Monthly Archives: ඔක්තෝබර් 2011

ජීවිතය වෙනස් කරන සිතුවිලි

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”
@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.

@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.

@ කරන කියන සෑම දෙයක්ම දවසින් දවස , මොහොතින් මොහොත, සෑම අතකින්ම, සෑම දෙයකින්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!

@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ.

@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න.

@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි.

@ ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට, තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා.

@ බිත්ති වලටත් කන් තිබේ
@ සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
@ ඉහළ යන දේවල් පහළට ඒවි
@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
@ කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි
@ වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )
@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්

ජෙසිකා කොක්ස් – අත් දැකීම් නැතිවම ප්‍රධාන දෙසුමට

ගෞරවනීය අභිමානවත් සභාවක්. විද්වතුන්, ප්‍රභූන් වගේම කීර්තිමත් ව්‍යාපරිකයන් පිරිලා ඉතිරිලා. එවන් අවස්තාවක ප්‍රධාන දෙසුම තේජවන්ත වගේම බැරෑරුම් කටයුත්තක්. ආරාධනාව ලබන කෙනා ට ලැබෙන අභියෝගය සභාවේ සෑම කෙනෙකුගේ ම, අවධානය රඳවා ගනිමින් එම දෙසුම කිරීම. ඒත් ආරාධනා ලබන්නේ වසර 25ක තරුණියකට. ඇය සභාව අමතන්නේ තමන්වම හඳුන්වා දෙමින්.

“මට නම් කිසිම දෙයක් ගැන අත්දැකීමක් නැහැ”


අත්දැකීම් නැති ලාබාල තරුණියකට ආරාධනා කිරීම ගැන කවුරුත් විරෝධයක් දක්වන්නේ නැ. ඒත් ඒ වෙනුවට එක් වරම මුළු සභාවම සිනා සාගරයක ගිලෙනවා. ඒ ඇය, ඇයට නැති දේ ගැන  පැමිණිලි කරන්නේ නැතිව, ඒ තත්වය පවා සතුටින් බාරගෙන ඒ ගැන ඇයත් සිනාසෙන නිසා.  ඇයි ජෙසිකාට කිසිම දේක අත් දැකීමක් නැත්තේ. උපතින්ම අත් දෙකම නැතිව ඉපදුන ජෙසිකා, අත් දැකීම් ලබන්නේ කොහොමද?

ඇය දිගටම සැහැල්ලුවෙන් අත් දැකීම් බහුල කෙනෙක් වගේ සභාව අමතනවා. මුළු සභාවම විමතියෙන් ඇය දෙස බලාගෙන ඉන්නවා.

“මේ වගේ සභාවක විදුලි ධාරාවන් මට මුළින්ම එල්ල උනේ මට අවුරුදු හයක් තරම් පුංචි කාලයේදි. හැබැයි ඒ අවස්තාව මග හරින්න මම පුළුවන් හැම දේම කළා. අන්තිමේ දි මම මොන්ටිසෝරියේ ටීචර් ගෙන් ඇහුවා පස්සෙ පේලියේ මට නටන්න බැරිද කියළා. එදා  අම්මාත් ගුරුතුමියත් මට කියලා දුන්නා පස්ස පේළියක් නෑ කියලා. මගේ දිහා බලලා අනුකම්පාවෙන් බලන අය ගැන මට අනුකම්පා කරන්න කියලා දුන්නා. එදා අම්මාත් ගුරුතුමියත් මාව වේදිකාවට යන්න මට හයිය දීපු නිසා අදටත් මම ලෝකේ පුරාවට මේ වගේ සභාවල වැඩසටහන් කරනවා. දෙසුම් පවත්වනවා. මගේ ජීවිතේ ජය ගත්ත කතාව තවත් දහස් ගනනකට ජීවිතේ ජයගන්න උදවු වෙන්න මම කියනවා.”

ආබාධිත කියන්නේ අත් කකුල් නැති අයට නොව, ඒ හැම දේම තිබුනත් බෑ කියල හිතාගෙන ඉන්න අයට කියලා ඇය තේරුම් ගන්න පටන් ගත්තා. ආබාධිත කම සිතුවිල්ලක් විතරක් කියලා අවබෝධ කර ගන්න පටන් ගත්තා.

පිලිපීනයේ ඉඳන් වයස විසිතුනේ දී හෙදි සේවයට ඇමෙරිකාවට ආපු ඉනෙස් ජෙසිකාගේ අම්මා.   විලියම් කොක්ස් තාත්තා. මේ දෙදෙනාම දරුවාට ආදරයත් අභිමානයත් ලබා දුන්නා. සෙල්ලම් බඩු ගෙනැවිත් කකුල් දෙක ළඟ තිබ්බා. ඉල්ලන දෙයක් කකුල් දෙක ළඟට දුන්නා. කෙමෙන් ඇය කොන්ඩෙ පීරන්න, කකුලේ ඇඟිලි අතරට පෑන, පැන්සල හිර කරගන්න, පිහියෙන් වැඩක් කරන්න, ඔංචිලි පදින්නත් හුරු උනා.

