Tag Archives: කවි සිතුවිලි

ජීවිතය වෙනස් කරගන්න – පුංචි පාඩමක් 3 – පාට බැලූන්

විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.

මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.

sanath gamage – new thoughts ,  සනත් ගමගේ සාරසිත්

ජීවිතය වෙනස් කරන සිතුවිලි 2: හිතින් ලතැවීම

හිතින් කළකිරෙමින් ලතවෙමින් වේදනාවෙන් ඉන්න බොහෝ දෙනා පුරුදු වෙලා. පෝරකේ වගේ ගීත ජනප්‍රියම ගී වෙලා. මේ වේදනාව හිතින් අල්ලගෙන ඉන්න එක කැරකෙන පුටුවක කැරකි කැරකි ඉන්නවා වගේ දෙයක්. යන තැනක් නෑ. හැබැයි කැරකිල්ලයි තෝන්තුවයි එනවා. හිතන්න මුමුණන්න හොඳ ගීයක්, බලන්න ලස්සන චිත්‍රපටයක්, හුරතල් කරන්න පොඩි දරුවෙක්. හිනාව ළං කර ගන්න. ජීවිතයම ආලෝකමත් කර ගන්න.

මගේ ඉදිරියෙන් යන්න එපා. මම ඔබව අනුගමනය නොකරාවි. මගේ පසුපසින් එන්න එපා. මම ඔබට පාර නොපෙන්වාවි. මා අසලින් එන්න. මගේ මිතුරකු වන්න. හැමදාම මේ පැත්තට එන්න. අපි සතුට ඉසුර සාමය ගැන කතා කරමු.

https://www.facebook.com/SanathGamageGuru#!/SanathGamageGuru

https://www.facebook.com/SanathGamageOfficial

 

Sanath Gamage – New Thoughts, Positive Talks,  සනත් ගමගේ ආලෝකය සුභ සිතුවිලි

දරුවන්ට නොකිය යුතු කතා

අම්මා තාත්තා නිරතුරුවම තමන්ගේ ප්‍රශ්න දරුවන් සමග කතා කරන්න පටන් ගත්තාම දරුවන්ට හැගෙන්නේ මොනවගේ දේවල්ද? ඔවුන් සිතන්න ගන්නවා තමනුත් මේවට වග කිව යුතුයි කියලා. ඔවුන් තමන් ගේ සුන්දර ළමා ලොවෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. තමන් දෙමාපියන්ට කරදර නොකර සිටිය යුතුයැයි සිතනවා. ඔබත් ඔබේ ප්‍රශ්න ගැන දරුවන්ට පැමිණිලි කරනවාද? ආයෙත් සිතන්න.

රොබින් දූපතින් නිදහස් වු සිරකරුවෙක්

සුදු අධිරාජ්‍යයවාදී පාලනයට විරුද්ධව අවුරුදු 27 ක් රොබින් දූපතින් සිරකරුවෙක් නිදහස් වුණා. ඔහුට ආදරය කරපු ලක්ෂ 5ක ජනතාව… ඔහුගේ කටහඩ අහන්න ඔහුව පිළිගන්න සැරසුනේ මෙහෙමයි.

Sanath Gamaghe memorize the event.

Nelson Mandela’s time in prison, which amounted to almost 27 years, was marked by many small and large events which played a crucial part in shaping the personality and attitudes of the man who was to become the first President of a democratic South Africa. Many fellow prisoners and warders influenced him and he, in his turn, influenced them. While he was in jail his mother and son died, his wife was banned and subjected to continuous arrest and harassment, and the liberation movement was reduced to isolated groups of activists.

වෝල්ට් ඩිස්නි ගේ කකුළ කාපූ මීයාව ලෝ පූජිත කළ කතාව

දෙමාපියන් වියෝ වුවා. අමාරු කම් දැනුනා. පුංචි කලේ ඉදලම විනෝදෙට කරපු විකාර රෑපී චිත්‍ර එකතු කරන් රස්සාවාක් හොයන් ගියා. ඔහුගේ කකුල කන්න ආපු මීයා ඔහුව ලෝක පූජිත් චරිතයක් කළා.

Story of Walt Disney. Try to imagine a world without Walt Disney. A world without his magic, whimsy, and optimism. Walt Disney transformed the entertainment industry, into what we know today. He pioneered the fields of animation, and found new ways to teach, and educate. Sanath Gamage talks about his story

දයාබරව කියමි මම………….

කසුන් චාමර
වයා දසතින්
හීනා වීයන්
ලොවම සනසා…

ඔබේ සෙනෙහස
ලොවට පතුරා
ජයම ගෙන හෙට
සතුටු වෙනු පුත..