Category Archives: NLP Lessons

රටා බිඳිමුද? බඳිමුද?

අපි මේ පාඩමත් සමගම අද NLP යොදාගෙන ඉසුරු මත් ජීවිතයකට යන ගමනේ ලොකු වෙනසක් ඇති කරගන්නවා. මේ මොහොතේ ඔබේ හැඟීම්, එහෙම නැත්නම් භාවයන් මොනවගේ ද? බලන්න හොඳ රිද්මෙක ගීයක් මුමුණනවාද? එහෙම නැත්නම් සුසුමක් නිකම්ම පිට වෙනවාද? කේන්තියක් එහෙම නැත්නම් කළකිරීමක් තියෙනවාද? ඉසුරුමත් ජීවිතයකට ඔයාට ලොකු සතුටක් ඇති කරගන්න වෙනවා. 

NLPවල මූලිකම හරයත් ඔයාගේ භාවයන්ගේ වෙනස් කමයි. හැඟීම් ඔයාගේ ජයග්‍රහණයට අවශ්‍ය විදිහට සකස් කිරීමයි. පසුගාමි, කළකිරුණු ස්වභාවයෙන් ඉන්න වෙලාවට වඩා සතුටින් පිරිලා ඉතිරිලා ඉන්න වෙලාවට ඔබ ගන්න තීරණ වඩා සාර්ථක හා හොඳ ප්‍රථිපළ ගෙනල්ලා දෙනවා. දිගටම හොඳ තීරණ ගන්න පටන් ගත්තාම ඔයාගේ මුළු ජීවිතයම ප්‍රීතිමත් සුභ එකක් වෙනවා.

 

ඔබේ ජීවිතේ ගැන පොඩි වෙලාවක් අරන් ආපස්සට ගිහින් බලන්න. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මේ ගී පද වගේ දේවල් ඔයාටත් වෙලා ඇති.

“ලොවම එපා වී ලොවම කළකිරී තැවී දැවී ඉන්නා වේලේ
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ”

සමහර වෙලාවට ඔයා කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක හොඳට නටන පුංචි ළමයෙක්, සිනා පිරුණු චිත්‍රපටියක්, රම්බරි වගේ තාලයක ගීයක් ඔබේ යටි හිත ඔයාටම නොදන්වා ඔයාව වෙනස් කරලා ඇති. ඔයා හොඳින් ඉන්න වෙලාවක ඔයාගේ ආදරය කරන කෙනෙකුගෙන් එන SMS එකකින් ඔයාගේ භාවයන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හිතුවොත් මේ ගැන සමහරවිට එක පාරටම හිතේවි මේ කියන්නේ අවධානය බිඳීමක්, බාධාවක් විතරයි මෙතන තියෙන්නේ කියලා. ඇත්තටම ඊට වඩා ගැඹුරට ගිය සිදුවීම් මාලාවක ඇරඹුමක් එතනින් සිතුවෙනවා.

NLP වලදී මේ රටා බිඳීම ගැන වඩා පුළුල් විග්‍රහයක් වෙනවා. යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණඩායමක දැනට පවතින මානසිකව සිදුවන සිතුවිලි, ක්‍රියා සහ භාවයන්ගේ ගලා යාම වෙනස් කරන දෙය රටා බිඳීම ලෙස පුළුල් වශයෙන් කියන්න පුළුවන්. ඔබ සමහර විට කේන්තියෙන් සිටීමට හේතුව ජීවිතයේ වෙන දවසක සිදුවුන ප්‍රේරකයක් එහෙම නැත්නම් චාලක ප්‍රතික්‍රියාවක් නිසා වෙන්න පුළුවන්. මේනිසා ඔයාට දැන් වැටහෙනවා ඔයාගේ මේ රටා බිඳවැටීම් පිටුපස වෙනත් රටා වන් තියෙන්න පුළුවන් කියලා. නැවත නැවත වන මානසික රටාවන් නිසා ඔබට අද අනවශ්‍ය භාවයන් එහෙම නැත්නම් හැඟීම් ස්වභාවයන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මේ නිසා ඔයාට සමහර වෙලාවට ඔයාගේ කේන්තියට, කළකිරීමට, උකටලී හැඟීමට හේතුව හොයා ගන්න බැරිවෙනවා

සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. සමහර ආරම්භක ක්‍රියා, එහෙම නැත්නම් ප්‍රේරක නිසා ඔබ සිත තුළින්ම ඔබට එරෙහිවන සිතුවිලි රටාවක් ඇතිවෙන්න පුළුවන්. මේ රටාව බාගවිට ඔබට ඉතාම අහිතකර මානසික භාවයක් ඇතිකරලා ඒ තුළින් ඔබේ තීරණ සහ ක්‍රියා අසාර්ථක කරන්න පුළුවන්. මේ මනෝ භාව රටා වෙනස් කරන ප්‍රේරක මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම්, අපි සිත තුළ දැන් ඇතිවෙන ප්‍රශ්ණය ප්‍රේරකයක් යොදාගෙන අපේ සිතුවිලි පොඩි උත්තේජනයක් කරලා අපිට අවශ්‍ය කරන මනෝ භාව රටා නිපදවාගෙන හැමදාම සතුටින්, තෘප්තියකින් ඉන්න බැරිද කියන එකයි. ඇත්තටම මෙය කරන්න පුළුවන්.