අම්මා දීපු අගය කිරීම් ජෙසිකාට හැම අභියෝගයක්ම ජය ගන්න උදවුවක් උනා. අවුරුදු තුනේ දීම අම්මා ඇයව ජිම්නාස්ටික් පන්තියට සම්බන්ද කළා. අවුරුදු හයක් වන විට පිහිනීමත්, රංගනයත් පුරුදු වුනා. අම්මා ඇයගේ විශ්වාසය තව තවත් වර්ධනය කරන්න ටයි කොන්ඩෝ ක්‍රීඩාවට යොමු කරනවා. ඇය හතේ පන්තියට එන විට කළු පටි සම්මානය හිමි කරගන්නවා. අද ඇයට තමන්ගේ සියළුම කටයුතු කකුල් දෙක පාවිච්චි කරලා කරගන්න පුළුවන්.

“ආසාවෙන් වැඩක් කරන්න පටන් ගත්තාම ඉවසිල්ල තියනවා නම් ලේසියෙන්ම ඕනිම දෙයක් පුළුවන් වෙනවා” ජෙසිකා අපිටත් කියලා දෙනවා. කෘතීම අත් හඳුන්වා දුන්නත් ස්වභාවිකව ලැබුනු කකුල් දෙක ඊට වඩා පහසු බව ඇය වටහා ගන්නවා. ඇය උපාදියත් සම්පූර්ණ කරලා අභිප්‍රේරණ දේශිකාවක් ලෙස තම වෘත්තිය පටන් ගන්නවා.

ජෙසිකා වාහනයක් පැදීමේ ඕනෑ කම ඇතිව ඒ සඳහා ඉගෙන  ගන්නවා. අත් නැති අය සඳහා විශේෂයෙන් සකස් කළ වාහනයකට වඩා සාමාන්‍ය වාහනයක් පැදවීම ඇයට පහසු වූ නිසා ඇය රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කරන්නේ සාමාන්‍ය වාහන සඳහා. ඇය රියදුරු බලපත් සඳහා වන පරීක්ෂණය ජය ගන්නේ ඉහළම ලකුනු සමගින්. ඒත් හරියටම සුමානයකින් ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවනවා. අතිරේක පරීක්ෂණ දෙකකට මුහුණ දෙන්න ඇයට සිදු වෙනවා.

මේ තත්වයට මුහුණ දුන් ඇයට තම විශ්වාසය වැඩි කර ගන්න අළුත් දෙයක් කරන්න ඕනි වෙනවා. ඇයට මතක් වෙනවා තමන් ගුවනින් ගමන් කරන්න බය බව. ඇයට එම අභියෝගය ජය ගන්න ඕනි වෙනවා. ඒ ඊටත් වඩා විශිෂ්ට ලෙසින්. ඇය ගුවන් නියමු වරියක් වීමේ සහිනයක් මවා ගන්නවා.

පැය හාරසියයක පුහුණුව හා කැප වීම 2008 ඔක්තෝබර් 10 වනදා ලොව පළමු අත් නැති ගුවන් නියමු වරිය ලොවට තිළිණ කරනවා. පිරිමි කෙනෙකුන් හෝ ඊට  කලින් එය කර නැහැ.පැය හාරසියයක පුහුණුව හා කැප වීම 2008 ඔක්තෝබර් 10 වනදා ලොව පළමු අත් නැති ගුවන් නියමු වරිය ලොවට තිළිණ කරනවා. පිරිමි කෙනෙකුන් හෝ ඊට  කලින් එය කර නැහැ.

“නිර්මාණශීලීත්වයත්, නිර්භීත භාවයත්, නොකඩවා කරන කැපවීමත් ඕනෑම සාමාන්‍ය අයෙකු විශිෂ්ටයෙකු කරනවා”. ඇය 2011 වසරේ ලංකාවේ පැවැත්වූ දේශන යේදී කියා සිටියා. 

සිරිකත වඩින නිවස ඔබේ ජීවිතයට ලොකු වෙනසක්

ගෙදර දොර ලස්සනට තියා ගන්න කවුරුත් කැමත්යි. ලස්සන ගෙදරටත් වඩා සිරිකත වඩින්නේ පිලිවෙළට තියෙන පිරිසිදුවට තියෙන ගෙදරටයි. ඔයාගේත් පවුලේ සියළුම දෙනා ගේත් ජීවිතවල ලොකු වෙනසක් දකින්න පුළුවන් කම ඔයාට තියෙනවා. සිරිකත වඩින සුන්දර නිවසක ආලෝකය ඔබේත්, පවුලේ සැමගේත් ජීවිත වලට සැබෑම දිනුමක්.අපිට අද දවසේ තියෙන හොඳම ආරංචිය ඒ වගේ නිවසක් ඔබටත් තනා ගන්න පුළුවන්. අවශ්‍ය පළවෙනි දේ ඔයාගේ ඕන කම. ඒ ඕන කම ඔයා ළඟ තියනවා නම් එන්න ඔයාගේ නිවස සිරිකත වඩින තැනක් කරන්න ලොකු වෙනසක් ඇති කරගන්න.

