මතක සිතුවමක් සකසමු

ඔබ මතක සිතුවම් පිළිබඳ ලිපිය කියවා මෙය කියවන්න.

ඕන දේවල්

කොළයක්
පාට පෑන්
ඔයාගේ මොළය

කරන විදිහ
1. ඔබේ සටහනේ ප්‍රධාන මාතෘකාවට අදාල සිතුවමක් මැද අඳින්න.

2. සටහනට අදාල ප්‍රධාන අනු මාතෘකා ගනන සොයා ගන්න
අනු මාතෘකා යටතේ තිබෙන කරුනු ගොනු කරන්න ඉඩ තබා ගෙන විකාර හැඩ ඇති මහත ප්‍රධාන අතු අඳින්න. එක එක අත්ත වෙන වෙනම පාටින් අඳින්න මතක තියා ගන්න.ඔන්න ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා මේ අවස්තාවේදී. ඔයාට හිතෙන අතු ගණන නෙමෙයි අඳින්නේ. අදාළ අතු ගණන විතරයි. දැන් ඔයාගේ සිතුවිලි ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා වැඩේට.

3. ප්‍රධාන අනු මාතෘකා වල ලේබලය ඒ අත්තේ හැඩ යටම ලියන්න. ලිවිය යුතු අඩුම ඒත් කියන දේ ගැන හොඳින්ම වැටහෙන වචනය තෝර ගන්න. ප්‍රධාන අතු නියෝජනය කරන්නේ ඔයාගේ සටහනට අදාල ප්‍රධාන මාතෘකායි.

4. අවශ්‍ය උප අතු සාමාන්‍ය ප්‍රමාණයෙන් අඳින්න. ඒවා ලේබල් කරන්න. ඔයාට දැන් හොඳ ඉවක් තියා ගන්න වෙනවා අවශ්‍ය වෙන ඉඩ ගැන.
පුළුවන් හැම ලේබලයකටම ඒ අදහස ඉස්මතු කරන පුංචි චිත්‍රයක් අඳින්න.

5. ඔබට මගහැරුනු කරුණු නැති බව තහවුරු කර ගන්න.

6. අතු විහිඳුවන්න. අළුත් කොළයක වඩාත් නිරවුල්ව සහ සරළව නැවත සිතුවම ගොඩනගන්න. කොළය හරව්න්නේ නැතුව කියවන්න පුළුවන් ලෙසින් ලේබල් කරන්න.

7. නැවත පාඩම් කරන්න ඕනි උනාම ඔබේ මතක සිතුවම ගන්න.

මුළින්ම ඔබ කරන්න කැමතිම දේවල් ගැන මතක සිතුවමක් ගොඩනගන්න. ඔබේ මුහුණ, කොළේ මැද ඇඳලා කැමතිම දේ කියලා ලියන්න. බලන්න ප්‍රධානම මාතෘකාවන්. සතුන් එක මාතෘකාවක් ද? පරිගණක, ක්‍රීඩා, සංගීතය, ඔබේ කැමති දේ ගැන හිතන්න.

එහෙම කරන්න ගියාමත් අපහසුවක් දැනෙනවානම් කැමතිම දේවල් සයක් ගැන විතරක් හිතන්න. දැන් නම් කරන්න. චිත්‍ර අඳින්න. අතු විහිඳුවන්න. සංගීතය එක කැමැත්තක් නම් එහි උප මාතෘකා මොනවාද කියලා හිතන්න. ඔයාට යන්න පුළුවන් අතු ගන්න නිමක් නෑ.
ඔබට අමතකව ගිය කරුණක් නැවත මතක් කරගන්න ඕනි නම්, මතක සිතුවමක් තියෙන මතකයේ ප්‍රමාණයෙන් අඳින්න. බලන්න එවිට නැති වූ මතකය නැවත ලැබෙන විදිහ.

ඔබේ මොළය එකම සරළ රේඛාවක ගමන් කරන්නේ නෑ. ඒ නිසා තමයි ඔයා එක සටහනක් නැවත නැවත කියවලා මතක තියා ගන්න උත්සහ කරන්නේ. එහෙම කළා කියලා අත්වෙන ප්‍රථිපළය එකමයි. ඒක කාලය නාස්ති කිරීමක්.
අපි පුංචි දෙයක් කරලා බලමුද? ඔයා එක ලිපියක් තෝරලා ගන්න. ඒක කියවලා මතක තියා ගන්න බලන්න. ඔයා කියවන්න කියවන්න ඔයාගේ අසරණ මතකය තව ටිකක් මතක තියගන්න උත්සහ කරනවා. දැන් වෙන මාතෘකාවක් තෝරා ගන්න. ඒක ගැන ඔයාට ඔයාගේ මිතුරෙකුට කෝල් කරලා කියන්න වෙනවා. එයාට කියන්න ඕනි දේවල් මතක තියා ගන්න.

බලන්න. ප්‍රතිපලය වෙනස් නේද? මතක සිතුවම් ගොඩනගන්න ඕනි වුනාම ඔයාගේ මතකය වැඩ කරන විදිහ වෙනස්.

අද පටන් ගන්න එක සටහනක් මේ වගේ හදන්න. ඔබට ජය.

ඔබට පුළුවන් ඔබ හදපු මතක සිතුවම් ඔබේ මිතුරන්ටත් පෙන්වන්න. ඔබ එවන සිතුවම් අපි මේ බ්ලොග් එකට එකතු කරන්නම්. එවන්න මේ ලිපිනයට. sanath.gamage@yahoo.com

3 responses to “මතක සිතුවමක් සකසමු

  1. අපූරුයි සනත්! බොහෝ දෙනෙකුට මෙය වැදගත් මාතෘකාවක් වේවි. මේ දේ අන්තර්ජාලයේ කරන්න තියන හොඳම තැනක් විදිහට http://www.mindomo.com කියන අඩවිය නම් කරන්න කැමතියි!

  2. පින්ග්කිරීම: පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping) « සුභ සිතුවිලි

sameera වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න