පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)

ඔයාට හෝම් වර්ක්(Home Work) වලට ගත කරන කාලය අඩකින් අඩු කරලා ටිකක් වැඩිපුර හිනාවෙන් ගතකරන බව හිතා ගන්න. ඔයා කළ යුතු ව්‍යාපෘතියට හොඳ ආරම්භයක් ලබා ගෙන ඉතා හොඳින් නිම කළ හැකි සූත්‍රයක් හොයා ගත්ත බව මවා ගන්න. හිතන්න ඔයා රහස් බලගතු මන්ත්‍රයක් ලැබුනොත් ගැටළු පහසුවෙන් විසඳන්නත්, මතකය වැඩි කරගන්නත්. ඇත්තටම දැන් මේ සිහිනය සැබෑවක් කර ගන්න ඔයාට පුළුවන්. ඒ බලගතු රහස් මංත්‍රය තමයි මතක සිතුවම් කියලා කියන්නේ.

Mind Mapping වලට නියමිත හරි සිංහල වචනයනම් මානසික අනුරූපිත වෙන්න ඕනි. හැබැයි මම මේ සඳහා යොදා ගන්නේ මතක සිතුවම් කියන වචනය. මම ඔබෙන් ඉල්ලනවා හොඳ නමක් යෝජනා කරන්න කියලා.

මොකක්ද ඇත්තටම මේ මතක සිතුවම්?
*** මතක සිතුවම් ඔබට අවශ්‍ය තොරතුරු මතකයට ඇතුල් කරන්නත්, නැවත ලබා ගන්නත් පුළුවන් පහසු ක්‍රමයක්
*** මතක සිතුවම් පාඩම් කිරීමෙ සහ පුණරීක්ෂණය කිරීමේ ඉක්මන් ප්‍රථිපළ පෙන්වන නවීන ක්‍රමයක්
***මතක සිතුවම් අළුත් අදහස් සහ ව්‍යාපෘති වඩා හොඳින් කර ගන්න පුළුවන් ක්‍රමයක්

මතක සිතුවම් කියන්නේ ඔබ ලබා ගන්නා තොරතුරු, වචන, පාට, ඉරි සහ චිත්‍ර මගින් සංවිධානය කරන ඔබේ ධාරණ ශක්තිය වැඩි කරන පහසු උපක්‍රමයක්. මතක සිතුවම් නිසා ඔයාට….
*** පහසුවෙන් මතක තබා ගන්න ,
*** නව අදහස් ඇති කරන්න,
*** හොඳ ප්‍රථිපළ ලබා ගන්න,
*** ඔබේ අදහස් සහ ජීවිතයම ක්‍රමානුකූළ කරන්න පුළුවන් විනෝදාංශයක්.
කොහොම උනත් අන්තිම ප්‍රථිපළය ඔයාගේ විනෝදය වැඩි වීම තමයි.

මතකද අපි කථා කරපු වම් මොළයේ සහ දකුණු මොළයේ වෙනස් කම්. අපිට ඉගෙන ගන්න තියෙන දෙයක සටහන් තබා ගන්න උනාම වැඩි පුර භාවිතා වෙන මොළය මොකක්ද?
බලන්න සටහනක් තියා ගන්න අපිට කරන්න වෙන දේවල්
ඉරි තියන කොළ
ලයිස්තුගත තොරතුරු
වචන
තර්කානුකූල බව
පංති කාමරේත් පේලි වලටම නේද? මොනා හරි දෙයක් මතකයෙන් ගන්න ඕනි උනාම වචනයි අංකයි ඔබ මතකයට නඟා ගන්න උත්සහ කරනවා නේද? මේ හැම එකක්ම වම් මොළයේ දක්ෂතා. ඒ කියන්නේ ඔයා මතකය සඳහා මේ ගතානුගතික ක්‍රම නිසා පාවිච්චි කරන්නේ මොළයේ ශක්තියෙන් හරි අඩක් විතරයි.

හැබැයි මතක සිතුවමක් නිර්මාණය කරන්න පටන් ගත්තාම, ඔයාට ප්‍රධාන අදහස සිතේ තියා ගෙන අතුරු හැම අදහසක්ම එකතු කරගන්න වෙනවා. එහෙම උනාම ඔයාගෙ මොළයේ කොටස් දෙකම පාවිච්චි කරන්නම වෙනවා. එහෙම උනාම ඒ මතකය ඉරා දාන්න හරිම අමාරුයි. එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මොළය හිතන්නේ වර්ණ සහ චිත්‍ර වලින් වීම.

මතකද ඔයාගේ හිත ගත් කෙනෙක්. මොනාද මතක් වෙන්නේ. ඔවු. එයගේ මූණ නේද? හිතන්න මෙහෙම. ඔයාගෙ ගෙදර අත හැරලා ඔයාට පිටරටකට යන්න වෙනවා. ඔයාට ඕනි ගෙදර තියන විදිහ මතක තියා ගන්න. කොහොමද මතක තියා ගන්නේ? සටහනක විදිහටද ලයිස්තුවක් විදිහටද? නෑ නෙද? ඔයා මතක තියා ගන්නේ සිතුවම් වලින්. මේ උපක්‍රමය පාවිච්චි කරාම පඩම් මතක තියා ගන්නත් ඔයාට හොඳට පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් වේවි. ට්‍රයි කරමුද?

අඳින විදිහ ඉගෙන ගන්න කලින් මේ ගැන ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත මතක සිතුවම් කිහිපයක් පෙන්වන්නම්. මේවාගේ අයිතිය හා ගෞරවය ඒ වෙබ් අඩවි සංස්කාරක වරුන්ට හිමි වෙන්න ඕනි.

මෙන්න තවත් මතක සිතුවම් කිහිපයක්

අපි මතක සිතුවම් සකසන විදිහ අපි මීළඟ පාඩමෙන් ඉගෙන ගනිමු.

Sarasith by Sanath Gamage

6 responses to “පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)

  1. බො‍හොම වැදගත් මාතෘකාවක්. හැකියාවක් තියෙනවානම් කිසියම් මාතෘකාවක් අදාළ කරගෙන ප්‍රායෝගිකව මතක සිතුවමක් අඳින හැටි කියලා දුන්නොත් සෑහෙන දෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වේවි.

  2. i tried these system when I was doing AL’s, now I because i’m a medical student don’t have enough time to do min mapping. Usually now I put sticky notes everywhere I can see to remember the important points or points that are harder to remember.

    keep writing, love reading them

  3. THANK YOU. I THINK THIS SYSTEM IS GOOD FOR MY STUDY I TRY TO DO AND SUCCESS MY DREAM..

  4. sasip clz 1ta sir awith apita kiyala dunna dewal nisa mn hitha gatta a vdiyata padam karala,mathaka thiya ganna a pahasuma kramaya anugamanaya karanna oni kiyala…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න