විභාගය ජයගන්න නම්, හොඳින් නිදා ගන්න.

විභාගයක් ඉදිරියේදී තියනවා නම්, මුලින්ම කැප කරන්න වෙන්නේ නින්ද. විභාගය සහ නින්ද අතර තිබෙන්නේ ප්‍රතිලොම සම්බන්දයක්. විභාගයක් ජය ගන්න, ඔබේ බුද්ධි මට්ටම ප්‍රශස්තව තිබිය යුතුයි. විභාගයක් කියන්නේ ඔබ පාඩම් කරපු දේ නැවත ලිවීමක් විතරක් නම්, නිදි මරාගෙන පාඩම් කරලා ඒ ටික සියල්ල විභාග මධ්‍යස්ථානයේදී ලියගන්න පුළුවන්. ජය ගන්නත් පුළුවන්.

ඒත් විභාගයක් කියන්නේ වැමෑරීම නෙමෙයි. විභාගයකදී ගැටළු අවබෝදය සහ විසඳීම අනිවාර්ය වෙනවා. අද අපි ඉදිරියේ දකින්න තියෙන ප්‍රදාන ගැටළුවක් තමයි හොඳින් පාඩම් කරන ළමුන් විභාග වලින් බලාපොරොත්තු වූ තරම් හොඳ මට්ටමක් කරා ළඟා වී නොතිබීම. ඒත් විභාගයක් කියන්නේ වැමෑරීම නෙමෙයි. විභාගයකදී ගැටළු අවබෝදය සහ විසඳීම අනිවාර්ය වෙනවා. අද අපි ඉදිරියේ දකින්න තියෙන ප්‍රදාන ගැටළුවක් තමයි හොඳින් පාඩම් කරන ළමුන් විභාග වලින් බලාපොරොත්තු වූ තරම් හොඳ මට්ටමක් කරා ළඟා වී නොතිබීම. මේ ගැටළුව සඳහා නින්ද සහ බුද්ධිය අතර තියෙන මේ ප්‍රතිලෝම සම්බන්දයත් වග කිව යුතුයි.

නිදි මැරීම බුද්ධි මට්ටම අඩු කරන්න හේතු වන බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබෙනවා. මේ තත්වය අපි ඉදිරියේ වඩාත් වැඩි අභියෝගයක් එල්ල කරනවා. ඒ තිබෙන කාලය වඩාත් හොඳින් පාවිච්චි කිරීම. විභාගය කිට්ටු වෙන්න වෙන්න නින්ද අඩු කළ යුතු නැහැ. විභාගයට පෙර දින අනිවාර්යයෙන්ම හොඳින් නිදා ගත යුතුමයි. මේ සාකච්චාමය වැඩ සටහන මේ පිළිබඳව තව දුරටත් සාකච්චා කරනවා.

2 responses to “විභාගය ජයගන්න නම්, හොඳින් නිදා ගන්න.

  1. ඔව් සර්, අද ගොඩාක් දෙනෙක් විභාගයක් අසමත් වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ විභාගයක් අමාරුයි කියල හිතල විභාගයට තියන බය හින්දම නිදිමරාගෙන පාඩම් කරන එක කියල මම හිතනව.විභාගයට කලින් දවසෙදිත් නොනිදාම පාඩම් කරන එක ගොඩක් දෙනාට පුරුද්දක් වෙලා. සමහර ලමයි නම් මෙහෙම නිදි නැතිව පාඩම් කරන්නෙ දෙමාපියන්ගෙ බල කිරීමකට. එවැනි අවස්ථවලදි ශිෂ්‍යා තුල ඇතිවන මානසික ආතතිය මත විභාගයට නිවැරදි ආකාරයට පිලිතුරු ලබා දීමට හැකියාව ලැබෙන්නෙ නෑ. අනෙක් දේ තමයි අද ගොඩාක් දුරට ටියුෂන් තුලදි සිදුවන දෙයක් තමයි ප්‍රශ්නයත් පිලිතුරත් ගුරුවරයා විසින්ම ලබාදීම.ශිෂ්‍යාගෙන් පිලිතුරක් ලබාගෙන එහි වැරදි නිවැරදි කිරීමක් සිදුවෙනවානම් ගොඩාක් දෙනෙකුට විභාගයක් ජයගන්න පහසුවක් වෙයි කියල මම හිතනවා.එසේ කිරීම තුලින් ශිෂ්‍යාගේ සිතීමේ ශක්තිය වැඩිදියුණු වෙනවා.එමගින් විභාගයකදි ගැටළුවකට ඉතා ඉක්මනින් පිලිතුරු ලබාදීමට හැකියාව ලැබෙනවා.(මෙම ප්‍රතිචාර දක්වන මම කිසිම දිනයක ටියුෂන් නොගොස්, නොනිදා පාඩම් නොකර සියලු විභාග ඉතා සාර්ථක ලෙස ජයගත් කෙනෙක්. මගේ ඉලක්ක සපුරා ගත හැකි අකාරයට මම විභාග ජයලැබුවා.)

    ටියුෂන් කලාවේ වෙනසක් කරමින් විභාගයක් ජයගන්න පහසු අකාරයෙන් හිතන්න පුරුදු කරන සාර්ථක මාවතක පියනගන ගුරුවරයෙක් වීම මාගේ ඉලක්කයයි. සනත් සර්, මා හට මේ මවාතට පියනගන්න ඔබ මට විශාල පිටුවහලක් වුනා.

  2. පින්ග්කිරීම: Tweets that mention විභාගය ජයගන්න නම්, හොඳින් නිදා ගන්න. « සුභ සිතුවිලි -- Topsy.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න