තව සැරයක් උත්සහ කරන්න

අපි ජීවිතේ කොයි තරම් අළුත් දේවල් පටන් අරන් අතරමග නතර කරලා තියෙනවාද? පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නවත්තන්න අපිට ඕනි තරම් හේතුන් තිබුනා. අපි අපිටම සමාවට හේතු කීවා. හිත හදා ගත්තා. අප්‍රතිහත ධෛර්යය ගැන අපි කොතරම් නම් ඉගෙන ගන්න ඇත්ද? මතකද ගෙවල් 1003කින් ම ප්‍රතික්ෂේප වූ කුකුල් මස් පිගානේ කතාව. හර්ලන්ඩ් සෑන්ඩර්ස් (Colonel Harland Sanders) කොයි තරම් නම් දිරියක් පෙන්නුවාද තමන් විශ්වාස කරපු තමන් ගේ සිහිනය ගැන. ඔහු තමන්ගේ සිහිනය විශ්වාස කළා. තමන් ගේ කුකුළු මස් අළෙවිය ගැන විශ්වාසය නිසා ප්‍රතික්ෂේප වීම් ප්‍රතික්ෂේප කළා. නෝත්‍ර ඩ්‍රැම් විශ්ව විද්‍යාලයේ (Notre Dame University) අළෙවි විශේෂඥ හර්බට් ට්රූ (Herbert True) අඛණ්ඩ උත්සහය පිළිබඳ අපූරූ විශ්ලේෂණය ඉදිරිපත් කළා.

** 44% ක් අළෙවි කරුවන් තම උත්සහය පළමු උත්සහයෙන් පසු අත් හරි.
** 24% ක් අළෙවි කරුවන් තම උත්සහය දෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 14% ක් අළෙවි කරුවන් තම උත්සහය තෙවන උත්සහයෙන් පසු අත් හරි.
** 10% ක් අළෙවි කරුවන් තම උත්සහය සිවුවෙනි උත්සහයෙන් පසු අත් හරි.

මේ සියළු දත්ත පෙන්වන්නේ අපි කොයි තරම් ඉක්මනට උත්සහය අත හරිනවාද යන්නයි. මිනිසුන්ගෙන් 8%ක් විතරයි පස් වතාවක් වත් උත්සහ කරන්නේ. හැබැයි විශිෂ්ඨයන් බිහි වෙන්නේ නොකඩවාම කරන උත්සහය නිසා. මතකද තෝමස් අල්වා එඩිසන් ගේ උත්සහයේ තරම. ලෝ සුපතල කාටූන් ශිල්පී වෝල්ට් ඩිස්නි ගේ කාටූන් දැකපු පුවත් පත් කතු වරුන් මේවා චිත්‍ර දැයි විමසමින් අපහාස කළා. ඒත් ඔහු තමන් ගැන විශ්වාසය නැති කරගත්තේ නැහැ. වැඩක් අසාර්ථක වෙන විට එය අතහැර දමන්න හිතෙනවා තමයි. ඒක සාමාන්‍ය තත්වයක්. හැබැයි ඔබේ සාර්තකත්වය රඳා පවතින්නේ අත් හැර දමන්න හිතෙන හැම විටම තව ටිකක් උත්සහ කිරීමෙන්.

තිලෝ ගුරු බුදුරදුන් බුද්ධත්වය ලබන්න ආසන්න වෙනවිටයි මරඟනන් උන් වහන්සේගේ උත්සහය අඩපන කරන්න උත්සහ කරන්නේ. ජේසු තුමන් ගේ විශ්වාසය බිඳ දමන්න සාතන් කොතරම් උත්සහ කළත් කුරුසයේදීත් උන් වහන්සේගේ අවධානය බිඳ දමන්න අසමත් උනා.

ටයිටැනික් සහ ටර්මිනේටර් චිත්‍රපට කළ සම්මානනීය අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් තමන් ගැන මෙසේ කියයි. මිනිසුන් මා පූර්ණ නිදොස් පුද්ගලයෙකු ලෙස කීවත්, මම නිවරදි වන තුරුම එකම දෙය නැවත නැවතත් කරමි. යමක් සාර්තකවීම පසු පස ඇත්තේ අප්‍රතිහත ධෛර්යයයි.

තව සැරයක් උත්සහ කරන්න, ලොකු ගල් පර්වතයක් හොලවන්න පුංචි දිය දහරකට බෑ. ඒත් පුංචි දිය දරම දිගින් දිගටම ගලන විට ගල් පර්වතය කොයිතරම් විශාල වුනත් ඒ ගල් පර්වතය වෙනස් කරන්න පුළුවන් කම ලැබෙනවා.

මිනිසුන් අත්හැර දමන්න සිතන්නේ එය ජයග්‍රහනය කරා ළඟා වෙනවිටමයි. අත හරින්න හිතෙන හැම වෙලාවේම තව ටිකක් උත්සහ කරන්න බලන්න.

Sarasith by Sanath Gamage

2 responses to “තව සැරයක් උත්සහ කරන්න

  1. 100% true, i hate to admit it, but i too stop attempting things after few attempts.

    But don’t you think that if we attempt throughout our life and still don’t succeed then we wasted our whole life?

Rukshan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න