිහිනයකට එහා ගිය ලොකු උවමනාවක් ගැන මම නැවත නැවතත් ඔබට මෙහිදී නැවත නැවතත් කියන්නේ ඇයි? සිහිනය මනසේ උපකරණයක් විතරයි. ඔබ සිහිනයක් දැක්කාට මනස එය ළඟා කර ගන්න සුදානම් වෙලා නැ. ඔබ දකින සිහිනය ඔබේ හදවතට දැනිලා නෑ. ඒ නිසා හැම සිහිනයක්ම ඉටු වෙන්නේ නැහැ. සිහිනය සිතැඟියාවක් හා දැඩි අභිලාෂයක් බවට පෙරළුනාම, එය ඔබේ යටි සිතේ පාළනයට නතු උනාම හැඟීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. තවත් ලෙසකින් කියනවානම්, ඔබේ පැතුම, භාවයක් බවට පෙරළෙන විට, එම සිතුවිල්ල  භෞතික යතාර්ථයක් බවට පෙරළෙනවා.ඔබ බොහෝ විට දැක ඇති මිනිසුන් පැතුම් පැතුවත්  ඒ පැතුම සැබෑවක් කරගන්න කැපවී වැඩකරන්නේ නැතිව ඉන්න බව. ඇයි ඒ වගේ වෙන්නේ. මනසට පැතුමක් ආවත් ඒ පැතුම යටිසිතේ හැඟීමක් ඇති නොකරන තාක් ක්‍රියාත්මක වීමක් ඇතිවෙන්න පෙළඹීමක් ඇති කරන්නේ නැ. ඔබට දෙයක් දිනා ගන්න සිතුවත්, පැතුවත් ඔබේ හදවත එය පිළිගෙන නැත්නම් හෝ ඊට වෙනස් දෙයක් විශ්වාස කරනවානම් ඒ පැතුම ඉටු වෙන්නේ නැහැ. පැතුම් පතන එක විතරක් කරන පුරුද්ද නවත්තලා ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් හැඟීම් වෙනස් කරගන්න පටන් ගනිමු. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඔබේ භාවයන් වෙනස් වෙනවා. පැතුම ඉටු වෙන්න එය ඔබේ අත් දෙකට ලබා ගන්න යන්නේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් විතරයි. ඔබ එය ඉටු කර ගන්නවා මයි