සිරිකත වඩින නිවසක තියෙන වැදගත්ම ලකුණක් පිළිවෙල. සංවිධානත්මක බව. අපි පොඩ්ඩක් හිතලා බලමු අපේ දිනපතා ජීවිතේ තියෙන අභියෝග. ඔයාට ඕනම වේලවක දිනපතා පාවිච්චි කරන බෙහෙත් ටික තත්පර 10 කට කළින් හොයා ගන්න පුළුවන්ද? මම විශ්වාස කරනවා ඔයා බොහොම පසසුවෙන් කරාවි කියලා. ඒත් නිතර පාවිච්චි කරන්නේ නැති බෙහෙත් වර්ග, හදිසියකට ඕනි කරන අත් බෙහෙත් වර්ග වගේම දොස්තර මහතා බෙහෙත් නියම කරපු තුන්ඩු තත්පර 10කට කලින් හොයා ගන්න පුළුවන් වෙන්න ඕනි. හිතන්න දරුවා බඩේ කැක්කුමෙන් කෑ ගහන වෙලාවට අම්මාට විනාඩි 5ක් යනවා නම් අත් බෙහෙත හොයා ගන්න.

ඔයාගේ නිවසේ ලියුමක් තැපෑලට දාන්න වගේම බැංකුවට යන්න කලින් ඕනි කරන දේවල් එක ළඟ නියමිත තැනක තියෙන කොට ඔයාගෙ වැඩ කොච්චර පහසු වෙනවාද? පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන් ද? හැමදාම ඔබේ සැමියාට, දරුවන්ට ඔවුන්ගේ ඇඳුම් හොයා ගන්න ඔයාගේ සහයෝගය ලබා ගන්න ඕනිද? එහෙමනම්, ඇඳුම් අල්මාරිය පිළිවෙල කර ගන්න එක ඉතාම වැදගත් කටයුත්තක් වෙනවා.

එකම වර්ගයේ ඇඳුම් එකට තියන්න. ඔබ ඇඳුම් එකින් එක අල්ලමින් තෝරන කාලය අඩුකරගන්න ඔයාටම පුළුවන් වෙනවා ඔයාගේ ඒ වගේම ගෙදර අයගේ ඇඳුම් අඳින රටාවල් අඳුර ගන්න උත්සහ කිරීමෙන්. මේස් දෙක එකට ගැට ගහලා තියා ගන්න. කමීස එල්ලලා තියන විට එම කමීසය තෝරා ගන්න යන කාලය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි. පහුගිය මාස 3ට පාවිච්චි කරපු නැති ඇඳුම් හොයා ගන්නත් ලේසියි. කලබල උදයට විතරක් නෙමෙයි, සමහර වෙලාවට හදිසියට නිවසේ සීනුව නාද වෙන විට ගේට්ටුව ළඟට ආපු අමුත්තාව ගෙට ගන්න ප්‍රමාද වෙනවා හවුස් කෝට් එක හොයාගන්න වෙලා ගියාම.

 

පුළුවන් නම් කියන්න – ඔබට අභියෝගයක්

මෙය කිසිම මුදල්මය අයෝජනයක් කරන්නේ නැතුව ප්‍රථිලාභ ගන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්නේ. අළුත් අවස්තා නිර්මාණය වෙනවා සෑම දිනකම. සමහර විට ඔබ නිර්ලෝභීව කෙනෙකුට අද දවසේ දුන්නොත්, ඔහුට අද දවසේ ලැබෙන එකම දෙය මෙය වෙන්නත් පුළුවන්.

ඔබට ලැබෙන්න තිබුනු රැවුමක් අතරමං කරන්නත් මෙයට පුළුවන්. ඔබ මෙය පැළඳගත්තොත්, ඔබ ඇඳන් සිටින පරණ රෙදි පිළි කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය වෙන්නේ නෑ. මෙය වක්‍ර උනත් මෙය ලැබෙන විට සෑම දෙයක්ම සෘජු වේ. කෙනෙකුට රවන්න කලින් මෙයින් එකකින් සංග්‍රහ කරොත් රැවුමෙන් වෙන සියළු හානි නැති වේවි. කුමන භාෂාවක් කතා කරත් සෑම ජාතියකටම පොදු දෙයක්. ඔබ දෙන තුරු  කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති නිසා හොරෙන් ගන්න වත් මිළට ගන්න වත් ණයට ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

The Bathtub Test

During a visit to Angoda hospital, a person asked the Director how do
you determine whether or not a patient should be hospitalised.

“Well,” said the Director, “we fill up a bathtub, then we offer a
teaspoon, a teacup and a bucket to the patient and ask him or her to empty
the bathtub.”

“Oh, I understand,” said the visitor. “A normal person would use the
bucket because it’s bigger than the spoon or the teacup.”

“No.” said the Director, “A normal person would close the tap. Do you want
a bed near the window?”